උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පලකරමින් ශ්‍රීලනිප මෛත්‍රී පිළට එක්ව තිබේ.ජ...

උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පලකරමින් ශ්‍රීලනිප මෛත්‍රී පිළට එක්ව තිබේ.ජයන්ත මාරසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ප‍්‍රබල සාමාජිකයෙකු වු අතර වත්මන් ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩපිළිවෙළට සහය පළ කරමින් අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාට සහය පලකර තිබේ.
රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනය මෙන්ම ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගනිමින් රටට අවශ්‍ය සංවර්ධනය සිදුකිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීම රටට ආදරය කරන සියලු මහජන නියෝජිතයින්ගේ වගකීම බව මෙහිදී ජයන්ත මාරසිංහ මහතා සදහන් කර තිබේ.
එම වැඩපිළිවෙළට සහය පළකරමින් තවත් විශාල පිරිසක් ඉදිරියේදී ජනාධිපතිතුමා සමග අත්වැල් බැඳගැනීමට සූදානමින් සිටින බව ද ඔහු සදහන් කර තිබේ.
COMMENTS