පසුගිය වසරේ අගමැතිවරයා සිංගප්පුරුවේ කළ නිල සංචාරයේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවූ බව රවී කරුණානායක මහතා ප්‍ර...
පසුගිය වසරේ අගමැතිවරයා සිංගප්පුරුවේ කළ නිල සංචාරයේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවූ බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. අද පැවති සාකච්ජාවේදී එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ආර්ථික හා සංවර්ධන, සහයෝගීතාවට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. සංචාරක,සංස්කෘතික කටයුතු මෙන්ම මානුෂීය සහයෝගිතාව,ආර්ථික සහ සමුද්‍රීය කටයුතු,දෙරට අතර අධ්‍යාපනික හා පුහුණු අංශ වල ප්‍රවර්ධනයට අදාළ කරුණු පිළිබඳවද සාකච්ජා කළ බව හෙතෙම අවධාරණය කළේය.
මේ අතර සිංගප්පුරු ආයෝජකයන්ට මෙරට යෝජනා අවස්ථා පුළුල් වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම අවස්ථාවේදී සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතාද අදහස් දැක්වීය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සිංගප්පුරු රජයේ සහය නොඅඩුව ලබා දෙන බවයි. එමෙන්ම දෙරට අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවත් ශක්තිමත් කරන්නක් බවද බාලක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=M-6sOvhTMyE&feature=youtu.be[/youtube]
COMMENTS