නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාධාවන අයුරින් දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වන ආකාරය අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති...
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාධාවන අයුරින් දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වන ආකාරය අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා පවසයි.
රවී කරුණානායක මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් යූ.ආර් ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම නොබලා කටයුතු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.
මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතුව තිබුණේ මීට පෙරදී බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මහර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යහපාලනය ශක්තිමත් කිරීම සඳහා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
COMMENTS