දිවයින පුරා විසිරී සිටින 3000 කට ආසන්න තැලසීමියා රෝගීන්ගේ ඇට මිදුලු බද්ධ කිරීම සදහා මහනුවර ඉදිකරන රෝහල් සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද...
දිවයින පුරා විසිරී සිටින 3000 කට ආසන්න තැලසීමියා රෝගීන්ගේ ඇට මිදුලු බද්ධ කිරීම සදහා මහනුවර ඉදිකරන රෝහල් සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිරික්ෂණයකට ලක් කරන ලදි.
මහනුවර මහ රෝහලේ සංචාරයක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගොඩනැගිල්ලේ සැලසුම් පරික්ෂා කර බලා මහල් 7 කට රෝහල් සංකීර්ණය ඉදිකරන ලෙස දැනුම් දෙන ලදී.මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රම දායකත්වය ලබා දීමට ද තීරණය කර ඇත.තැලසීමියා රෝගීන්ගේ කවය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම රෝහල් සංකීර්ණය ඉදිකරන අතර එහි ඉදි කිරීම් කටයුතු වසර 2020 ට ප්‍රථම අවසන් කිරිමට ද නියමිත බව සඳහන් වේ.
මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර මහ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබදව ද අවධානය යොමු කරන ලදී.එම රෝහලේ ඉදි කිරීම් කටයුතු සදහා ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 700 ක මුදලක් කඩිනමින් ගෙවන ලෙස අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිවරයාට නියෝග කර ඇත.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවන ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
ලබන වසර වන විට එය සිදු කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
COMMENTS