දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අල්ලස් කොමිසම පැමිණිල්ල වෙනස් කළැයි හිටපු ඇමති වෙල්ගම නඩු මගට
Homeගොසිප්

අල්ලස් කොමිසම පැමිණිල්ල වෙනස් කළැයි හිටපු ඇමති වෙල්ගම නඩු මගට

PropellerAds

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති ධුරයක් නිර්මාණය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 33ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ක...

නොදන්වා ලයිට් කැපීම නීතියට පටහැණියි - මහජන උපයෝගීතා කොමිසමෙන් පැමිණිලි
තාක්ෂණය පාසල් සිසුවාගේ ජීවිතය බිලිගත් හැටි
2018 O/L ප්‍රතිඵල ලබන සතියේ
ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති ධුරයක් නිර්මාණය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 33ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම
මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා පත්‍රයක් සංශෝධනය කිරීමට අල්ලස් කොමිසම ගෙන ඇති තීරණයට එරෙහිව කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් සැප්තැම්බර් මස 20 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පෙරේදා (17දා) නියෝග කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තිකරුට අදාළ චෝදනා සංශෝධනය කිරීමට එම කොමිසමට අවසර ලබා දුන්නේය. එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරමින් කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයා කියා සිටින්නේ අල්ලස් කොමිසම මුලින්ම ගොනුකළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් අවසරය නීතියට පටහැනි බවයි. මේ හේතුවෙන් එම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය දුන් අවසරය අහෝසි කරන ලෙසද වෙල්ගම හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටී.

ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන "නියෝජ්‍ය සභාපති" තනතුරක් අලුතින් ස්ථාපිත කිරීම තුළින් රජයට රුපියල් මිලියන 33ක පාඩුවක් සිදුකළ බව චෝදනා කරමින් කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.

කේ.එස්. උදයකුමාර්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අල්ලස් කොමිසම පැමිණිල්ල වෙනස් කළැයි හිටපු ඇමති වෙල්ගම නඩු මගට
අල්ලස් කොමිසම පැමිණිල්ල වෙනස් කළැයි හිටපු ඇමති වෙල්ගම නඩු මගට
http://ift.tt/2te4NRQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_820.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_820.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy