දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෝකින් බුක්ස් : එරික් ඉලයප්පආරච්චිගේ ‘බැග්ඩෑඩ්‘
Homeප්‍රවෘත්ති

ටෝකින් බුක්ස් : එරික් ඉලයප්පආරච්චිගේ ‘බැග්ඩෑඩ්‘

PropellerAds

මෙය සාමාන්‍යය ආකාරයට කරනු ලබන පොත් ජනගත කිරීමකින් ඔබ්බට ගිය ක්‍රියාවලියකි. පොතෙහි සඳහන් වන කතා වරින් වර තෝරා ගනිමින් ප්‍රධාන කථීකයන් විසින...

තනිව තීන්දු ගන්න ජනාධිපති පෞර්ෂයක් නෑ.. ඔහුට ගැඹුරු දැනුමක් නෑ - රතන හිමි
ශ්‍රී ලංකාව අපෙන් ආධාර ඉල්ලා නෑ - IMF කියයි
රන්ජන්ට නිදහසේ වෙසක් බලන්න චාන්ස් එකක්!
ටෝකින් බුක්ස් : එරික් ඉලයප්පආරච්චිගේ ‘බැග්ඩෑඩ්‘
මෙය සාමාන්‍යය ආකාරයට කරනු ලබන පොත් ජනගත කිරීමකින් ඔබ්බට ගිය ක්‍රියාවලියකි. පොතෙහි සඳහන් වන කතා වරින් වර තෝරා ගනිමින් ප්‍රධාන කථීකයන් විසින් තම කතාවන් පවත්වන ලද අතර මෙවර ප්‍රධාන කථිකයන් වූයේ හෂිත අබේගුණවර්ධන සහ විදර්ශන කන්නන්ගර යන අයයි.
​ඒ අතරතුර පැවති කථිකාවතට එරික් ඉලයප්පආරච්චි මහතා ද සම්බන්ධ වූ අතර ඔහුගෙන් පාඨකයන් විසින් වරන් වර ප්‍රශ්න අසන ලදී. මෙම අවස්ථාව පසුගිය 29 වෙනිදා සූරිය විලේජ්හිදී එළිමහන් භූමියක මෙය පැවැත්වුණි.

මෙම අවස්ථාවට සහභාගී වූ විදර්ශන කන්නන්ගර ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“ මම එරික්ගෙ කෘතිය දකින්නෙ රසිකයෙක් විඳියට. මේ වෙනකොට ඔහුට මම ආසක්ත වෙන්න හේතු වෙන්න හේතු වෙන්නෙ වර්ණනා කළ නොහැකි තරම් වන වර්ණනා විස්තරයයි. විශේෂයෙන්ම ඔහු අතින් විස්තර වෙන කොළඹ නගරය කවිය, කෙටිකතාව,නවකතාව සහ පරිසරය සමඟ සහ එහි අවට ඇති ඉතිහාසය කතාව ඇතුළට උකහා ගනිමින් තමයි ඔහු ඕනෑම රසිකයෙක්ව ග්‍රහණයට ගන්නෙ. අදත් මම ඒ දේ කියන කොට ගොඩ දෙනෙක් ඔළුව වැනුවා. ඒ විශිෂ්ඨත්වය තමයි අපි ඔහුගෙන් දකින්නෙ. ලංකාවේ මාර්ටින් වික්‍රමසිංහ, තිස්ස අබේසේකර ඇතුළු සාහිත්‍යකරුවන් විසින් ගොඩ නගන ලද එක් විශිෂ්ඨ සාහිත්‍යයක් තියෙන්න පුළුවන්..., විශිෂ්ඨ සාහිත්‍යයක් ලංකාවේ ගොඩ නැගෙනවා නම් මොන විඳියකටද ඒක ගොඩ නැගෙන්න ඕන කියන එකේ පරාමිතියක් විදියට. ඒක අනිත් පැත්තෙන් මම දකින්නෙ සිංහල නවකතාව සතුව නැති ඉංග්‍රීසි නවකතාවත්..., ඒ එක්කම කව්රුහරි චයිනමන් සිංහල පරිවර්තනය හා ඉංග්‍රීසි පරිවර්තනය කියවනවා නම් අපි කොළඹ නගරයේ කිසි දිනෙක නොදුටු පරිසරයක් මවා පාන්න සහ ඉතාම සියුම් සංකේත, ඉතාම සියුම් වංගුවක් වගේ විස්තර කරන ආකාරය අපිට එරික්ගෙන් සහ ඉංග්‍රීසි සාහිත්‍යයයෙන් උදුරා ගන්න, ණයට ගන්න හැකි හෝ ප්‍රක්ෂේපණය කළ හැකි ලක්ෂණයක් විඳියට මම එය දකිනවා. “

මෙම අවස්ථාවට සහභාගී වූ විදර්ශන කන්නන්ගර ද ලංකා නිවුස් වෙබ් අඩවිය වෙත තම අදහස් ප්‍රකාශ කළේ මෙසේය.

“ එරික්ගෙ ගොඩක් කෙටි කතා පොත් ආවා. ඒ අතරින් බැග්ඩෑඩ් කියන කෙටි කතා පොතේ සමහර කෙටි කතාවලට මම ගොඩක් කැමතියි. ඒකේ සිසි වන වුවන, ඇබෑර්තු ඇත කියන කතා වලින් එරික් උත්සාහ කරනවා විශේෂයෙන්ම ලංකාවේ මේ මොහොත නැතිනම් අපි ජීවත්වන මේ ජීවිතය යම් කිසි කොලාජ් එකක් විඳියට, ඒ කියන්නෙ මෙටෆ(ර්)ස් විඳියට සාහිත්‍යයට ඇතුළත් කරගන්න. ඒකට හොඳ උදාහරණයක් තමයි එරික්. එරික්ගෙ බැග්ඩෑඩ් කියන කෙටි කතාව උදාහරණයක් විඳියට ගත්තොත් අනුර බණ්ඩාරණායකගෙ පුස්තකාලය එළියට එනවා. එළියට එන ඒ සිද්ධිය එක්ක එයා සම්බන්ධ කරනවා බැග්ඩෑඩ් කෞතුකාගාරයේ කොල්ලයත් සමඟ. ලංකාවේ ප්‍රබුද්ධත්වය කියලා දෙයක් තිබ්බ නම් මේ බිඳ වැටීම ඔස්සේ....,ඊට පස්සෙ පොත් කඩවලට එනවා අනුර බණ්ඩාරණායකගෙ පොත් ටික. ඒ අතර පොත් වලට අනුරාගයෙන් බැඳුණ තරුණයෝ සහ ඒ වගේ පිරිසක් දැන් විසිරිලා ඉන්නවනෙ. ඒගොල්ලො යනවා මේවට ගිහින් ඒ පොත් අරගන්න. එතකොට ඒ අනුර බණ්ඩාරණායක හිටපු ඒ ප්‍රබුද්ධ නූතනත්වයේ උරුමයයි අද දවසේ මේ ප්‍රසිද්ධ ධනේශ්වර දේශපාලනයේ තියෙන පාදඩ උරුමයයි අපත ජීවිතයයි අතරමැද මුකුත් නැහැ. ඒ අතර මැද තියෙන ව්‍යුහයක් නෑ. ඒ කියන්නෙ බැග්ඩෑඩ් වගේ කෙටි කතාවකින් එයා ඒක ලස්සනට පෙන්වනවා. එරික්ගෙ එක්ස්ට්‍රීම් කෙටි කතාවල යම් කිසි විඳියකට කාලය, යුගය සහ ධනවාදය විසින් සංකීර්ණ බවට පත් කරලා තියෙන මිනිස් රූපිකය එරික් කෙටි කතාවට නගනවා. “

මෙම පොත් කියවීම අතරතුර පැමිණ සිටි පාඨකයන් ද අදහස් දැක් වූ අතර අවසානයේ එය විවෘත සංවාදයකින් අහවර වුණි.

සටහන සහ ඡායාරූප
බාසුරු ජයවර්ධන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෝකින් බුක්ස් : එරික් ඉලයප්පආරච්චිගේ ‘බැග්ඩෑඩ්‘
ටෝකින් බුක්ස් : එරික් ඉලයප්පආරච්චිගේ ‘බැග්ඩෑඩ්‘
http://ift.tt/2tTyfgi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy