දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රවී අස්වුණු මෙහෙයුමේ උණුසුම් ජවනිකා

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ හෙණ ගෙඩිය හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ හිස මත පතිත වූයේ ඔහු ජනාධිපති විමර්ශන කොමිසමේ සාක...


ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ හෙණ ගෙඩිය හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ හිස මත පතිත වූයේ ඔහු ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි දීමෙන් පසුය. සති අන්ත පුවත්පත්වල වැඩි ඉඩක් වෙන්වූයේ බැඳුම්කර වංචාවට දූෂිතයන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බව හෙළිව ඇති හෙයින් රවි කරුණානායක ගෙදර යා යුතු බවය. මේ හඬ ආණ්ඩුවේ එජාප, ශ්‍රී ලනිප ඇතැම් ඇමැතිවරුන්ගෙන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙන් හා ජනතා විමුක්ති පෙරමුණෙන්ද එල්ලවීමත් සමඟ තත්ත්වය බෙහෙවින් උණුසුම් විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම යෙදී තිබුණේ අඟහරුවාදා (08දා) පෙරවරුවේය. අඟහරුවාදා පුවත්පත්වල හිටපු මුදල් ඇමැතිවරයාට එරෙහිව දැඩි ප්‍රහාර එල්වී තිබිණි. රවිට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාව එදින ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය විය. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් ඊට පක්ෂව ඡන්දය දෙන බව ආණ්ඩුවේ ඇමැතිවරු බොහෝ දෙනකු ප්‍රකාශ කර තිබිණි. ඔවුන් අතර සජිත් ප්‍රේමදාස, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරුද වූහ. ඒකාබද්ධ විපක්ෂය සහ ජවිපෙද විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය දෙන බව සෘජුවම ප්‍රකාශ කළ අතර අස්සන් 50 ඉක්මවූ විශ්වාසභංග යෝජනාව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට භාර දුන්නේය.

මේ සිදුවීමත් සමඟ ආණ්ඩුවේ ඉහළ පුටු රත්වීමට පටන් ගත් බව පැහැදිලි විය. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීම පිළිබඳ සහතිකයක් ආණ්ඩුවට නොවීය. එවැනි පෙළගැස්මක් ආණ්ඩුවේ පැවැත්මට අහිතකර වෙනවා මෙන්ම ඉදිරි නොවැම්බරයේ එන අය වැය ඡන්ද විමසීමටද නරක අන්දමින් බලපාන බවද ආණ්ඩුව දැන සිටියේය. මෙම අසීරු "ගැප්" එක පැනීම සඳහා සුදුසුම විකල්පය වන්නේ රවි කරුණානායක විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම බව ජනාධිපති මෛත්‍රිගේ මෙන්ම අගමැති රනිල්ගේද අදහස විය. එහෙත් රවි කරුණානායක සිටියේ කවර තත්ත්වයක් යටතේ වුවද ඉල්ලා අස්වී අනුන්ගේ පව්වලට කර ගසා තමන්ගේ දේශපාලන අනාගතය විනාශ කර ගන්නේ නැතැයි යන දඩබ්බර තීරණයේය.

පාර්ලිමේන්තුවේදී රවි කරුණානායක හමුවූ මංගල සමරවීර, ජයවික්‍රම පෙරේරා, කබීර් හෂීම් ඇමැතිවරු මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමෙන් පක්ෂයටත්, ඔහුටත් වන හානිය වළක්වා ගත හැකි බව අවධාරණයෙන් කියා සිටියහ. එහෙත් රවි සිටියේ ඊට කිසිදු නම්‍යතාවක් නොදක්වන දරදඬු ස්ථාවරයකය. සිදුව තිබෙන කිසිදෙයකට තමා තනිව වගකිව යුතු නැති බවත් තමා ඉල්ලා අස්වනවා නම් තවත් බොහෝ අය ඉල්ලා අස්විය යුතු බවත් කරුණානායක කියා සිටියේය.
තත්ත්වය යහපත් නොවන තැන අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට කතා කළේය.

