දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය මාළු කඩයක්‌ වගේ - ඇමැති විජයදාස අස්‌ගිරි මහනාහිමි හමුවේ කියයි.
Homeප්‍රවෘත්ති

එජාපය මාළු කඩයක්‌ වගේ - ඇමැති විජයදාස අස්‌ගිරි මහනාහිමි හමුවේ කියයි.

PropellerAds

දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීමට තමා විරුද්ධ වීම සාමූහිකත්වය කඩ කිරීමක්‌ යෑයි චෝදනා කරමින්, එක්‌සත් ජාතික පක්‍ෂය හැසිරුණේ මාළු කඩයකදී රණ...

සුහද හදක් ඇති බැංකුවල කැත හදවත විමල් හෙලි කරයි
මල්වාන නිවසේ නඩුව කල්යයි... මුදිත් ජයකොඩි මානසිකව හා ශාරීරිකව අපහසුතාවයෙන් ලු
19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා - ජනපති කැබිනෙට්ටුවට කියයි

දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීමට තමා විරුද්ධ වීම සාමූහිකත්වය කඩ කිරීමක්‌ යෑයි චෝදනා කරමින්, එක්‌සත් ජාතික පක්‍ෂය හැසිරුණේ මාළු කඩයකදී රණ්‌ඩුවන පිරිසක්‌ ලෙස බවත්, ඩී. එස්‌. සේනානායක මහතා ආරම්භ කළ එජාපය මෙයදැයි තමාට හැඟුණු බවත්, බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤණරතන ස්‌වාමීන් වහන්සේ වෙත පවසා සිටියේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවන සංශෝධනයට පාර්ලිමේන්තුවේදී එකඟවීමට අමාත්‍ය මණ්‌ඩලය ඒකමතිකව තීරණය කොට පැය හතළිස්‌ අටක්‌ ගතවීමට මත්තෙන් ඊට විරුද්ධ විය යුතුයි කියා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් තීරණය කොට තිබෙන බවද සාමූහිකත්වය කඩ කිරීම යනු එවන් සිද්ධීන් බවත් අමාත්‍යවරයා මහ නායක හිමියන් හමුවේ ප්‍රකාශ කළේය.

දේශීය සම්පත් විදේශිකයන්ට බදු දීම හෝ විකිණීම අතර වෙනසක්‌ නැති බවත්, තමා නිරතුරුවම රට ගැන සිතා තීරණ ගන්නා බවත් හෙතෙම පැවැසීය.

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පෙරේදා (19 දා) මහනුවර මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්වහන්සේලා බැහැදැකීමට පැමිණි අවස්‌ථාවේදී එසේ පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

2003 දී, සබරගමුව බස්‌නාහිර ඇතුළු ලංකා ගමනාගමන මණ්‌ඩලය රුපියල් මිලියන 860 කට විකිණුවා. නමුත් මම දින ගණනාවක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස්‌ විශාල සටනක්‌ කරලා ලංගමය බේරාගත්තා. ඒ සඳහා රජයේ නීතිඥවරුන් සමඟ තර්ක කළේ අපේ රටට මේ සම්පත් බේරලා දෙන්න ඕනෑ නිසායි. නඩුවේදී මම කතා කළේ සල්ලි ගන්නේ නැතුව. ඒත් රජයේ නීතිඥවරු සල්ලිත් අරන් නඩුවට ඉදිරිපත් වුණේ.

එදා එජාපය රක්‍ෂණ සංස්‌ථාව රුපියල් 125 ක වටිනාකම තිබුණත් බිලියන 6 කට වික්‌කා. එය බේරගන්න මහින්ද රාජපක්‍ෂ මහතා විශාල වෙහෙසක්‌ ගත්තා. මා හට කිසිවකුගෙන් පළිගැනීමේ අවශ්‍යතාවයක්‌ නෑ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය මාළු කඩයක්‌ වගේ - ඇමැති විජයදාස අස්‌ගිරි මහනාහිමි හමුවේ කියයි.
එජාපය මාළු කඩයක්‌ වගේ - ඇමැති විජයදාස අස්‌ගිරි මහනාහිමි හමුවේ කියයි.
http://ift.tt/2wmVYKz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_606.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_606.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy