වතු බලධාරීන් වත්ත නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා දිනකට නියමිත තේ දළු කිලෝ 18 කැඩීමට නොහැකි වී ඇතැයිද එම නිසා තමන්ට මාසික වැටුප ලැබීමේදි අඩ...
වතු බලධාරීන් වත්ත නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා දිනකට නියමිත තේ දළු කිලෝ 18 කැඩීමට නොහැකි වී ඇතැයිද එම නිසා තමන්ට මාසික වැටුප ලැබීමේදි අඩු පඩියක් ලැබෙන බව උද්ඝෝෂණයේ නියලී සිටි වතු කම්කරුවන් පැවැසීය.
ඊට අමතරව තම වත්තට වතු වෛද්‍ය නිලධාරියෙකු නොමැති බවත් හදිසියේ අසනීපයක් වු විට රෝහලට යෑමට ලොරි රථය නිසි පරිදි ලබා නොදෙන බවත් උද්ඝෝෂණයේ නියලුණු වතු කම්කරුවන් පැවසූහ.
පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් වතු කම්කරුවන් විසින් මෙම උද්ඝෝෂණය එම වත්තේ දළු එකතු කරන මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැය තුනකට අධික කාලයක් සිදු කරන ලදී.
තලවකැලේ-ශාන්ත චන්ද්‍රසිරි
COMMENTS