"රාජිත රවිගේ සමීප මිතුරා ඔබ මැදිහත්ව තත්ත්වය සමථයකට ගෙන ආ යුතුයි. ඔබට එය කරන්න පිළිවන්" අගමැති කියා ඇත. සෞඛ්‍ය ඇමැතිවරයා ඒ වනවිට සිටියේ කොළඹින් බැහැරවය. කොළඹට පැමිණි වහාම රවි හමුවන බව රාජිත දැනුම් දුන්නේය. මේ අතර තිනියාවල පාලිත හිමියන්ද දුරකතනයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාට කතා කළේය.

"ඔබතුමාට විතරයි කරුණානායක ඇමැතිතුමා ඉල්ලා අස්වීමට එකඟ කරවාගන්න පුළුවන්. ඔබතුමාට මොළයක් හදවතක් වගේම පිටකොන්දක් තිබෙනවා. ඒ නිසා මේ සිදුවෙමින් තිබෙන දේ රවි කරුණානායක මහතාට තේරෙන බාසාවෙන් පහදා දෙන්න" පාලිත හිමියෝ කීහ.

කැබිනට් මණ්ඩල රැස්වීම පැවැති අඟහරුවාදා (08දා) උදෑසන රාජිත, රවි හමුව සිදුවිණි. ඒ රවිගේ නිවෙසේදීය.

"මේ අවස්ථාවේ පක්ෂය ගැන හිතන්න. ඔබේ කීර්ති නාමය ගැන හිතන්න. එක් පියවරක් පිටුපසට ගන්න. එවිට දෙවනවර පියවර දෙකක් ඉදිරියට යන්න පුළුවන්. මේ වෙලාවේ ඔබ ගැන වැරැදි මතයක් නිර්මාණය වී තිබෙනවා. මාධ්‍යවල තද විවේචන යනවා. පොඩ්ඩක් හිතන්න" රාජිත කීවේය.
රවි කරුණානායක කතා කළේ පෞද්ගලික බැංකුවක රිසිට් පත් කිහිපයක්ද පෙන්වමිනි.

"මම හොරකම් කර නිවාස ලබාගන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම මේවා කොමිසමට ඉදිරිපත් කළා. කොමසාරිස්වරු පිළිගත්තත් රජයේ නීතිඥයා ඒවා පිළිනොගෙන තර්ක කළා. එවිට කොමසාරිස්වරු ඔහුට අවවාද කළා. මම මොනව කිව්වත් වැඩක් වුණේ නැහැ.
සාකච්ඡාව අවසන් වූයේ, "මම ඔයාගේ මිතුරෙක් විදියට කියන්නේ අවසන් තීරණයක් ගන්න" රාජිත පැවැසීමෙනි.
එදින දහවල් රවි කරුණානායක රාජිතට දුරකතන ඇමතුමක් ගත්තේය.

"රාජිත මම ඉවත් වෙන්න තීරණය කළා. ඔයා හොඳට දේශපාලනය හැසිරෙන විදිය දන්නවා"
එදින කැබිනට් මණ්ඩල රැස්වීමට රවි කරුණානායක ඇමැතිවරයා ගියේ නැත. ඔහු පැමිණෙන විට ඇමැතිවරුන් කිහිපදෙනකු නැඟිට ගියහොත් ඇතිවන අප්‍රසන්න තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කැබිනට් මණ්ඩල රැස්වීම මඟහැරි බව පෙනිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු එහිදීම ජනාධිපති, අගමැති, රාජිත සේනාරත්න සහ රවි කරුණානායක අතර විශේෂ රහසිගත හමුවීමක් සිදුවිය. එයට පැයක පමණ කාලයක් ගතවිය. එහිදී ජනාධිපතිවරයා මෙසේ පවසා තිබිණි.
"ඔයාට මා ගැන නොයෙකුත් කතා කියා ඇති. නමුත් ඒවායේ සත්‍යතාවක් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයා ගැන මම දන්නෙත් නැහැ. එයාගේ බිරිය බව කියන නිලධාරිනිය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති තනතුරට පත්කළේ චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිතුමිය යෝජනා කළ නිසයි. මා කළේ පත්කිරීම පමණයි. මට ඔයා සමඟ තරහක් නැහැ. අමනාප වෙන්න වුවමනාවකුත් නැහැ. මතුව තිබෙන තත්ත්වය ගැන දේශපාලන තීන්දුවක් ගන්න සිදුව තිබෙනවා."

