දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධයේ රංචුවකටම නඩු.
Homeප්‍රවෘත්ති

ඒකාබද්ධයේ රංචුවකටම නඩු.

PropellerAds

ඉදිරි මාස තුනේදී මහාධිකරණ 3කදී විභාගයට රාජපක්ෂ පාලන සමයේදී කෝටි ගණනින් රජයේ මුදල් හා දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණයට යෙදවීමේ චෝදනා සම...

බැසිල්ට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක්. එකපාර ප්‍රාතිහාර්ය පාන්න බෑ, ටික දවසකින් සහන දෙයි - ජගත්
ආණ්ඩුවේ ඉන්නවා නම් ඩබල් ගේම් ගහන්න එපා කියලා නාමල් කිව්වේ විමල්ටද-ශ්‍රීලනිපයටද? (video)
එන්නතෙන් නොමැරී බේරෙනවා විතරයි.. අවදානම එලෙසමයි.. මුව ආවරණ ගලවන්න හිතන්නවත් එපා - සුදර්ශිනී

ඉදිරි මාස තුනේදී මහාධිකරණ 3කදී විභාගයට

රාජපක්ෂ පාලන සමයේදී කෝටි ගණනින් රජයේ මුදල් හා දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණයට යෙදවීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හිටපු මහ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් පස්දෙනකු සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද සමඟ විත්තිකරුවන් තිස්හත්දෙනෙකුට එරෙහිව ඉදිරි මාස තුනේ දී මහාධිකරණ තුනකදී නඩු දහසයක් විභාගයට ගැනීමට නියමිතය. සෙසු විත්තිකරුවන් අතර හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග සහ ඒ මහතාගේ බිරිය මොරීන් රණතුංග, හිටපු පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල, හිටපු මන්ත්‍රී ටිරාන් අලස් යන අය සිටිති.


නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගෙන් කරන ලද විමසීමකදී විත්තිකරුවන්ට අධිචෝදනා ලබා දී තිබෙන බවත්, අදාළ නඩු විභාගයට ගැනීමට දින නියම කර තිබෙන බවත් තහවුරු කළේය.

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඔක්තෝබර් 4 සහ 27, නොවැම්බර් 8 සහ 13 යන දිනවලදී කොළඹ, ගම්පහ මහාධිකරණවලදී නඩු හතරක් විභාගයට ගැනේ.

එම නඩු හතරට අයත් වන්නේ දිවි නැඟුම බැංකුවේ මුදල් බෙදාහැරීම සහ දිවි නැඟුම දෙපාර්තමේන්තුවෙන් ලිත් මුද්‍රණය වෙනුවෙන් සාපරාධි සාවද්‍ය පරිහරණය යටතේ සහ දිවි නැඟුම අරමුදලෙන් ජී. අයි. පයිප්ප මිලදී ගැනීම, උපයාගත් මුදල් හෙළිදරව් නොවන ආකාරයට සුපිරි නිවසක් ඉදිකිරීම යන චෝදනාය.

මේ නඩු හතරට සම්බන්ධ සෙසු විත්තිකරුවන් වන්නේ කිත්සිරි රණවක, වෛද්‍ය නිහාල් ජයතිලක, බන්දුල ආර්. ඒ. ඒ. රණවක, සී. ඩී. කළුආරච්චි, අමිත කිත්සිරි රණවක, ආර්. එම්. එම්. ගුණරත්නහාමි, තිරුකුමාරන් නඩේසන් යන අයයි.

හෙලිකොප් ආයතනය ඇතුළු තවත් දේපළ මිලදී ගැනීමට පිළිගත නොහැකි ආකාරයට මුදල් උපයා ගැනීමට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙම 31දා කොළඹ මහාධිකරණයේදී විභාග වීමට නියමිතය. හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව සාවද්‍ය සාපරාධී මුදල් පරිහරණය සහ කොළඹ හතෙන් නිවසක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබෙන නඩු දෙක කොළඹ මහාධිකරණයේදී සැප්තැම්බර් 15 සහ නොවැම්බර් 20 දා විභාගයට ගැනීමට නියමිතය.

සතොස භාණ්ඩ සාවද්‍ය සාපරාධී පරිහරණය සිදුකිරීමට අදාළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩුව ඔක්තෝබර් 23 දා කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ නලින් රුවන්ජීව, කේ. එම්. මොහිදීන් ෂකීර් යන අයයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දරද්දී ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ බලහත්කාරයෙන් රුපියල් මිලියන පහක මුදලක් පැහැර ගැනීමේ චෝදනාවට අදාළ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී සැප්තැම්බර් 23 දා විභාගවීමට නියමිතය. ඒ මහතාගේ බිරිය ඇතුළුව නරේජ් කුමාර් ෆැරික් සහ ක්‍රිස්ටිනා වනිගසේකර මෙම නඩුවේ සෙසු විත්තිකරුවන්ය.

ව්‍යාපාරික කොටස් වංචා සහගත ලෙස මිලදී ගැනීමට පෑන් ඒෂියා බැංකුව හරහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක මුදලට අදාළ නඩු විභාගය හිටපු පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඔක්තෝබර් 3දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි. මෙහි සෙසු විත්තිකරු වන්නේ සිඩ්නි ජයසිංහ නමැත්තෙකි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහි රාඩා නඩු විභාගය ඔක්තෝබර් 20 දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ ඇන්ටන් එමිල් ලක්ෂ්මිකාන්තන්, රොහාන් සාලිය අබේසිංහ වීරවික්‍රමසූරිය, ජයන්ත ජයස් සමරසිංහ යන අයයි.

විදුලිය සංදේශ නියාමන කොමිසමෙන් රුපියල් මිලියන හයසීයක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය සිදුකිරීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහි නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී මෙම 24 දා තවදුරටත් විභාගවීම සිදුවෙයි. මෙහි සෙසු විත්තිකරු වන්නේ අනූෂ පැල්පිට යන අයයි.

පීපල්ස් ලීසිං සමාගමේ ස්ථාවර තැන්පතුවක් ලෙස පැවැති විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල සාපරාධී සාවද්‍ය පරිහරණයට යෙදවීමට අදාළව කිත්සෙන් බණ්ඩාරනායක, ඩබ්ලිව්. එස්. සුසන්ත, කිංස්ලි චන්දන, දුමින්ද චතුරංග සිල්වා යන විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය සැප්තැම්බර් 20දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධයේ රංචුවකටම නඩු.
ඒකාබද්ධයේ රංචුවකටම නඩු.
http://ift.tt/2wmPv2C
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_825.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_825.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy