ශ්‍රී ලංකා ක්‍රිකට් පරිහානිය පිළිබඳව සැලකිය යුතු කරුණු රාශියක් සඳහන් කරමින් ජනාධිපති සහ අගමැතිවරයාට භාරදීම සඳහා ඛනිජ තෙල් අමාත්‍ය සහ හිට...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිහානිය පිළිබඳව සැලකිය යුතු කරුණු රාශියක් සඳහන් කරමින් ජනාධිපති සහ අගමැතිවරයාට භාරදීම සඳහා ඛනිජ තෙල් අමාත්‍ය සහ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා විසින් මේ වන විට ලිපියක් සකස් කර තිබේ. එය ඉදිරි දින කිහිපයේදී රටේ වගකිවයුතු පාර්ශ්ව වෙත භාරදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම සහ ක්‍රිකට් පරිපාලනයේ සිදුවන අහිතකර හේතු ඔහුට අනාවරණය වන පරිදි සහ දන්නා පරිදි මෙම ලිපිය සකස් කර ඇති අතර ඉදිරියේදී මෙරට ක්‍රිකට් ජයග්‍රහණය කරවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. අර්ජුන රණතුංග පසුගියදා පවසා සිටියේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීම සඳහා තමාගෙන් ඉටුවිය යුතු සේවයක් කොට සලකමින් අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාරදීමට කටයුතු කරන බවයි.
‘මිනිස්‌සු මම ගැන බලන් ඉන්නවා. අපි ක්‍රිකට්‌වලට මොනව කළත් දැන් ක්‍රිකට්‌වලට වෙන දේ ගැන කනගාටුයි. ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන කාලය හරි. එහෙම නොවුණොත් ක්‍රිකට් නැත්තටම නැති වේවි. ඉතුරු ටික හරි රැකගෙන ඉදිරියට ක්‍රිකට් ගොඩනඟන්න පුළුවන් කෙනෙකුට මේක දැන්ම භාර දෙන්න ඕන. මගේ යුතුකමක් හැටියට මම රටේ වගකිව යුතු පුද්ගලයන්ට මේ ගැන ලිපියක් භාර දෙනවා. ඊට පස්‌සෙ මගේ යුතුකම ඉවරයි.” යනුවෙන් රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ වන විට ලිපිය ටයිප්සෙටින් කර ඇති බවත් එය ඉදිරි දින කිහිපයේදී ජනාධිපති සහ අගමැතිවරයාට භාරදීමට නියමිතව ඇති බවත් වාර්තාවේ. කෙසේ වෙතත් අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් පරිහානිය පිළිබඳව යහපාලන ආණ්‌ඩුවද ප්‍රසිද්ධියේ විවේචනයට බඳුන් කිරීමටද නොපැකිළිව ඉදිරිපත් විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විදෙස් මාධ්‍ය සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත්තේ, ‘අර්ජුන ආණ්‌ඩුවට බැණ බැණ ආණ්‌ඩුවේ ඉන්නෙ නැතිව ඇමැතිකමෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි.’ යනුවෙනි. තවත් මාස හයකින් පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිත අතර ඊට ප්‍රථම ලබන සැප්තැම්බර් 31 වැනිදාට පෙර ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ වටයකින් තොරව සහභාගි වීම සඳහා අවස්‌ථාව සපුරා ගැනීමේ අවදානමකද ශ්‍රී ලංකා කණ්‌ඩායම පසුවේ.

COMMENTS