දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‍පොලිස්පතිට විරුද්ධ වීඩියෝව රහස් ‍පොලීසියෙන්ම එළියට දුන් හැටි.
Homeප්‍රවෘත්ති

‍පොලිස්පතිට විරුද්ධ වීඩියෝව රහස් ‍පොලීසියෙන්ම එළියට දුන් හැටි.

PropellerAds

ශ්‍රී ලංකාවේ 34 වැනි ‍පොලිස්පතිවරයා පත් කිරීමට නියමිත වූ අවස්ථාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊට සුදුසුකම් ලබා සිටියේ  ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස...

මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව 33%යි..
පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…
දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

ශ්‍රී ලංකාවේ 34 වැනි ‍පොලිස්පතිවරයා පත් කිරීමට නියමිත වූ අවස්ථාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊට සුදුසුකම් ලබා සිටියේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරු වූ පූජිත් ජයසුන්දර, එස්.එම්. වික්‍රමසිංහ හා සී.ඩී. වික්‍රමරත්නය. එස්.එම්. වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ යුගයේද ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම තුළ සිවිල් සංවිධාන ඔහු ගැන පසු වූයේ එතරම් කැමැත්තකින් නොවේ. අවසානයේදී ‍පොලිස්පතිවරයා ලෙස ව්‍යවස්ථාදායක සභාව තෝරා ගත්තේ රටුන් අතර ජනප්‍රිය චරිතයක් වූ පූජිත් ජයසුන්දරය. ඔහු ‍පොලිස්පති කිරීම උදෙසා රටේ මතවාදයන් ඇති කිරීමට පෙරමුණ ගත්තේ සමාජ ජාල මාධ්‍යය.

දූෂණය, වංචාව, පිටුදැක යහපත් පාලන තන්ත්‍රයක් පත්කරගැනීම උදෙසා වූ සිවිල් සමාජ බලවේගයද මේ තෝරා ගැනීමට එක හෙළා කැමති වූයේ පූජිත් ජයසුන්දර ‍පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජනප්‍රිය නිලධාරියෙකු වීම නිසාය. එසේ වුවද කණකොකාගේත් සුද පේන්නේ ඉගිලෙන කොටය කීවාක් මෙන් සමාජය තුළ යහපත් ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ‍පොලිස්පති පූජිත් ජයසුන්දර ගැන දැඩි ආන්දෝලනයක් ඉස්මතු වූයේ පසුගිය සතියේ සමාජ ජාල මගින් ප්‍රචලිත වූ වීඩියෝවක් නිසාය. 

එම වීඩියෝවේ සඳහන් වූයේ තවත් නිලධාරියෙකු සමග විදුලි සෝපානය තුළට පිවිසෙන ‍පොලිස්පතිවරයා එහි ක්‍රියාකරුට තර්ජනය කරමින් බැණ වදින ආකාරයත් කමීස කොලරයෙන් අල්ලා සෝපාන බිත්තියට හේත්තු කරන අන්දමත් ඉදිරියට අදින  අන්දමත්ය. ඊටම සමීප තවත් වීඩියෝවක සෝපානයෙන් පිටත සිටින පුද්ගලයෙකුට කම්මුලට ගසන්නට උත්සාහ කරමින් බැණ වදින බවක් දක්නට ඇත.  පිළිගැනීමේ කවුන්ටරයක් අසල කිසිවකුට තර්ජනය කරන අන්දමේ දර්ශනයක්ද මෙම වීඩියෝවට ඇතුළත් විණි. 

සිය යටත් සේවකයන් පාලනය කර ගැනීමට යම් විටෙක ප්‍රධානීන්ට අවවාදාත්මක ලෙස කතා කිරීමට සිදුවීම සාමාන්‍ය ක්‍රියාවකි. එය ‍පොලිස්පතිවරයාටද ‍පොදුය. එසේ නමුදු ඉතාම දැහැමි නිවුණු පුද්ගලයකු ලෙස සමාජ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි, හිත එකලස් කර ගැනීමට භාවනා කරන්නැයි සිය නිලධාරීන්ට බණ දෙසන ඔහුගේ මෙම පහර දෙන ස්වරූපයේ වීඩියෝව සමාජ ජාල ක්‍රියාකාරීන් අතර කතාබහට ලක් වූයේ ‍පොලිස්පතිවරයාගේ බලා‍පොරොත්තු වූ දේ එය නොවූ නිසා වන්නට ඇත. 

