ඉන්දීයාව සහ ශ්‍රීලංකාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමටක්‍රීඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ ...
ඉන්දීයාව සහ ශ්‍රීලංකාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමටක්‍රීඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙනඒම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද ක්‍රීඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බවයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර පැවසුවේ.
එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද ක්‍රීඩාංගණය තුළට රැගෙන ඒම තහනම්. ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇති.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ. මේ අතර ඉන්දීයාව සහ ශ්‍රීලංකාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග සඳහා ආරක්ෂාව දැඩි කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා ලෝලීන් පිරිසක් නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙන්.
කොළඹ ආර්. ඔරේමාදාස ක්‍රීරඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද ආරක්ෂාවට යොදවන බවයි.
එමෙන්ම ප්‍රේක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ආරක්ෂිත කැමරා 100ක් පමණ ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කලේ. යම් උණුසුම්කාරී තත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට කැරළි මර්දන එ්කක සහ පොලිස් ජල ප්‍රහාරක රථ ද යෙදවීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිවුවන එක්දින තරගය හෙට සහ පස්වන එක්දින තරගය ලබන සැප්තැම්බර් මස 03 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පන්දුවාර විස්ස තරගය ලබන සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වෙනවා.

COMMENTS