අදාල සිසුවා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර ටියුෂන් ගුරුවරයා වෙත යවා ඇති අතර විභාග ශාලාව අසල රැඳී සිටි ගුරුවරයා පිළිතුරු දුර...
අදාල සිසුවා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර ටියුෂන් ගුරුවරයා වෙත යවා ඇති අතර විභාග ශාලාව අසල රැඳී සිටි ගුරුවරයා පිළිතුරු දුරකථන මාර්ගයකින් සිසුවාට යවා ඇත. සිසුවා කණෙහි පැළඳ සිටි උපකරණයකින් එම පිළිතුරු අසාගෙන පිළිතුරු පත්‍රයෙහි සඳහන් කර ඇත. වංචාව වසා ගැනීමට සහ අමතර ප්‍රසිද්ධියක් ලබා ගැනීමට එම ටියුෂන් ගුරුවරයා තමන් ඉලක්ක කළ ප්‍රශ්න දෙකක් ම අදාළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙහි ඇතුළත් වී තිබුණු බවට පත්‍රිකාවක් ද මුද්‍රණය කර බෙදා හැර ඇත.
කෙසේවෙතත් මෙම විභාග වංචාව පිළිබඳව තොරතුරු හෙළිදරව් වීමෙන් අනතුරුව ටියුෂන් ගුරුවරයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිවසට යනවිටත් ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබිණි. එහෙත් නිවසේ තිබී රුපියල් ලක්ෂ 10ක මුදලක් CIDය විසින් සොයාගෙන ඇති අතර එම මුදල ගුරුවරයාට ලබා දුන්නේ තමන් බවට සිසුවාගේ පියා පිළිගෙන තිබේ. ඒ අනුව අදාල සිසුවා ද සිසුවාගේ පියා වන පොලිස් රෝහලෙහි වෛද්‍ය, පොලිස් උප සේවයෙහි සහකාර පොලිස් අධිකාරී බංගමආරච්චි ද මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර ටියුෂන් ගුරුවරයා සහ මීට සම්බන්ධ අනෙත් පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ. පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ ජ්‍යේෂ්ට පොලිස් අධිකාරි ශානි අබේසේකර විසිනි.
මේ අතර මෙම සිද්ධිය පාසැල් සිසුවකුගේ බැවින් කුඩා සිදුවීමක් ලෙස සලකා අත්හැර දමන ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම බලපෑම් පැමිණෙන බවට ද වැඩි දුරටත් වාර්තාවේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් පවසන්නේ මෙවන් විභාග වංචාවන් නිසා ශ්‍රී ලංකාවෙහි විභාග සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙහි ප්‍රතිරූපය බිඳ වැටීමට ඉඩ ඇති හෙයින් මෙය බරපතළ තත්වයක් බවයි. එසේම මෙතරම් සිදුවීමක් සිදුවන තුරු විභාග පරීක්ෂකවරුන් කුමක් කළේද යන්න ඔවුහු ප්‍රශ්න කරති.
ජිනේන්ද්‍ර රණසිංහ ටියුෂන් ගුරුවරයාගේ ප්‍රචාරක පත්‍රිකාවත්, ඉලක්කගත ප්‍රශ්නයක් ලෙස ඔහු පෙන්වා දුන් ප්‍රශ්නයත් උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙහි තිබුණු ප්‍රශ්නයත් පහත ඡායාරූප වලින් දැක්වේ.
COMMENTS