දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්පැන් මිල ඉහළට - සහල්, මාළු, පිටි ඇතුළු භාණ්ඩ තොගයක මිල වෙනස මෙහෙමයි.
Homeප්‍රවෘත්ති

මත්පැන් මිල ඉහළට - සහල්, මාළු, පිටි ඇතුළු භාණ්ඩ තොගයක මිල වෙනස මෙහෙමයි.

PropellerAds

2017 අගෝස්තු 01 වන දින සිට එනම් අද දින සිට බලපැවැත්වෙන පරිදි ආනයනික තොග ස්ප්‍රීතු සඳහා රුපියල් 25.00 ක තීරු බද්දක් ප්‍රකාශ කිරීමට මුදල් අමා...


2017 අගෝස්තු 01 වන දින සිට එනම් අද දින සිට බලපැවැත්වෙන පරිදි ආනයනික තොග ස්ප්‍රීතු සඳහා රුපියල් 25.00 ක තීරු බද්දක් ප්‍රකාශ කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එසේම ප්‍රතිඅපනයනය කිරීමට හෝ විදේශ මුදල් සඳහා තීරුබදු රහිත සාප්පුවල අලෙවියට තබා ඇති හෝ නොවන, තොග වශයෙන් ආනයනය කරනු ලබන රටබීම සඳහා ද අදාළ බදුවල වෙනසක් සිදුව ඇත.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතය.

මේ අතර රටේ දිස්ත්‍රික් ගණනාවක පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 කට රු. 5000 බැගින් වූ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා දීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ආනයනික සහල් 1kg ක් සඳහා වූ රු.5/-හේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ශත 25 දක්වා අඩු කර තිබේ. සහල් කිලෝවක් සඳහා වන ශත 25හේ මෙම නව බද්ධ 2017 දෙසැම්බර් 31 දින දක්වා බල පැවැත්වේ.

ආනයනික තෙත් මාළු (wet fish) සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.50/-කින් අඩු කර තිබේ. ඒ අනුව ආනයනික මාළු අතරින් තලපත් සහ කොප්පරා මාළු 1kg ක් සඳහා මෙතෙක් පැවති රු.75/- විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 25/- දක්වා අඩු කරනු ලැබ ඇත. ධීවර අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක මෙම නව මිල අඩු කිරීම ඉදිරි මාස තුනක් සඳහා වලංගු වේ.

කුකුළු කෑම නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන බඩ ඉරිඟු සඳහා පැවති ආනයනික තීරු බදු සියල්ල ඉවත් කර බඩ ඉරිඟු 1kgක් සඳහා රු.10/-ක නව විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අද සිට ක්‍රියාත්මක කෙරේ. මෙතෙක් බඩ ඉරිඟු සඳහා 15%ක ආනයන බද්දක්, 15%ක වැට් බද්ධක්, 7.5%ක වරාය හා ගුවන්තොටුපල බද්දක්, 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දක්, 35%ක සෙස් බද්දක් අය කරනු ලැබී ය. මෙම සියලු බදු එකතු කළ විට ආනයනික බඩ ඉරිඟු කිලෝවක් සඳහා මෙතෙක් රු.60/- සිට රු.70/-ක් පමණ මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදු විය. 

ඉදිරි මාස 6ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම සියලු බදු ඉවත් කර ඇති අතර මින් ඉදිරියට බඩ ඉරිඟු සඳහා රු.10/-ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පමණක් අය කරනු ලැබේ. 

ආනයනය කරන ලද පිටි කිලෝවක සෙස් බද්ද රු. 25 සිට රු.15 දක්වා රු.10 කින් අඩුකර තිබේ. එමෙන්ම, තිරිඟු ඇට මත වූ බද්ද කිලෝ 1 ට රු. 9 සිට රු. 6 දක්වා රුපියල් 3 කින් අඩුකර තිබේ.

මේ අනුව, ආනයන බදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩුකරන ලද ඉහත සියළු අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළඳපල මිල ඉදිරි දින වලදී අඩුවනු ඇත. 

පාරිභෝගික ජනතාවට සහන සලසනු පිණිස සහල්, සීනි, අල, ලොකු ලූණු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 47ක් සඳහා වන විවිධ වූ බදු ඉවත් කර ඒ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු රජය විසින් පනවා ඇති අතර මෙම කෘෂි නිෂ්පාදන වෙළෙඳ පොළට එන අවස්ථාවන්හි ගොවියා ආරක්ෂා කිරීම පිණිස මෙම වෙළෙඳ භාණ්ඩ බද්ද ඒ ඒ අවස්ථාවන්හී දී රජය විසින් වැඩි කරනු ලැබේ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්පැන් මිල ඉහළට - සහල්, මාළු, පිටි ඇතුළු භාණ්ඩ තොගයක මිල වෙනස මෙහෙමයි.
මත්පැන් මිල ඉහළට - සහල්, මාළු, පිටි ඇතුළු භාණ්ඩ තොගයක මිල වෙනස මෙහෙමයි.
http://ift.tt/2tUUQsP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy