ප්‍රදේශයේ නිවාස හා මාර්ගයන්හි ඇති අපද්‍රව්‍ය මේ ආකාරයෙන් බෝක්කුවක් මගින් මුහුදට එක්වෙන අතර මෙය කාලයක් තිස්සේ පවතින එකක් බවයි ප්‍රදේශයේ ජන...
ප්‍රදේශයේ නිවාස හා මාර්ගයන්හි ඇති අපද්‍රව්‍ය මේ ආකාරයෙන් බෝක්කුවක් මගින් මුහුදට එක්වෙන අතර මෙය කාලයක් තිස්සේ පවතින එකක් බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ .එමෙන්ම ඒ ආසන්නයේ ඇති හම්බන්තොට ගවගාතකාගාරයෙන් බැහැර කරන අපද්‍රව්‍ය ,සත්ව කොටස් ,සත්ව ලේ බොහොමයක් වෙරළට හා මුහුදට එක්වන බව මැනවින් පෙනී යන කරුණකි.
නිරන්තරයෙන් වෙරළට අපද්‍රවය එක්වන නිසා එම අපද්‍රව්‍ය පරිබෝජන්යට පැමිණෙන කපුටන් හා සුනකයින්ද එම ප්‍රදේශය තුල බෙහෙවින් දක්නට ලැබේ .නමුත් කාලයක් තිස්සේ මෙවන් අයුරින් අයුරින් හම්බන්තොට මහුදු තීරය අපවිත්‍ර වුවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවධානයට සැලකිල්ලට එය ලක් නොවීම කනගාටුවට කරුණකි .
ගවගාතකාගාරය තුල ගවයින් මැරීමේදී එය සෞඛ්‍ය පරීක්ෂක මහතුන් විසින් නිරීක්ෂණය කරන ලබන අවස්තාවන්හිදීද මෙම ප්‍රදේශයේ තිබෙන අපවිත්‍රතාවය ඔවුන් හට නොපෙනුනේ කුමක් නිසාද යන්න පරීක්ෂණයකට බාජනය කල යුත්තක් නොවේද ?
වෙරලට හා මහා මුහුදට මෙන්ම එහි සිටින ජීවීන්ගේ සුරක්ෂිත බාවයට මෙය තර්ජනකි නමුත් එවැනි තර්ජනයන්ගෙන් මෙම කලාපයන් සුරක්ෂිත කරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය , වෙරල සංරක්ෂණ හා වෙරලසම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව,මෙන්ම තවත් ආයතන කීපයක්ද පැවතුනත් මෙවැනි ආකාරයෙන් වෙරල හා සාගරය අපවිත්‍ර වීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරක්ෂන්යට හසු නොවීම තුලින් පෙනී යන්නේ එම ආයතන තුල ඇති මන්ද ගාමි ස්වරුපය නොවේද .?
නීතිය 2008 අංක 35 දරණ සමුද්‍ර දුෂණ වැලැක්වීමේ පනත මගින් මුහුදට අපවිත්‍ර දැමීම සම්පූර්ණයෙන්ම තහනම් කටයුත්තකි .එනමුත් යම්කිසි ආයතනයකින් හෝ ස්ථානයකින් මුහුදට අපවිත්‍ර ජලය දානවා නම් අපද්‍රව්‍ය දරාගැනීමේ හැකි තත්වයට පත් කර බලපත්‍රයක් යටතේ එය මුහුදට එක්කිරීමේ හැකියාව පනත මගින් ලබා දී තිබේ නමුත් එම බලපත්‍රය මගින් කිසිසේත් මුහුදට අපවිත්‍ර දැමිය නොහැකිය .ඒසදහා කොන්දෙසිද අදාළ පනත මගින් දමා තිබෙනවා .
මන්දගාමී නිතිය මිට පෙර තංගල්ල කහදමෝදර ප්‍රදේශයේ මුහුදු වෙරල ආසන්නයේ ඇති තරු හතරේ හෝටලයකින් බැහැර කෙරෙන අප ද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම සම්බන්ධයෙන් 2017 මාර්තු මස 05 වනදා දින සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය , වෙරල සංරක්ෂණ හා වෙරලසම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ආයතන දෙක එක්ව පරීක්ෂණයක් ආරම්බ කරත් ඒ වෙනුවෙන් සිදු කරන පරීක්ෂණ කටයුතු මේවනවිටත් සිදුකරමින් පවතී .
මේ සම්බන්ධයෙන් කල විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුනුපලාත් සහකාර කළමනා කාරිනියක් වන රේණුකා රණවිර මහත්මිය ප්‍රකාශකර සිටියේ අදාළ පරික්ෂ කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපියවර සදහා හුංගම පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවයි . හුංගම පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ ඒම වාර්තාව නීති පති උපදෙස් සදහා යවා ඇති බවයි .
මේ ආකාරයෙන් නිතිය මන්දගාමිව ක්‍රියාත්මක වෙද්දී තවත් පසෙකින් සාගරය හා වෙරල විවධ මානව ක්‍රියාවන් හේතුවෙන් සීග්‍රයෙන් විනාශ වියයි .
කුණු මුහුදට දමා පස්වන තැනට කුණු දමා මුහුද අපවිත්‍ර කරන රටවල් අතර ශ්‍රීලංකාව පස්වන ස්ථානයේ පසුවන බව පසුගිය කාලයේ එංගලන්තයේ සඟරාවක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවම් මහතා පවසා සිටි
කුණු දැමීම නිසා මුහුදේ කොරල්පර නිර්මාණය කරන්න දායක වන කොරල් භූබාවා නැමති ජීවියා වදවී යනබවත් මුහුදට කුණු දමන රටවල් අතර ලංකාව පස් වැනි තැන පසුවන බව පසුගිය කාලයේ එංගලන්තයේ සඟරාවක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි
කෙසේනමුත් මේ ආකාරයෙන් මුහුදට කණු දැමීමෙන් එම කුණු සදහා අවුව වැටීමෙන් සිදුවන ප්‍රතික්‍රියා නිසා මීතේන් වායුව නිෂ්පාදනය වෙන්න පුළුවන් බවත් එම නිසා ඇස්මා කියන රෝගිතත්වය මෙන්ම චර්ම රෝග ඇතිවිය හැකිබව ඔහු පෙන්වා දෙයි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS