හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට.....
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට...මේ මස 17දා පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අවස්ථාව ලැබෙන බැවින් ඒ පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ඉක්මන් නොවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රින් පිරිසකට උපදෙස් දී තිබේ.
මෙවැනි කරුණු සම්බන්ධයෙන් වෙන් වෙන්ව තීන්දු තීරණ ගැනීමට පක්ෂ ව්‍යවස්ථාව අනුව හැකියාවක් නොමැති බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙන්ම එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පවත්වන්නේ එවැනි කරුණු සඳහා වේදිකාවක් සැපයීමට බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
සම්මුතිවාදී රජයක ප්‍රධාන පාර්ශ්වකරුවා වශයෙන් එජාප මන්ත්‍රිවරුන් දැඩි වගකීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති අග්‍රාමාත්‍යවරයා රවි කරුණානායක ඇමැතිවරයා සම්බන්ධයෙන් එජාපය ක්‍රියාකළ ආකාරය නිසා ඒකාබද්ධ විපක්ෂයට එය පාරාවළල්ලක් වී ඇතැයිද සඳහන් කර තිබේ.
COMMENTS