දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කටාරය අසල්වැසි රටවලින් වන්දි ඉල්ලයි
Homeවිශේෂ පුවත්

කටාරය අසල්වැසි රටවලින් වන්දි ඉල්ලයි

PropellerAds

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන බව පවසමින් සෞදි අරාබිය, එක්සත් එමීරය,බහරේන් සහ ඊජිප්තුව යන අසල්වැසි රාජ්‍යයන් එරට සමඟ ගුවන් සහ ...

රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
නුවරඑළිය වසන්ත සැණකෙලිය සමග තුරඟ තරග
"රෙජීමයක රිදුම්" අද සවස 6ට නව නගර ශාලාවේදී!
කටාරය අසල්වැසි රටවලින් වන්දි ඉල්ලයි

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන බව පවසමින් සෞදි අරාබිය, එක්සත් එමීරය,බහරේන් සහ ඊජිප්තුව යන අසල්වැසි රාජ්‍යයන් එරට සමඟ ගුවන් සහ නාවික සබඳතා අත්හිටවන ලද අතර එමගින් තමන් ආර්ථික වශයෙන් හුදෙකලා කරන ලද බවට 'ඩෝහා' පාලනය චෝදනා කරයි.

ත්‍රස්තවාදයට උපකාර කරන බවට එල්ල කෙරෙන චෝදනා කටාරය විසින් දැඩිව බැහැර කරනු ලැබ ඇත.
කෙසේ වුවද, ඉහත කී ආර්ථික සම්බාධක හේතුවෙන් සියරටේ ව්‍යාපාරික සමාගම්වලට සහ පෞද්ගලික මට්ටමින් පුරවැසියන්ට අත් වූ පාඩුව සහ අලාභය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා 'ඩෝහා' බලධාරීන් විසින් කමිටුවක් පත් කරන ලද බවක්ද වාර්තා වෙයි.

අසල්වැසි රටවල් ගුවන් සම්බාධක පැනවීම නිසා කටාර් ජාතික ගුවන් සේවයට විකල්ප ගුවන් මාර්ග ඔස්සේ පියාසර කිරීමට සිදු වූ අතර එමගින් අත්වූ පාඩුවත් ඉහත කී වන්දි ඉල්ලීම්වලට ඇතුළත් කිරීමට ඉඩකඩ ඇත.
අසල්වැසි රටවල් කටාරයට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළ අතර කටාරය ඊට එකඟ නොවීමෙන් අනතුරුව ඉහත කී ගුවන් සහ නාවික සම්බාධක පනවනු ලැබුණි.
එසේම එරටට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමට ඉඩකඩ ඇති බවට එකී රටවල් විසින් අනතුරු අඟවනු ලැබ තිබුණි.

පනවා ඇති කොන්දේසි අතර අල්ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම සහ ඉරානය සමඟ පවතින සබඳතා අඩු කිරීමත් විය.
තමන්ට ඉදිරිපත් කර ඇත්තේ "ක්‍රියාවට නැංවිය නොහැකි" කොන්දේසි මාලාවක් බව කටාර් රාජ්‍යය පවසයි.
කටාර් සහ අරාබි රටවල් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස සියලු රටවලින් ඉල්ලා සිටියේය.

http://www.bbc.com

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටාරය අසල්වැසි රටවලින් වන්දි ඉල්ලයි
කටාරය අසල්වැසි රටවලින් වන්දි ඉල්ලයි
http://ift.tt/2uGUqHr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy