දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දූෂිතයින්ට දඩුවම් දෙනු, විගණන පනත සම්මත කරනු !
Homeප්‍රවෘත්ති

දූෂිතයින්ට දඩුවම් දෙනු, විගණන පනත සම්මත කරනු !

PropellerAds

  මහත් සේ මල් වෙඩි දමා පෙරහැරේ යෑමට අලියෙක් ගෙන, ඌව පාලනය කළ හැකි හෙණ්ඩුවක් ගැනීමට නොහැකි යහපාලන ආණ්ඩුවක්. මේක පුදුම යහපාලනයක්. පසුගිය ...

බහුතර-සුළුතර තව සති දෙකයි.. මාර්තු 02 පාර්ලිමේන්තු සැසිය අවසන්.. එදිනම රාත‍්‍රි පාර්ලිමේන්තුව විසුරුවයි
‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කෙරේ.. අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ !
ජනාධිපති ගෝටාභය ඇමති නිශාන්තට අමතයි
දූෂිතයින්ට දඩුවම් දෙනු, විගණන පනත සම්මත කරනු !

 

මහත් සේ මල් වෙඩි දමා පෙරහැරේ යෑමට අලියෙක් ගෙන, ඌව පාලනය කළ හැකි හෙණ්ඩුවක් ගැනීමට නොහැකි යහපාලන ආණ්ඩුවක්. මේක පුදුම යහපාලනයක්.

පසුගිය කැබිනට් මණ්ඩලයට මේ පනත ඉදිරිපත් වී තිබෙන නමුත් කිහිප දෙනකුගේ ඉල්ලීම මත මෙය කල් දමා තිබේ. විගණන පනත සම්මත කිරීම පසු පසට ඇද දමන්නෙ, හැට දෙලක්ෂයක් ජනතාව සිය ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට යැවූ සමහර ‘පකිස් බූරු’ මැති ඇමැතිවරුන්මයි.

මෙවැනි වතාවරණයක් යටතේ දැන් තවත් අය හැට දෙලක්ෂයක් ජනතාව නැවැතත් මහ පාරට කැද වමින් සිටී. ඒ තමන් දුර දිග නොසිතා බලයට පත් කළ මිනිසුන්ගෙන් වැඩ කර ගැනීමට බව ඔවුන් කියයි. එම විරෝධතාවයට මුදල් ඇමැති මංගල සමරවීර මහතාද එක් විය. එයින් කියැවෙන්නෙ හැට දෙලක්ෂයක් ජනතාව අංශක එකසිය අසූවක් කැරැක වී නැවැතත් මුල් තැනටම පැමිණි ඇති බව නොවේද?

නියමුවාගේ වැඩ කටයුතු අඩාල කොට වසරකටත් වැඩිය

නව රජය බලයට පත් කළ දෙස්, විදෙස් අති මහත් ජනතාවගේ බලාපොරොත්තුව වූයේ යහපාලනයමයි. යහපාලනයේ බලවත්ම සටන් පාඨය වන්නෙ වංචා සහ දූෂණ වලින් තොර ශී‍්‍ර ලංකාවක් ගොඩ නැගීමයි. එම ගමනේදී විගණන කොමිෂන් සභාව එහි නියමුවා වෙයි. නියමුවාගේ වැඩ කටයුතු අඩාල කොට වසරකටත් වැඩිය.

නව විගණන පනත යටතේ පැවරීමට යෝජිත විගණකාධිපති බලතල සීමා කිරීම සඳහා කැබිනට් ඇමතිවරුන් සැලසුම් කරන බවට දැන් පුවත් පල වෙමින් තිබේ.රාජ්‍ය දේපොළ වලට අලාභ හානී සිදු කරන්නන්ට එම ක්‍රියා පිළිබඳ පෞද්ගලිකව වගකීම පැවරීම සඳහා ජාතික විගණන පනත යටතේ විගණකාධිපතිවරයාට බලතල පැවරේ. එම බලතල සීමා කිරීමට මොවුන් කල්පනා කරයි. රාජ්‍ය විගණනය දුර්වල වීමේ වාසිය තිබෙන්නේ දුෂිතයින්ටයි.

එවැන්නෙකුට පසු ගිය දා සිය අමාත්‍ය ධූරය හැර යන්නට සිදු විය.

විගණකාධිපති බලතල සීමා කිරීමට උවමනාව ඇත්තෙ පාර්ලිමේන්තු සළු පිළි පටලවා ගත් එවැනි කම්බා හොරුන්ට මිස රටේ ජනතාවට නොවේ.

හැට දෙලක්ෂයක් ජනතාව යහපාලන රජයක් පිහිටුවා ගත්තෙ කම්බා හොරුන්ගේ මන දොළ සැපිරීමට නොව තමන් වැටී සිටින අග හිගකම් ගොන්නෙන් නිදහස් වීමටයි.

මේ රටේ සිය දෙනෙකුගෙන් හතළිස් තුන් දෙනෙක්ම දවසට රුපියල් 300ක වත් ආදායමක් නැති අයයි. තමන් බලයේ සිටින්නෙ දහසක් බලාපොරොත්තු සහගත මෙවන් මිනිසුන්ගේ රුධිරයවන් ඡන්දයෙන් බව කවුරු කවුරුත් සිතා ගැනීම යහපත්ය.

මන්ද අහිමි වීමට කිසිවක් නැති මිනිසුන්ට රැක ගැනීමටත් කිසිවක් නැති බව වැටැහී ගියහොත් ඇතිවෙන ප‍්‍රතිවිපාක රටට හිතකර නොවෙනු ඇත. ඒ නිසා,

දූෂිතයින්ට දඩුවම් දෙනු !
විගණන පනත සම්මත කරනු !

යැයි පළමු පෙරමුණ ආණ්ඩුවට බල කර සිටී.

රණවීර පතිරණ
ප‍්‍රධාන ලේකම්
පළමු පෙරමුණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දූෂිතයින්ට දඩුවම් දෙනු, විගණන පනත සම්මත කරනු !
දූෂිතයින්ට දඩුවම් දෙනු, විගණන පනත සම්මත කරනු !
http://ift.tt/2vYnJ9t
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_179.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_179.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy