නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික වාර්තාවක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික වාර්තාවක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) පැවති පීපල්ස් ඔෆ් ශ්‍රී ලංකා ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේදීය.
අගමැතිවරයා එහිදී මෙසේ අදහස් දැක්වීය.
“පාර්ලිමේන්තුවට බාර දෙන ඒ මූලික වාර්තාව රට බෙදන වාර්තාව නෙවෙයි.බහුතරේ වාර්තාව නෙවෙයි.ඒ වගේම සුළුතරේ වාර්තාවක් නෙවෙයි.අපි මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳව විවාදයක් ඇති කරන්නයි.ව්‍යවස්ථා ක්‍රියාවලියට ජනතාව සහභාගී කරන්නයි ජනතා අදහස් ලැබුණු පසුව ව්‍යවස්ථාදායක සභාව අන්තිම වාර්තාව සකස් කරාවි.මේක ආරම්භයක් විතරයි.ජාතිවාදය,ආගම් භේද තියෙන තැනක මේ කටයුත්ත කරන්න බැහැ.”
COMMENTS