අගමැතිවරයාටද මෙහි වගකීමක් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් කොමිසමේ වාර්තාව නීති පති වෙත යොමු කර අධිකරණය ක්‍රියාවලියකට යන විට ක...
අගමැතිවරයාටද මෙහි වගකීමක් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් කොමිසමේ වාර්තාව නීති පති වෙත යොමු කර අධිකරණය ක්‍රියාවලියකට යන විට කාලය ගත වන නිසා මෙම ආණ්ඩුව සමයේදී බැඳුම්කර වංචාවට සම්බන්ධ දඩුවම් ලැබීම විශ්වාස කළනොහැකි බව හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ සැණින් පරණ හොරකම් වැසිය නොහැකි බවද විජිත හේරත් මහතා කියා සිටියේය. එමෙන්ම විශ්වාසභංග යෝජනාවේදී රවී කරුණානායක මහතාට එරෙහිව ජන්දය දීමෙන් හොරුන් සමඟ එක පෙළට සිට ගැනීමක් නොවන බව හෙතෙම අවධාරණය කළේය.
මෙම විශ්වාසභංග යෝජනාවත් සමඟ මෙතෙක් රට පාලනය කර ඇත්තේ හොරු බවත් ඒ අනුව ජනතාවට අලුතෙන් සිතීමට කාලය පැමිණ ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
https://www.youtube.com/watch?v=PNGBsb1HU-U&feature=youtu.be
COMMENTS