ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පළාත් සභා මැතිවරණය, පක්‌ෂ විනය කැඩූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීම ඇතුළු කරුණු කිහ...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පළාත් සභා මැතිවරණය, පක්‌ෂ විනය කැඩූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සමස්‌ත ලංකා කාරක සභාව සහ විධායක සභාව අද (28 දා) රාත්‍රි රැස්‌වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වෙන එම විධායක සභාවට සහ සමස්‌ත ලංකා කාරක සභාවට සහභාගි වන ලෙස ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව සියලු සාමාජිකයන් ලිපි මඟින් දැනුවත් කර ඇත.
එහෙත් ඒ සඳහා සහභාගි නොවන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ම කළ විමසීමකදී කියා සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය සහ එක්‌සත් ජාතික පක්‌ෂය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම සම්බන්ධව ද, ලබන 02 වැනිදා පැවැත්වෙන ශ්‍රීලනිප සංවත්සර උළෙල පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
COMMENTS