තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 261 ක් පමණි. පළමු කඩුල්ල සඳහා ලකුණු 74 ක සබ...
තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 261 ක් පමණි.
පළමු කඩුල්ල සඳහා ලකුණු 74 ක සබඳතාවයක් පැවැත්වීමට නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සමත් වුවද පළමු කඩුල්ල බිඳවැටීමෙන් පසු සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කඩුලු ඉක්මනින් දැවී ගියේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 64 ක් ලබාගත් අතර මැතිව්සු සහ කුසල් මෙන්ඩින් ලකුණු 36 බැගින් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී අක්ෂාර් පටෙල්ට කඩුලු 3 ක් හිමි විය. මීට අමතරව බූම්රා, චහාල් සහ කෙදර් ජාදව් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 23 දී බිඳවැටුනේ රෝහිත් ෂර්මා ලකුණු 4 කට දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට කපුගෙදර සමත්වීම හේතුවෙනි. ඉන් අනතුරුව පිටියේ එක්වූ ධවාන් සහ නායක කෝලි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූහ. ධවාන් නොදැවී ලකුණු 132 ක් ලබාගත් අතර කෝලි නොදැවී ලකුණු 82 ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දියානු කණ්ඩායමට ලකුණු 217 ක ඉලක්කය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වූයේ පන්දු වාර 28.5 ක් පමණි.
දෙරට අතර දෙවැනි එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ලබන 24 වැනිදා පැවැත්වේ.
COMMENTS