දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ස්වභාවික වායු බලාගාරයෙන් වසරකට මිලියන පනස්දහසක පාඩුවක්.
Homeප්‍රවෘත්ති

ස්වභාවික වායු බලාගාරයෙන් වසරකට මිලියන පනස්දහසක පාඩුවක්.

PropellerAds

ස්වාභාවික වායු විදුලිබලාගාර ටෙන්ඩර ප්‍රදානය මේ වනවිට රටට අහිතකර සහ රුපියල් මිලියන 50,000 කට වැඩි වාර්ෂික පාඩුවක් ගෙන දෙන ව්‍යාපෘතියක් බවට ...

අනේ අපිට බෙහෙත් දියල්ලා! අපි මැරෙන්න යන මිනිස්සු! වකුගඩු රෝගීන් බෙහෙත් ඉල්ලා වැඳ වැටෙයි! (VIDEO)
ගෑස් පිපිරුම් ගැන ගම්මන්පිලගෙන් හෙලිදරවුවක්.. ‘මකැප්ටන්’ යයි ප‍්‍රබල සැකයක්!
මත්තලින් ඉස්සූ හරක් සෙට් එකක් ඇමති ලේකම් මස් කරන්න හදලා!

ස්වාභාවික වායු විදුලිබලාගාර ටෙන්ඩර ප්‍රදානය මේ වනවිට රටට අහිතකර සහ රුපියල් මිලියන 50,000 කට වැඩි වාර්ෂික පාඩුවක් ගෙන දෙන ව්‍යාපෘතියක් බවට පත්වී ඇතැයි වාර්තා වේ.

මේ ටෙන්ඩරයට අන්තර්ජාතික තරඟකාරී පදනමින් ආයතන 08 ක් ඉදිරිපත්ව තිබූ අතර පළමු අදියරේදී තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ලංසු 06 ක් විවෘත කිරීමටත්, එම ලංසු 06 හි සම්පූර්ණ තාක්ෂණික වාර්තා හා මූල්‍ය වාර්තා ඇගයීමටත් නිර්දේශ කරන තිබුණු බව පැවසේ.

එහෙත් ඒ අතරවාරයේ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව විසින් අත්තනෝමතික අයුරින් SAMSUNG සමාගම විසින් ඉදිරිපත් කළ ලංසුව පමණක් විවෘත කිරීමට කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන් අනතුරුව විෂය භාර අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ, සිදුවූ තත්ත්වයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඉදිරි ටෙන්ඩර් කටයුතු සිදුකරන බවයි.

අමාත්‍යවරයා එසේ කියද්දීත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය. බී.එම්.එස්. බටගොඩ මහතා සහ ජී. එස්. විතානගේ යන නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු 11 වෙනිදා SAMSUNG සමාගමේ ලංසුව පමණක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව හෙළිව තිබේ.

එම අවස්ථාවට SAMSUNG සමාගමට පමණක් ආරාධනා කර තිබූ අතර කෙසේවුවද, මූල්‍ය ලංසුව විවෘත කිරීමේදී එය ටෙන්ඩර් කොන්දේසි උල්ලංගණය කර ඇති බව හෙළිව තිබේ.

SAMSUNG ටෙන්ඩර් රෙගුලාසි වල රෙගුලාසි 04 ක් කඩලා

අදාළ ටෙන්ඩරයේ රෙගුලාසිවලට අනුව ලංසුවට අදාළ මූල්‍ය සහ ගිණුම් තොරතුරුවල මුද්‍රිත පිටපත් සහ පරිගණක පිටපත් ලබාදිය යුතුවේ.

මෙම ටෙන්ඩරයට SAMSUNG සමාගම මුද්‍රිත පිටපක් ඉදිරිපත් නොකර ඇති අතර ලබාදී ඇති මෘදු පිටපත (Soft Copy) ද  ටෙන්ඩර් විවෘත කිරීමේදී විවෘත කරගත නොහැකි වී ඇත.

එම රෙගුලාසි උල්ලංගණය ලංසුකරුවන් එම ටෙන්ඩරයෙන් ඉවත් කිරීමට හේතුවක් වුවත් බටගොඩ සහ විතානගේ දෙපල එම තත්ත්වයද නොසලකමින් මෙගාවොට් 300ක ධාරිතාවයේ ස්වාභාවික විදුලිබලාගාරය ඉදිකිරීමේ එකම සුදුස්සා SAMSUNG සමාගම  පමණක් බව ප්‍රකාශ කරයි.

SAMSUNG සමාගම ඉදිරිපත් කර ඇති මිළ ගණන් අනුව මෙගාවොට් 300ක බලාගාරය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් වැයවන බව දක්වා ඇත.

කෙසේවුවද, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ එම මුදලට මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිකළ හැකි බවයි.

ඕනෑම බලාගාරයක් ඉදිකිරීමේදී ලංකා විදුලිබල මණ්ඩලය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු අතර එහිදී බලාගාර ධාරිතාවය සහ බලශක්ති ධාරිතාව මත අගයන් තීරණය කිරීම සිදුවේ.

බලශක්ති ධාරිතාවය තීරණය කෙරෙනුයේ බලාගාරයේ එක් විදුලි ඒකකයක් ජනනයට වැයවන ඉන්ධන ප්‍රමාණය මත පදනම්වය.

එම තත්ත්වය යටතේ බැලුවද SAMSUNG සමාගම ඉදිරිපත් කර ඇති බලශක්ති ධාරිතාවය ලොව සම්මත ධාරිතාවන්ට වඩා ඉතාමත් අඩු අගයක පවතින බවද විශේෂඥයෝ කියති.

ඒ අනුව කාගේ හෝ අවශ්‍යතාවයකට මහජන බදු මුදලින් ඉදි කෙරෙන මෙම බලාගාරය SAMSUNG සමාගම ඉදිකරයි නම් පවතින මිළ ගණන් යටතේ එක් වසරකට රටට සිදුවන පාඩුව රුපියල් මිලියන 50,000 ක් බව පැවසේ.

එමෙන්ම විදුලි ඒකකයක් උත්පාදනය සඳහා වන වියදම මත පදනම්වද අනාගතයේදී  විදුලි ඒකකයක් උත්පාදනය සඳහා වන මිළ ඉහළ යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු වෘත්තීය සංගමය පෙන්වා දෙයි.

(SLM)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්වභාවික වායු බලාගාරයෙන් වසරකට මිලියන පනස්දහසක පාඩුවක්.
ස්වභාවික වායු බලාගාරයෙන් වසරකට මිලියන පනස්දහසක පාඩුවක්.
http://ift.tt/2vB0To8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_950.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_950.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy