උතුරු දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බවත්, මෑත කාලේ උතුරු සිදුවූ සිදුවීම් වලට කිසිදු එල්.ටී.ටී.ඊ. (LTTE) ස...
උතුරු දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බවත්, මෑත කාලේ උතුරු සිදුවූ සිදුවීම් වලට කිසිදු එල්.ටී.ටී.ඊ. (LTTE) සාමාජියකු සම්බන්ධවී නොමැති බවත් යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.
යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද(15) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ය.
උතුරේ පුනරුත්තාපනය නොවු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 200 දෙනකු පමණ සිටින බවත්, උතුරේ පසුගිය කාලයේ ඇති වු යම් යම් සිද්ධීන් වලට මොවුන්ගේ සම්බන්ධයක් තිබේද යන්න සහ මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද යන්න මාධ්‍යවේදියකු හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
උතුරේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 1963 දෙනකු සිටින බවත් තවත් 200 දෙනකු පමණ යම් යම් හේතු මත පුනරුත්ථාපනය වී නොමැති බවත් හමුදාපතිවරයා කියා සිටියේය.
එම පිරිස පුනරුත්ථාපනය නොවුවද උතුරේ ඇති වු සිද්ධීන් වලට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයන් ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවද හෙතෙම කියා සිටියේය.
යාපනය මහධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියට පැරණිම එල්.ටී.ටී.ඊ. සාමාජිකයිකු සම්බන්ධ වී සිටියද එම සිද්ධිය අනපේක්ෂිත වු සිදුවීමක් බවද හමුදාපතිවරයා කීය.
බොරු ප්‍රචාරය පිටුපස වෙනත් අරමුණක් :
පුනරුත්තාපනය වුන කිසිම කෙනෙක් මේ වන තුරු නීති විරෝධී දේකට සහභාගී වෙලා නැහැ '' - මේජර් ජෙනරාල් ජානක රත්නායක
මේ අතර, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා ද පැවසුයේ, යාපනයේ පසුගිය දිනවල සිදු වූ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පුනරුත්තාපනය වූ කිසිදු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවට තමන් විශ්වාෂයෙන් හා වගකීමෙන් පවසන බවයි.
පුනරුත්පාන කොමසාරිස් ජනරාල් මේ බව කියා සිටියේ අද (15) වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට කුකුල් පැටවුන් බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල් වරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
‘අපි මේ වෙන කොට පුනරුත්තාපනය කරපු 12,190 කිසිම කෙනෙක් යාපනයේ හෝ උතුරු නැගෙනහිර පලාත්වල ප්‍රචණ්ඩක්කාරි ක්‍රියාවකට හෝ නීතිවිරෝධී වගේම ආණ්ඩු විරෝධි ක්‍රියාවකට සම්බන්ධ වෙලා නැහැ කියලා අපිට වාර්තා අනුවම පෙන්වා දෙන්න පුලුවන්. එකම එක අවස්ථාවක පමණක් දකුණු ප්‍රදේශයේ පමණක් එක් සාමාජිකයෙකු පාතාලයේ සිදුවීමකට සම්බන්ධවෙලා තියනවා එච්චරයි.
ඒ වගෙම තමයි අපිට බැහැ තවත් අයෙකුගේ මනස සම්පූරණයෙන්ම හදන්න. දැන් අපි 12,190 ක් පුනරුත්තාපනය කලාට 100% ක්ම පුනරුත්තාපනය වුනා කිලයල කියන්න බැහැ, ඒක අපි පිළිගත යුතුයි.
නමුත් මම දන්න විදිහට මේ පිරිසෙන් කිසිම කෙනෙක් මේ වන තුරු නීති විරෝධී දේකට සහභාගී වෙලා නැහැ කියල විශ්වාසයෙන් කියන්නේ.
මේ වගේ සිදුවීම් දකුණෙත් වෙනවා. එහෙම එකේ නැවත් එල්.ටී.ටී.ඊය හිස ඔසවනවා කියලා බොරු ප්‍රචාරය කරනවානම් ඒ අයගේ වෙනම න්‍යායක්, අරමුණක් තියෙන්න ඕන.
රට ආපස්සට නොයන්න:
අපි හිතන්න ඕන මිනිස්සුන්ගේ මනසට බොරු ප්‍රචාර නොදමා නැවත රට ආපස්සට නොයන්න කටයුතු කරන්න ඕන,
තවත් පුනරුත්තාපනය නොවූ පිරිස් අපේ සමාජයේ ඉන්න පුලුවන්. නමුත් දැන් යුද්දෙ ඉවර වෙලා වසර 08 ක් වෙනවා. මේ අය මේ සමාජයේ ඉඳලා නිකම්ම පුනරුත්තාපනය වෙලා ඉන්නේ මේ සංවර්ධනය දැකලා මිනිසුන්ගේ වෙනස්වීම් දැකලා ඒ අයට ප්‍රචණඩකාරී නොවී ඉබෙම් යහපත් වෙන්න පුලුවන් කියලයි මම හිතන්නේ’ යයි ඔහු කියා සිටියේය.
මෙම අවස්ථාවට පස්චාත් පුනරුත්තාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාවේ අධ්‍යක්ෂක කර්නල් අසාද් ඉසදීන් මහතා, වව්නියාව පුනරුත්තාපන සම්බන්ධීකරන කාර්යාලයේ අධ්‍යක්ෂක කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
COMMENTS