"මා පිළිබඳව දෙසතියක් තුළ ජනාධිපති තීන්දුවක් ගන්නා බව ලක්ෂ්මන් යාපා ඇමැති මාධ්‍යයට කියා තිබුණා" රවි කීවේය.
"මා ලක්ෂ්මන්ට කිසිවක් පැවැසුවේ නැහැ. ඒක බොරුවක්. එක එක්කෙනා හිතේ තියෙන දේ මාධ්‍යයට කියනවා. සති දෙකකින් විතර මම ලක්ෂ්මන් දැක්කෙත් නැහැ" ජනපති පවසා ඇත.

මෙම සාකච්ඡාව අවසන් වූයේ විදේශ ඇමැති රවි කරුණානායක අස්වීමේ ලිපිය අස්සන් තබා ජනාධිපතිවරයාට භාරදීමෙන් පසුවය.
එහෙත් ඒ අවස්ථාවේදී එය ප්‍රසිද්ධ නොකරන්නටත් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර ඉල්ලා අස්වෙන්නටත් එකඟතාවකට එළැඹී තිබේ.
රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශය සකස් කිරීමේ සාකච්ඡාවක් බදාදා (09දා) පවත්වා ඇති අතර ඊට අගමැති, රවි සහ මාධ්‍ය ආයතන ප්‍රධානියකුද සහභාගි වී ඇත.

බ්‍රහස්පතින්දා (10දා) ප.ව. 1.30ට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ඇමැති රවි කරුණානායක පසුපෙළ මන්ත්‍රි ආසනයක අසුන් ගත්තේය. ඒ අනුව යෝජිත විශ්වාසභංග යෝජනාව ඉවත් කෙරෙන බව කතානායකවරයා දැන්වීය.

දැනගන්නට තිබෙන අන්දමට ඉල්ලා අස්වීමට එකඟතාව පළකරමින් විදේශ ඇමැතිවරයා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු මාස තුනකින් අවසන් කළ යුතුය. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා පත්කළ යුත්තේ වැඩ බලන ඇමැතිවරයෙකි. අමාත්‍යාංශයට රවි කරුණානායක ඇමැතිවරයා විසින් පත්කරන ලද කිසිවකු ඉවත් නොකළ යුතුය. ඇමැති ධුරයෙන් ඉවත් වුවත් ලබාදී ඇති පහසුකම් තවදුරටත් ඒ අයුරින් පැවැතිය යුතුය.

රවි කරුණානායක ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ අවසන් ජවනිකාව පැවැතියේ බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපිටය. ඊට කල් ඇතිව සංවිධානය වී සිටි බව පෙනිණි. හිටපු ඇමැතිවරයා මල්දම් පලඳවා පිළිගත් පිරිස "අපේ නායකයා කරුණානායක" යැයි සටන් පාඨ කීහ.

ආණ්ඩුව විවේචනය කරමින් අනුශාසනාවක් පැවැත්වූ වටරැක විජිත හිමියෝ,

"මෙහෙම ගියොත් බබිත් සුන් බබීගෙ අම්මත් සුන්" යනුවෙන් දේශනා කළහ.

(උදේනි සමන් කුමාර, රංජිත් කුමාර සමරකෝන් ,දෙනගම ධම්මික රණවීර)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28608,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී අස්වුණු මෙහෙයුමේ උණුසුම් ජවනිකා
රවී අස්වුණු මෙහෙයුමේ උණුසුම් ජවනිකා
http://ift.tt/2hSstde
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_935.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_935.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy