ඊයේ පළමු දිනය නිමාවන විට කඩුලු 6 කට ලකුණු 329 ක් ලබාගෙන සිටි ඉන්දියානුවන් සියට ඉතිරි කඩුලු 4 අහිමි වෙද්දී තවත් ලකුණු 158 ක් ලකුණු පුවරුවට...
ඊයේ පළමු දිනය නිමාවන විට කඩුලු 6 කට ලකුණු 329 ක් ලබාගෙන සිටි ඉන්දියානුවන් සියට ඉතිරි කඩුලු 4 අහිමි වෙද්දී තවත් ලකුණු 158 ක් ලකුණු පුවරුවට එක්කිරීමට සමත් වූ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 108 ක් ලබා ගනිමින් සිය මංගල ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු අවසන් පිතිකරුවා වූ උමේෂ් යාදව් සමග 10 වැනි කඩුල්ලට ලකුණු 66 ක සබඳතාවයක් පිහිටුවීමට සමත් විය.
පන්දුවෙන් සාර්ථක වූ ලක්ෂාන් සඳකැන් කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.
පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 23 ක් තුළ දවාගැනීමට ඉන්දියානුවන් සමත් වූ අතර එතැන් පටන් කිසිදු පිතිකරුවෙකුට ස්ථාවරවීමට ඔවුන්ගෙන් අවකාශ හිමි නොවීය. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී තරග රටාව කැපී පෙනුණු අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක චන්දිමාල් ලකුණු 48 ක් ලබා ගත්තේය. මීට අමතරව ලකුණු 20 සීමාව ඉක්මවා යාමට සමත් වූයේ නිරෝෂන් දික්වැල්ල පමණි.
ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමට පන්දුවාර 38 ක් පමණක් ප්‍රමාණවත් වූ අතර රවීන්ද්‍ර ජඩේජා වෙනුවට මෙම තරගයට කැඳවා තිබූ කුල්දීප් යාදව් ලකුණු 40 කට කඩුලු 4 ක් බිඳහෙළූ අතර අශ්වින්ට සහ සමීට කඩුලු දෙක බැගින් හිමිවිය.
මේ වනවිට ශ්‍රී ලංකාබ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සිය දෙවැනි ඉනිම සඳහා ක්‍රීඩාංගනයට අවතීර්ණ වී සිටී.
COMMENTS