වතමන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධූරය දැරීමට නුසුදුසු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා...

වතමන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධූරය දැරීමට නුසුදුසු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
“මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුවිය යුතුයි. මහාධිකරණයේ නඩුවක් විභාග කරන්න අවුරුදු 10කුත් මාස 2ක් ගත වන බව නීතිපති දෙපාර්තමේන්තුව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුණා. එය නොවිය යුත්තක්. ඒ ක්‍රමය හොඳයි කියන අමාත්‍යවරයකුට අධිකරණ අමාත්‍යධුරය දරන්න බැහැ. එය සදාචාරාත්මක නැහැ," ඔහු පවසා සිටියා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (17) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
COMMENTS