"තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා මම. මාව ඉවත් කරලත් නැහැ. මම ඉවත් වුණෙත් නැහැ" යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ම...
"තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා මම. මාව ඉවත් කරලත් නැහැ. මම ඉවත් වුණෙත් නැහැ" යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
තමා පක්‍ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළේ හෝ ඉවත් වුණේ නැත්නම් වෙනත් කවුරුන් හෝ තමන් සභාපති බව පවසා ගැනීම විය නොහැකි බව ද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
කොයි මිනිහද මේ කාලයේ තමන්ගේ තනතුරු පූජා කරන්නේ යැයි හෙතෙම කීය.
එමෙන්ම තමා ඇතුළු රාජපක්‍ෂ පවුලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකරන ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනකුට එරෙහිව ඉදිරියේදී අපහාස නඩු පැවැරීමට කටයුතු කරන බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔහු එසේ කීවේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ කළුතර දිස්ත්‍රික් රණවිරු එකමුතුවේ සාමාජිකයන් සමඟ ඊයේ (21දා) පැවැති හමුවේදීය.
COMMENTS