ශ්‍රී ලංකාවේ විශාලතම බීර නිෂ්පාදන සමාගම වන ලයන් බෘවරි සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම් 'AA-(lka)' සිට ’A+(lka)’ දක්වා පහත දැමීමට ෆිච් රේට...
ශ්‍රී ලංකාවේ විශාලතම බීර නිෂ්පාදන සමාගම වන ලයන් බෘවරි සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම් 'AA-(lka)' සිට ’A+(lka)’ දක්වා පහත දැමීමට ෆිච් රේටින්ග්ස් සමාගම කටයුතු කර තිබේ.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ අලෙවිය අඩුවීම බවත් මෙහි ඉදිරි දැක්ම ඍණාත්මක බවත් එම සමාගම සඳහන් කරයි.
පවතින පාලකාධිකාරිය විසින් ‘ස්ට්‍රෝං’ බීර සඳහා බදු පැනවීමත් සමග බීර අලෙවිය අඩුවී සැර මත්පැන් අලෙවිය 27%කින් වැඩි වී තිබේ. මේ අනුව මත්පැන් පාරිභෝගිකයන් බීර වෙනුවට කුඩා අරක්කු බෝතල් මිලට ගැනීමට පෙළඹී තිබේ.
ලයන් බෘවරි සමාගමේ අලෙවි පරිමාණයෙන් 75%ක් සමන්විත වන්නේ ‘ස්ට්‍රෝං’ බීර වලිනි.
වසර 2015දී වැඩිකරනු ලැබූ බදු හේතුවෙන් ‘ස්ට්‍රෝං’ බීර ඒකකයක් මත පැනවූ සුරාබදු සැර මත්පැන් ඒකකයක් මත පැනවූ සුරාබදු වලට වඩා වැඩි වීමත් සමග ක්ෂේත්‍රයේ පරිමාණය 2014 - 2016 කාලය අතර කඩාවැටීමකට ලක්ව ඇති බවත් ෆිච් රේටින්ග්ස් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
පසුගිය නොවැම්බරයේ දී බීර කෑන් මත පැනවූ නව බද්දක් හේතුවෙන් පාරිභෝගිකයන් තවදුරටත් සැර මත්පැන් කරා යොමුවී ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙරට විශාලතම අරක්කු නිෂ්පාදන සමාගම් අතර ඩිස්ටිලරීස් කෝපරේෂන් මෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධ ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම ද සිටියි.
(ඉකොනොමි නෙක්ස්ට් ඇසුරෙනි)
COMMENTS