වඩාත්ම බරපතළ සිදුවීම වන්නේ මේ වීඩියෝ පටයට අදාළ දර්ශනය ‍පොලිස් මූලස්ථානයේ එකක් වීම සහ එය බාහිර පුද්ගලයන් අතට පත්වීමය. නව මහ ‍ලේකම් කාර්යාල ගොඩනැගිල්‍ලේ පිහිටා ඇති ‍පොලිස් මූලස්ථාන කාර්යාල සංකීර්ණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද අයත්වේ. මෙහි කැමරා පද්ධතිවල පාලනය සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බව සඳහන්ය. 

එවන් සූක්ෂ්ම තත්ත්වයන් මත පටිගත වන වීඩියෝ දත්තයන් පිටත සමාජයට පැමිණීම තුළ ප්‍රකට වන්නේ ‍පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඔඩුදුවන පීඩනය බවට සැක මතුවේ. 

මෙම සෝපාන ක්‍රියාකරුට තර්ජනය කරන අවස්ථාව සහ කිසියම් නිලධාරිනියකට පිළිගැනීමේ කවුන්ටරය අසල බැණ වදින සිදුවීමද සමග ප්‍රකට වූ තවත් කාරණයක් වූයේ ඒ අවස්ථාවේම ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ ස්ථානාධිපති ලුඩොවොයික් නම්, බර්ගර් ජාතික නිලධාරියාටද ‍පොලිස්පතිවරයා පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවයි. 

මේ සියලු බැණ වැදීම්වලට හේතුව ලෙස හඳුනාගන්නට ඇත්තේ මෙම ‍පොලිස් නිලධාරීන් ‍පොලීසියේ ෙදෙනික කාර්යාවලිය ආරම්භයේදී කිරීමට නියමිත මානසික සුවතා ක්‍රියාවලියට සම්බන්ධ නොවීමය. ‍පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇති පරිදි උදේ 8.30 සිට 8.45ට දක්වා සියලුම ‍පොලිස් නිලධාරීන් භාවනා කළ යුතු බව සඳහන්ය. ජාතික ගීතය හා ‍පොලිස් ගීතය වාදනය වීමෙන් අනතුරුව ‍පොලිස් නිලධාරීන්ගේ මානසික ඒකග්‍රතාව රඳවා ගැනීම උදෙසා භාවනාවක නිරත විය යුතු බවට චක්‍ර‍ලේඛයක්ද නිකුත් කර තිබේ. ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරන්නේ මෙම නියෝගය කඩ කරන නිලධාරීන් සොයා ‍පොලිස්පතිවරයා ඇතැම්විට පෞද්ගලිකව ගමන් කරන අතර එවන් මොහොතක මේ සිද්ධිය සිදුවී ඇති බවයි. මෙහිදි සිවිල් සේවකයන් සම්බන්ධයෙන් ‍පොලිස්පතිවරයාට එසේ ක්‍රියා කළ හැකිද යන්නද ගැටලුවකි. 

නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නකු ලෙස ප්‍රකට ලුඩොවොයික් රථ වාහන වරදක් සම්බන්ධයෙන් සිය පියාද කූඩුවේ දැමූ අයකු බව කියැවේ. එවැනි නිලධාරියකුට බැණ වැදීම ‍පොලිස්පතිවරයාට කෙතරම් ගැළපේද යන්න ගැටලුවකි. මෙහිදී තමා කතෝලික ලබ්ධිකයෙකු බැවින් භාවනා නොකළේ යැයි ලුඩොවොයික් සඳහන් කළ බව කියැවිණි. කුමන ආගමේ වුවද තමාගේ නියෝගය ඉටු විය යුතු බව පවසමින් ‍පොලිස්පතිවරයා ඔහුට බැණ වැදුණු බවද සඳහන්ය. කෙසේ වුවද කිසියම් ආගමික කටයුත්තකට අදාළව චක්‍ර‍ලේඛ පැනවීම වූ කලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද වේ. මක් නිසාද යත් ආගම ඇදහීම වූ කලි පෞද්ගලික නිදහස් අයිතියක් වන බැවිනි. 

මෙම සිදුවීම අප්‍රේල් මස 11 වන දා සිදු වුවද වීඩියෝව ප්‍රසිද්ධ වන්නේ පසුගිය සතියේය. ඒ අනුව පසුගිය බදාදා දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට විය. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විවිධ පිළිතුරු දුන් අතර ඒවායේ පරස්පරතා මෙන්ම මගහැරීම්ද දක්නට හැකි විය. අවසානයේ හෙතෙම කියා සිටියේ මෙය අපහාසාත්මක වීඩියෝවක් බැවින් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවය. ‍

පොලිස්පතිවරයාගෙන් එවැනි පහරදීමක් වූ බවට සිද්ධියට මුහුණ දුන් සේවකයා පැමිණිලි කර නැති බවද ඔහු තවදුරටත් පැවැසීය. 

කැබිනට් මාධ්‍ය හමුවේදී මේ ගැන අදහස් පළ කළ දයාසිරි ජයසේකර ඇමැතිවරයාද පවසා සිටියේ මේ අවස්ථාවේ මීට පෙර ක්‍රියාත්මක වූ ව්‍යායාම කාලය දුන්නා නම් භාවනාවට වඩා වැදගත් බවය. රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළේ එවන් මොහොතක බෝම්බයක් පිපිරුණොත් අපේ ආරක්ෂාවට වගකියන්නේ කවුද යනුවෙනි. භාවනාවෙන් පසු හොරුන්ද නිදුක් වේවා කියන්න වෙයි කියමින් ඇමැතිවරයාද මාධ්‍යවේදීන්ද සිද්ධිය විහිළුවකට ගෙන යටපත් කළ බවක් පෙනුණි. 

‍පොලිස්පති ධුරය යනු රටේ තිබෙන ප්‍රධානතම තනතුරු කිහිපය අතර සුවිශේෂී ධුරයකි. ‍පොලීසියේ කටයුතු අධීක්ෂණය උදෙසා පිහිටුවා ඇති ජාතික ‍පොලිස් කොමිසමටද ‍පොලිස්පතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමේ බලයක් නොමැති බව එම කොමිසමේ ‍ලේකම් ආරියදාස කුරේ ප්‍රකාශ කර තිබුණි. ඊට හේතුව ‍පොලිස්පතිවරයා පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත බැවිනි. 

ව්‍යවස්ථාදායක සභාව සැදී ඇත්තේ ජනපති හා අගමැතිවරයාගේ නියෝජිතයන් දෙදෙනකු, කථානායක, විපක්ෂ නායක සුලු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනකුගේ සහභාගිත්වයෙනි. ව්‍යවස්ථාදායක සභාවත් මේ ගැන තීරණයක් නොගන්නේ නම් සිදුවන්නේ දේවාලයේ කපුවා එහි කැත කළාට කමක් නැතැයි කීවාක් මෙන් ‍පොලිස්පතිවරයාගේ හැසිරීම සාධාරණීකරණය වී මෙම සිද්ධිය යටපත් වී යාමය.

-මිහිරාන් කරුණාරත්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‍පොලිස්පතිට විරුද්ධ වීඩියෝව රහස් ‍පොලීසියෙන්ම එළියට දුන් හැටි.
‍පොලිස්පතිට විරුද්ධ වීඩියෝව රහස් ‍පොලීසියෙන්ම එළියට දුන් හැටි.
http://ift.tt/2wJ9p7M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_447.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_447.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy