දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘තාරකා බාබා’ සාදු සාදූ!!
Homeප්‍රවෘත්ති

‘තාරකා බාබා’ සාදු සාදූ!!

PropellerAds

ඔහුගේ නම රාම් රහීම් සිං ය. ගුර්මීත් රාම් රහීම් කියා කියන්නේ ද ඔහුටම ය. ‘බාබා ඔෆ් බ්ලින්ග්’ කියා කියන්නේ ද ඔහුටම ය. ඔහු තමන්ව උතුරු ඉන්දිය...

රනිල් අපේක්‍ෂක වුනොත් සජිත් පිලෙන් පිරිසක් ගෝඨාට.. සජිත් අපේක්‍ෂක වුනොත් රනිල් පිලෙන් පිරිසක් ගෝඨාට !
මා ජනාධිපති වුණාම මන්දිරයේ ඉන්නේ නෑ.. කුඩා ගම්මානවල පොඩි මිනිසුන් සමග ජීවත් වෙනවා - සජිත්
හරීන් සදුදා වනතුරු රනිල්ට දින දෙයි.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් රනිල්ගේ නිවසේ අගහරුවාදා සිට උපවාසයක් අරඹයි
‘තාරකා බාබා’ සාදු සාදූ!!

ඔහුගේ නම රාම් රහීම් සිං ය. ගුර්මීත් රාම් රහීම් කියා කියන්නේ ද ඔහුටම ය. ‘බාබා ඔෆ් බ්ලින්ග්’ කියා කියන්නේ ද ඔහුටම ය. ඔහු තමන්ව උතුරු ඉන්දියාවේ ආගමික නායකයෙක් සේ හඳුන්වා ගනී. ඔහු තමන්ව ‘මේන්ටේන්’ කරගන්නා ආකාරය ගැන අදහසක් ලබාගැනීමට ට්විටර් ගිණුම දෙස බැලීම පමණක් ප්‍රමාණවත් වනු ඇත. එහි හැඳින්වීම මෙසේ ය. 
"Spiritual Saint/Philanthropist/Versatile Singer/Allrounder Sportsperson/Film Director/Actor/Art Director/Music Director/ Writer/Lyricist/Autobiographer/DOP"!!! 

ඔහු රෝස පාට සිවුරු පටලවාගෙන සුදු අසෙකු පිට නැගී අහසේ පියඹා යයි. හයේ හතරේ බයික්වල නැගී ඉගිලෙයි. එවිට බැතිමතියෝ මර හඬ දෙමින් ඔහුට වශී වන්නාහ. ගතවූ ඉන්දියානු නිදහස් දිනය දා (අගෝස්තු 15) අවුරුදු 50 ක් ලැබුවද ඔහු ජවසම්පන්න තරුණයෙක් සේ පෙනී සිටින්නට ආසා කරයි. අතිශය බලපෑම් සහගත ප්‍රවර්ධන ව්‍යාපාරයක් හරහා ඔහු ඉන්දියානු සමාජයේ ‘පැහැදිලි පොරක්’ බවට පත්ව සිටියි. 

සාධුගේ ප්‍රතිරූපය ගැන මිස පුද්ගලික විස්තර ලෝකය දන්නේ අඩුවෙනි. රාජස්ථානයේ ඔහු ඉපදී ඇත්තේ ඉඩම් හිමි පියෙකුට දාව ය. පවුලේ එකම දරුවා වූ ඔහු සැප සම්පත් මැද හැදී වැඩෙන්නට ඇතැයි පැවසේ. කටකතාවල හැටියට නම් ඔහු වයස අවුරුදු හතේ සිටම යෝගියෙකි! දේරා සචා සවුදා නමැති ආගමික නොහොත් අධ්‍යාත්මික නිකායේ නායකයා විසින් ඔහුව තෝරාගෙන, හදාවඩා ගෙන ඔහු ව අධ්‍යාත්මික ‘ගුරු ’ කෙනෙකු බවට පත් කළේය. ලොව පුරා විසිරී සිටින නිකායේ අනුගාමිකයන් පිරිස ලක්ෂ 60කට ආසන්න බව කියයි. වයස අවුරුදු 23 දී ගුර්මීත් රාම් සහීම් සිං ‘සමාජ සුබසාධනය සඳහා කැප වූ සංවිධානයක්’ බව කියන මේ නිකායේ නායකත්වයට පත්වූයේය. පසුව විවාහ දිවියට ද ඇතුළත් වූ ඔහු දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් ලැබුවේය. එම දියණියන් දෙදෙනාට ද දරුවන් සිටියි. එනයින් ඔහු, හරි නම්” සීයා කෙනෙකි. නැත. ඔහු හැසිරෙන්නේ ඊයේ පෙරේදා යොවුන් මදයෙන් මත්වූ තරුණයෙකු ලෙස ය.

 ඔහු රොක් සංගීත ප්‍රසංගවල ගී ගයයි. එනිසා “රොක් ස්ටාර් බාබා’ යනුවෙන් ඔහු ව හැඳින්වෙයි. රිදී තිරයේ ද ඔහු රඟයි. ඒ හැම එකකදීම පාහේ ‘පොර’ චරිත තෝරාගන්නට ඔහු වගබලා ගනියි. ආහාර නිෂ්පාදන සමාගමක් ද ඔහුට හිමි ය. ඒවායින් ඔහු ප්‍රමෝට් කරන්නේ, නවතම විලාසිතාව වන කාබනික සහ ස්වදේශී ආහාර ය. එය අධික ලාභ ලබන ව්‍යාපාරයකි. එම ව්‍යාපාරය ඔහුගේ දරුවන් විසින් පාලනය කෙරේ. 

හැමවිටම දිලිසෙන ඇඳුම් ආයිත්තම් අඳින්නට ප්‍රිය කරන නිසාම ඔහුට ‘තාරකා බාබා’ යැයි ද කියයි. 2014 වසරේදී “මැසෙන්ජර් ඔෆ් ගෝඩ්‘ නමින් තමන්ම රඟපාන චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. එතැන් පටන් චිත්‍රපට තුනක් ඔහු විසින් තනා ඇති අතර, ඒවා ද පෙර පරිදිම ‘වන් මෑන් ෂෝ’ ය. සුපිරි වීරයෙකු හෝ ඇල්ෆා පිරිමියෙකු ලෙස ඔහු එමගින් සිය ප්‍රතිරූපය නංවා ගනියි. ඔහු සිය ආශ්‍රමය පිහිටා තිබෙන හරියානා ප්‍රාන්තයේ සිට පංචකූලා හි අධිකරණය වෙත ආවේ වාහන 100 කින් සමන්විත රථ පෙරහැරක නැගී ය. “කලබල ඇති කරගන්න එපා.. සාමයෙන් ඉන්න...  කොන්දෙ අමාරුවක් තිබුණත් මම අද ආවා..” යැයි උසාවියට යන්නට පෙර ට්විටර් පණිවුඩයක් තබන්නටත් ඔහු අමතක කළේ නැත.   ඔහුගේ සිර්සා දේරා ආශ්‍රමය අක්කර සියයක භූමියක් බව ඔබට සිතාගත හැකිද? වෙනම පාසල් සහ සිනමා ශාලාවක් පවා එහි තිබේ. එය ඔහුගේ රාජධානිය යැයි පැවසීම වඩා නිවැරදි ය. හැම ධාරාවකටම අයත් දූෂිත දේශපාලකයන් ‘නිවාඩු පාඩුවේ විවේක ගන්නට’ එහි ඇදී යාම සුලබ දසුනකි. නමුත් මේ බාබා” කිසිම දේශපාලකයෙකුගේ වේදිකාවකට ප්‍රසිද්ධියේ ගොඩ නොවෙයි. කිසිම දේශපාලකයෙක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා නොකරයි. එය තම තරු රූපයට හානියක් යැයි ඔහු සිතනවා විය යුතුය. නමුත් 2014 වසරේදී මේ තීරණ වෙනස් විය. තම නිකායේ ‘දේශපාලන අංශය’ හර්යානා ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයට ආධාර කරන්නට තීරණය කර ඇතැයි ඔහු නිවේදනය කළේය. 

“දෙවියන්ට සමීප වන්නට නම් වෘෂණ කෝෂ කපාගන්න!!” මේ තාරකා බාබාගේ උපදෙසකි! කෙසේ නමුත් 2002 වසරේදී ඔහු විසින් දේරා සච්චා මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙක් දුෂණය කළ බවට චෝදනා නැගුණේය. මීට අමතරව ආශ්‍රමය තුළ සිදුවූ මිනීමැරුමකට මෙන්ම ඇබිත්තයන් දෙදෙනෙකුට බලයෙන් වෘෂණ කෝෂ කපාගන්නට බල කළ බවට ද ඔහු විරුද්ධව අපරාධ චෝදනා තිබේ.  

ඔහුගේ තීන්දුව දෙන දා චන්දිගාර් හි පන්ච්කූලා නගරය වෙතට හර්යානා, පන්ජාබ් හා රාජස්ථාන් යන ප්‍රාන්තවල වෙසෙන ලක්ෂ 10කට අධික ජනතාවක් කලබල වූහ. ඔහුගේ නඩු තීන්දුව අසන්නට චන්දිගාර් වෙත ලක්ෂ 2 ක අනුගාමිකයන් පිරිසක් කුපිත වී එක්රොක් ව සිටියහ. පන්ජාබ් හා හර්යානා ප්‍රාන්තවල දුම්රිය ගමන් වාර ගණනාවක් අවලංගු කරන්නට සිදුවුණේ අනවශ්‍ය කලබල ඇතිවන්නට තිබූ ඉඩ අහුරන්නට ය. මෙම ජනපදවල පාසල් හා විද්‍යාල වසා දැමිණි. ප්‍රාන්ත දෙක මේ වන විටද පවතින්නේ කුණාටුවකට හසුවූ පරිද්දෙනි. අන්ධ භක්තියෙන් පිරුණු ඉන්දියානු සමාජය ඔහු වෙනුවෙන් මරාගන්නට ද පටන් ගෙන තිබේ. ඔවුහු මාධ්‍ය ආයතනවලට ද මේ පුවත පළ කරන්නට එපා යැයි කියමින් පහර දෙති. දේපළ වනසා දමති. වෙඩි තැබීමෙන් හැර මේ කලහකාරීන් මර්දනය කර ගත නොහැකි තත්වයක් මේ වන විට උදා වී තිබේ. මේ ලිපිය ලියැවෙන මොහොත වන විට, මේ දණ්ඩනය අරබයා හටගත් නොසන්සුන්තාවන් නිසා මියගොස් ඇති ගණන 23 කි. ඉදිරියේදී නිසැක වශයෙන්ම ඒ ගණන තවත් ඉහළ යනු ඇත. 2500 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පංජාබ් ප්‍රාන්තය පුරා දැන් පවතින්නේ ඇඳිරි නීතියයි. ගුරු සිටින්නේ හමුදා ආරක්ෂාව යටතේ ය. ඔහුට අධිකරණය විසින් ලබන සඳුදා හෙවත් 28 වැනිදා දඬුවම් නියම කිරීමට නියමිත ය.

 
පැහැදිලිවම මෙය, අපේ කාලයේ 'හොඳම ගේම් කාරයෙකුගේ හොට පැටලුණු අවස්ථාව'කි. දෛවයේ සූදුවෙන් පැරදුණු අවස්ථාවකි. ලවක් දෙවක් නැතිව සූදු කාරයන්ටත් සාදු කියනවුන්ට තාරකා බාබාට සිද්ධ වුණු දෙය හොඳ පාඩමක් වන්නේ එනිසා ය. 


- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘තාරකා බාබා’ සාදු සාදූ!!
‘තාරකා බාබා’ සාදු සාදූ!!
http://ift.tt/2wFwNmC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_445.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_445.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy