දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අහෝ නිර්මල මරියතුමියනි, මේ අබග්ගය බේරා දෙනු මැනවි!
Homeප්‍රවෘත්ති

අහෝ නිර්මල මරියතුමියනි, මේ අබග්ගය බේරා දෙනු මැනවි!

PropellerAds

මේ පනත් කෙටුම්පත ගෙන ඒමට මුල්වන වෛද්‍යවරුන්ගේ තර්කය, සමස්ත සමාජයේ අවශ්‍යතාවයකි. එසේ නම් කතෝලික සභාව කියන්නේ, ලිංගික අතවරයකදී දූෂකයාගේ ලෙය...

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ!
බල්ලන් බිරුවට තවලම නවතින්නේ නෑ… ඩඩ්ලි සිරිසේන ෆේස් බුක් සටහනක් තබයි!
මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…?අජිත් නිවාඩ් පත්වෙයි ?
අහෝ නිර්මල මරියතුමියනි, මේ අබග්ගය බේරා දෙනු මැනවි!

මේ පනත් කෙටුම්පත ගෙන ඒමට මුල්වන වෛද්‍යවරුන්ගේ තර්කය, සමස්ත සමාජයේ අවශ්‍යතාවයකි. එසේ නම් කතෝලික සභාව කියන්නේ, ලිංගික අතවරයකදී දූෂකයාගේ ලෙයින් උපදින, කුස වැඩෙන කළලය නිසා මව් විඳින මානසික වේදනාවත්, ගර්භනී සමයේ 20වන සතියේදී හඳුනාගත හැකි මාරක ජන්ම විකෘතිතා සහිත කළල නිසා මව මෙන්ම දරුවා ද විඳින වේදනාවත් ලාඳුරු රෝගීන් මෙන් සමාජයක් විසින් බැහැර කළ යුතු බව ද?

ඔවුන්ගේ බසින්ම කියන ආකාරයට කතෝලික සභාව, ජීවිතය ශුද්ධවත් අයිතියක් වශයෙන් අවංකව විශ්වාස කරනවා නම්, ඉහත කී අවස්ථාවලදී මව්ගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ ‘මව් අයිතිය’ ශුද්ධවත් නැතැයි කියා එයින් ඔවුන් අදහස් කරනවාද? ඇත්ත! නිර්මල පිළිසිඳගැනීමකට ලක්වූවා යැයි කියන මරියතුමියට තමුන්නාන්සේලා නිසා ජුසේ එන තෙක් බලාසිටින්නට සිදුවිය. සමාජ පීඩනය විසින් ඇය එම තත්වයට පත් කළ බවට සැකයක් නැත. ඉතින් මව් අයිතිය ගැන ඔබවහන්සේලා සමග කතා කිරීමෙන් පලක් නැත.! ඔබවහන්සේලාට ඒ ගැන කතා කරන්නට අයිතියකුත් නැත!!  

“කෙනෙකුට තවත් කෙනෙකුගේ අයිතියක් රැකදීමට වෙනත් කෙනෙකුගේ අයිතීන් උල්ලංඝනය කළ නොහැක” යනුවෙන් ඔවුන් ඉදිරිපත් කර තිබෙන්නේ ද හද්දා බොළඳ තර්කයකි. මේ ලෝකයේ හැමදාම නීති හැදුණේ බහුතරයේ කැමැත්ත අනුව ය. බහුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීතියක් හදන විට වෙනත් කෙනෙකුගේ අයිතිවාසිකමක් උල්ලංඝනය වීම දෙයියන්නාන්සේටවත් වැළැක්විය නොහැකිය. මේ ගැන ඇස් පියාගෙන ඉදිරිපත් කළ හැකි උදාහරණ එමට ය. සුළු ජන අයිතිවාසිකම් එයින් එකක් පමණි.

 ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාවන් පන්සියයකට වඩා සිදුවේ. දැනට පවතින තත්වය යටතේ ලෝකයම සැලකූ විට වැඩිම ගබ්සා සංඛ්‍යාවක් සිදුවන්නේ විවාහකයන් වෙතිනි. එයින් අදහස් වන්නේ තමන්ට අවශ්‍ය නැති දරුවෙක් ලොවට බිහිකිරීමට, ඔබවහන්සේලා උඩ තියාගෙන කතා කරන පවුල් සංස්ථාව තුළම තීරණ ගැනෙනා බවයි. විවාහකයන් ගබ්සාවන්ට යොමුවන්නේ උපත් පාලන ක්‍රම භාවිතා නොකිරීම හෝ ඒ උපක්‍රම වැරදී ගිය අවස්ථාවලදී ය. මේ අනුව ස්ත්‍රී පුරුෂ සංසර්ගයෙන් ජීවය උපදින හෙයින් සහ ඔබගේ ඇදහිල්ලට අනුව ජීවයක් ඇතිවීම පරම පාරිශුද්ධ කාර්යයක් නම්, අහෝ දෙවියනි, මේ ලෝකයේ තිබෙන සියලු උපත් පාලන ක්‍රම ද කතෝලික විරෝධී ය! නමුත් ඉතින් ඒ ගැන පල්ලිය පරස්පරයැ!  ඒ නිසා ඔබවහන්සේලාට මේ පුංචි ලංකාවේ අසරණියන්ට වින කටින්නේ නැතිව ‘උපත්පාලන ක්‍රම පිටුදකිමු’ හෝ ඉක්බිති ‘ලෝක ජනගහනය මැවුම්කරු සමග ස්වභාවිකව පාලනය කරමු’ වැනි විසාල මාතෘකාවක් අල්ලාගෙන ඒ ගැන ලෝක පරිමාණයෙන් යමක් කළ හැකියි නොවැ..?

ශ්‍රී ලංකා අගරදගුරු සම්මේලනය මෙසේ කියන්නේ, කතෝලික සභාවේ නායකයා වන අතිඋතුම් පාප්වහන්සේ ද ඉක්මවා යමින් වීම මෙහි ඇති ලොකුම හාස්‍යයයි. පාප් වහන්සේ පසුගිය නොවැම්බරයේ පවසා තිබුණේ ගබ්සාවන්ට ලක්වන ස්ත්‍රීන්ට සමාව දිය යුතු බව ය. රෝමානු කතෝලික පූජකවරයට ද එය කළහැකි වන සේ උන්වහන්සේ විසින් එම බලතල දීර්ඝ කර තිබේ. 1960 දශකයේදී අප්‍රිකානු කන්‍යා සොයුරියන් පිරිසක් දුෂණයට ලක්වූ විට සයවන පාවුළු පාප්වහන්සේ ගබ්සාව පවකි යන ස්ථාවරය අත්හැර දැමූ සේක නේද..?

අහෝ කන්‍යා මරියතුමියනි, පිරිමි ප්‍රවේශයක් පවා නොලබා දරුවෙකු බිහිකරන තැනටම මේ කතෝලික සභාව එදා ඔබට වැඩ සැලැස්වූහ. එනිසා දූෂණයට ලක්වීමෙන් පසුව දරුවෙක් බිහිකරන තැනට වැඩ සැලැස්වීම අද ඔවුන්ට සුළු දෙයකි. එදා එසේ ඉපදුණා වූ ඔබේ දේව පුත්‍රයා පවසා තිබෙන්නේ “වෙහෙස වන්නා වූ හෝ බර උසුළන්නා වූ සියල්ලනි, මා වෙත එන්න” කියා ය. ජේසු තුමනි, අන්න, දූෂණයට ලක්වූ ගැබිනියක් සිය දරු ගැබේ බර ඔසවාගෙන දැන් ඔබ අබියස ය. වහාම ඒ බර හෑල්ලු කර දෙනු මැනවි. ඒ දුක් නිරයෙන් ඇය ගළවාගනු මැනවි. නොහැකි නම්, මේ ලෝකයේ ස්ත්‍රී දුෂණ සිදුවන වාරයක් වාරයක් පාසා මතු මතුත් ප්‍රාදුර්භූත වෙමින් දරුවෙක් බඩට නොලැබෙන සේ ප්‍රාතිහාර්යයක් පානු මැනවි.. අහෝ කන්‍යා මරියතුමියනි, නොපමාව මේ අබග්ගයෙන් අප ගළවාගනු මැනවි!

 - ක්‍රිෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අහෝ නිර්මල මරියතුමියනි, මේ අබග්ගය බේරා දෙනු මැනවි!
අහෝ නිර්මල මරියතුමියනි, මේ අබග්ගය බේරා දෙනු මැනවි!
http://ift.tt/2wJuRJV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_609.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_609.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy