දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජන දිවිය වනසන උමා ඔය !
Homeප්‍රවෘත්ති

ජන දිවිය වනසන උමා ඔය !

PropellerAds

ඉහළ නිම්නයේ හා පහළ නිම්නයේ ගොවි බිම් අහිමි වන පවුල් සඳහා අඳ ගොවීන් ඇතුළුව උපරිම ගොඩ හා මඩ ඉඩම් අක්කර 2ක් පහළ නිම්නයෙන් ලබා දීමට යෝජනා වී ...

ජන දිවිය වනසන උමා ඔය !

ඉහළ නිම්නයේ හා පහළ නිම්නයේ ගොවි බිම් අහිමි වන පවුල් සඳහා අඳ ගොවීන් ඇතුළුව උපරිම ගොඩ හා මඩ ඉඩම් අක්කර 2ක් පහළ නිම්නයෙන් ලබා දීමට යෝජනා වී තිබුණි. පසුගිය ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා 2102 මයි 30 වන දින ඉදිරිපත් කරන ලද වාරි/ අමා.සං /18/2012 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව මෙම ව්‍යාපෘතියෙන් අවතන වන ජනතාවට වන්දි ලබා දීම හා නැවත පදිංචි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම සංදේශයට අනුව ව්‍යාපෘතිය යටතේ ඉහළ නිම්නයේ පුහුල්පොල,ඩයබරා සහ පහළ නිම්නයේ අලිකොට ආර සහ කුඩා ඔය ජලාශ හතර ඉදිකිරිම සහ හඳපානාගල වැවේ ධාරිතාව වැඩිකිරීම නිසා සෘජුව ජනතාව අවතැන් වීම සිදුවන බවත් ඒ අනුව පුහුල්පොල,ඩයබරා ජලාශ හා උමං මාර්ග ඉදිකිරිම හේතුවෙන් පවුල් 538ක් හා අලිකොට ආර, කුඩා ඔය හා හඳපානාගල සංවර්ධන කටයුතු හේතුවෙන් පවුල් 176ක් බලපෑමට ලක්වන බව හඳුනා ගෙන තිබේ. මේ අතර අඳ ගොවීන් 64 දෙනෙකුගේ පමණ ජීවනෝපාය අහිමි වන අතර පවුල් 280කගේ නිවාස අහිමි වන බව නිර්ණය කර ගෙන තිබේ. ඒ අනුව ඉහළ නිම්නයේ අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු මොරගොල්ල වත්ත,ඩයබරා වත්ත හා මිරහවත්ත ප්‍රදෙශ ආශ්‍රිතව සිදු කිරීමට යෝජනා වී ඇත. පහළ නිම්නයේ අවතැන් වන ජනතාව නයිගල් ආර,තෙලුල්ල,අළුත්වෙල හා සියඹලාගුණේ යන ප්‍රදේශයන්හි නැවත පදිංචි කිරීමට යෝජනා වී ඇත.

වන්දි ලබා දීමට හා නැවත පදිංචි කිරීම සඳහා අනුමැතිය හිමිවූ එම කැබිනට් පත්‍රිකාවට අනුව 1995 ජුනි 15 වැනි දිනට පෙර සිට රජයේ ඉඩම් වල අනවසරයෙන් පදිංචි පුද්ගලයන්, දීර්ඝ කාලයක සිට පදිංචි පුද්ගලයන් හා දීර්ඝ කාලීන කුලී පදනම යටතේ පදිංචි අයද නිවසක් හා වගාවන් සඳහා ඉඩම් ලබා ගැනීමට සුදුසු පුද්ගලයන් ලෙස දක්වා ඇත. ඊට අනු පවුල් හා අඳ ගොවියන්ද ඇතුළත්ය.

නමුත් ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී හා නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේදී නිලධාරීන් විසින් සියලු අනුමැතියන් උල්ලංඝනය කරමින් කටයුතු කරන බව සඳහන්.එම නිලධාරීන් උත්සහ කරන්නේ ජනතාව සේවය කිරීම වෙනුවට ලැබීමට නියමිත වන්දි මුදලෙන් හෝ කොටසක් අහිමි කිරීමට බව ජනතාව සඳහන් කරයි.

උම ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීමේදී සහ බලපෑමට ලක් වන ජනතාවට සහන සැලසීම සඳහා 2012 ජූලි මස 05 වන දින අංක අමප/12/0747/508/018 දරන කැබිනට් පත්‍රිකාව මඟින් ලබා ගත අනුමැතියට අනුව පිහිටා ඇති තක්සේරු කිරීමේ කමිටු හා අභියාචනා කමිටු විනිවිදභාවයකින් කටයුතු නොකරන බවටයි චෝදනා එල්ල වන්නේ. තක්සේරු කිරීමේ කාර්යයේදී නිලධාරීන් සිය අභිමතයට වැඩ කර ඇති බව සඳහන්ය. ඉඩම් අත්පත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලයට ජනතාව මෙම අසාධාරණ තත්ත්වය පිලිබඳ පවසා ඇති නමුත් එම ආයතනයද යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. උමා ඔය බහු කාර්ය යාපෘතිය නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කරනුයේ නිලධාරීන්ගේ හෝ වෙනත් අයෙකුගේ වුවමනාව මත නොවේ. එය සිදු වන්නේ ජාතික ප්‍රතිපත්තියකට යටත්වය. නමුත් පිඩාවට පත් ජනතාව පිළිබඳ බලධාරීන් අඩු අවධානයකින් කටයුතු කිරිම කණගාටුදායක තත්ත්වයකි.

වන්දි ගෙවීම සඳහා තක්සේරු කිරීමේදී පවත්නා වෙළෙඳපොළ මිලගණන් යටතේ වන්දි මුදල් තක්සේරු කිරීම සහ විකල්ප ස්ථානයක පදිංචි වීම දක්වා සිදුවන සියලු වියදම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනය මඟින් ලබා දිය යුතුය. නමුත් මේ පිළිබඳව ජනතාව නිවැරදිව කරුණු නොදන්නාකමින් ඔවුන් දිනෙන් දින පිඩාවට පත්වෙමින් හිඳියි.

දේපල තක්සේරුව නිවැරදිව නොකිරීම මෙන්ම ඒ පිළිබඳ අභියාචනා කිරීමද වළක්වා තිබේ. සිය වාසස්ථාන , ගොවිබිම්, රැකියා සියල්ල අහිමි කිරීම පමණක් නොව ඔවුන්ට සාධාරණය ඉටුකිරීම පවා පසෙක දමා තිබීම කණගාටුදායක කරුණකි. එය ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේද?

ආශිකා බ්‍රාහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජන දිවිය වනසන උමා ඔය !
ජන දිවිය වනසන උමා ඔය !
http://ift.tt/2uSV9EU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_701.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_701.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy