මීට පෙර FCIDය මඟින් තමන් ප්‍රශ්න කිරීමට ලක් කෙරුණු අවස්ථාවක දී තමන්ට බලපෑම් කළැයි චෝදනා කරමින් ලලිත් ශාන්ත නම් උප පොලිස් පරීක්ෂකවරයකුට...
මීට පෙර FCIDය මඟින් තමන් ප්‍රශ්න කිරීමට ලක් කෙරුණු අවස්ථාවක දී තමන්ට බලපෑම් කළැයි චෝදනා කරමින් ලලිත් ශාන්ත නම් උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව නාමල් රාජපක්ෂ විසින් නඩුවක් පවරා තිබේ. අද එකී ලලිත් ශාන්ත FCIDයේදී නාමල්ට මුණගැසී ඇති අතර නාමල් ඒ අවස්ථාවේදී ඔහුට දිගින් දිගටම බැණ වැදී ඇත. නඩුවකුත් පවතින අවස්ථාවකදී එම ගැටළුව අධිකරණය හමුවේ බේරාගත යුතුව තිබියදී නීතීඥයකුද වන නාමල් වියරුවෙන් මෙන් හැසිරී ඇති අතර සිය පැරණි රාජ ඌෂ්ණය පෙන්වමින් "අපි ආවට පස්සේ බලාගමු. අපි තව මාස කීපෙකින් ආයෙ එනවා. එදාට උඹලා එකෙක්වත් තියන්නේ නෑ" යනුවෙන් තර්ජනය කර ඇත.
කෙසේවෙතත් මේ පිළිබඳව ලලිත් ශාන්ත උප පොලිස් පරීක්ෂකවරයා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී විමර්ශනයක් ද සිදු කිරීමට නියමිතය. රෝහිත තමන්ගේ පාඩුවේ පිළිවෙලට කටයුතු කරගනිද්දී නාමල් කඩාපැන යකා නැටීම ගැන ඔවුන්ගේ ම හිතවතෙකු පවසා තිබුණේ "මූ මේ පාර මල්ලිවත් කොහොම හරි ඇතුළට යවන්නද කොහෙදෝ හදන්නේ" යනුවෙනි. නාමල් අද FCIDය තුළ පමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ ද හිස උදුම්මාගත් ආකාරයෙන් හැසිරී ඇත.
නාමල්ගේ මෙවන් රාජකීය හැසිරීම් සහ උදව් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජනප්‍රිය කතාවක් ද තිබේ. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරේදී පුද්ගල ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නියෝජ්‍ය අමාත්‍යවරයා කලක් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවිය. එසේ සිටියදී පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවක නාමල් රාජපක්ෂ පැමිණ "ආහ් අයියා, නඩුව කවද්ද ?" යනුවෙන් විමසා ඇත. එහිදී "නඩුව නම් තියෙනවා මල්ලි, මට පොඩි උදව්වක් කරපං" යනුවෙන් චොකා මල්ලි පිළිතුරු දී ඇති අතර නාමල් "කියන්න, කියන්න. මොනවද කෙරෙන්න ඕනෙ ? මං එදාට එන්නම්" යනුවෙන් ප්‍රකාශ කර ඇත. ඒ මොහොතේ සියල්ලන් ම බලා සිටියදී චොකා මල්ලි අමාත්‍යවරයා නාමල්ට වඳිමින් "අනේ මල්ලියේ, මට ඇප ගන්න ඕනේ. ලොකූ උදව්වක්. පුළුවන් එදාට නෑවිත් ඉඳපං. උඹව දැක්කොත් මට ඇප හම්බෙන්නෙත් නෑ" යනුවෙන් පවසා ඇත. කියූ පරිදිම නාමල් නොගිය දිනයේ චොකා ඇමතිට ඇප ලැබී තිබේ.
අද සිදුවීමෙන් එක් අතකින් පෙන්නුම් කෙරෙන්නේ තමන්ට අද හෙටම බලය යළි ලැබෙතැයි නාමල්ලා ගාණට ගොනාට ඇඳගෙන ඇති බවය. අනෙක් අතින් පෙන්නුම් කෙරෙන්නේ බලය නැතිදාත් මෙහෙම නම් බලය තිබියදී නාමල්ලා කොතරම් උද්දච්ඡ අන්දමින් හැසිරෙන්නට ඇතිද යන්නය.
COMMENTS