දේශපාලන විචාරකයන්ගේ මහත් විවේචනයට ලක්ව ඇති මෙම නිවාඩුවට, ඔහු විසින් හේතු දක්වා තිබෙන්නේ නිව් ජර්සි ජනපදයේ පිහිටා තිබෙන සිය ගොල්ෆ් ක්ලබ් එක...
කෙසේ නමුත් 2004 වසරේ ට්‍රම්ප් විසින් ලියූ Trump: Think Like a Billionaire පොතෙහි මෙසේ සඳහන් වේ. “Don’t take vacations. What’s the point? If you’re not enjoying your work, you’re in the wrong job,” “නිවාඩු ගන්න එපා. මොකක්ද ඒකෙ තේරුම? වැඩ කිරීමෙන් සතුටක් ලබන්න බෑ කියන්නෙ” ඔබ කරන්නෙ වැරදි රස්සාව..” තවද ජනාධිපතිවරණ සමයේදී ඔහු ඔබාමා ගේ හවායි නිවාඩු සහ ගොල්ෆ් නිවාඩු ද නිර්දය ලෙස විවේචනය කළ අයෙකි.
කෙසේ නමුත් මේ වන විට ට්‍රම්ප්, පදවිප්‍රාප්තියෙන් පසුව වැඩිම දීර්ඝ නිවාඩු ගණනක් ලබාගත් ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුවට එක් වෙමින් සිටියි. සමහර ඇමරිකානු ජනමාධ්‍ය විසින් ඔහුව මේ වන විට හඳුන්වන්නේ “වැකේෂන් ප්‍රසිඩන්ට්” යනුවෙනි.
-අමාලි ජයවීර
COMMENTS