දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩයනා කුමරියගේ කඩවසම් දොස්තර
Homeප්‍රවෘත්ති

ඩයනා කුමරියගේ කඩවසම් දොස්තර

PropellerAds

මේ ලිපියට පාදක වන්නේ ඒ විවාහයෙන් දහ හතර වසරක් ගෙවුණු තැන, එනම් 1995 වසරේ පැවති තත්වයයි.ඔටුන්න හිමි කුමරු වූ ද සිය සැමියා වූ ද වේල්ස් හි ක...

යුද්දෙ කාලේ ළමයින් 11ක් පැහැරගෙන මරලා ගල් ගැට ගහලා මුහුදට දැම්මා: හෙණ ගහනවා -ෆොන්සේකා‌ගෙන් අනාවරණයක් - (video)
රිෂාඩ් බදියුදීන් හා සහෝදරයා අත්අඩංගුවට ගනී… අත්අඩංගුවට ගනිද්දී බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක් - (video)
මම චොකා මල්ලි වුණේ පොඩි කාලේ ගොඩක් චොකලට් කෑ නිසයි…. එහෙම නැතිව අපි දේශපාලන මැරයෝ නෙමෙයි…. – ප්‍රේමලාල් ජයසේකර
ඩයනා කුමරියගේ කඩවසම් දොස්තර

මේ ලිපියට පාදක වන්නේ ඒ විවාහයෙන් දහ හතර වසරක් ගෙවුණු තැන, එනම් 1995 වසරේ පැවති තත්වයයි.ඔටුන්න හිමි කුමරු වූ ද සිය සැමියා වූ ද වේල්ස් හි කුමරු නොහොත් චාල්ස් කුමාරයාගෙන් වෙන් වී ඒ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබුණ ද ඇය දික්කසාදය ලබාසිටියේ නැත.

කුමරුගෙන් වෙන්වීමෙන් අනතුරුව ඇගේ ජනප්‍රියත්වය තවත් ඉහළ ගිය බව කිවයුතු මනා ය. යන යන තැන ඈ පිරිවරාගත්තෝ රසිකයෝ ය. ඇගෙන් සමරු සටහනක් ගැනීම සඳහා ඕනෑම දෙයක් කරන්නට ඔවුහු පෙළගැසී උන්හ. ඇගේ රුව ඡායාරූපයට හසුකර ගන්නට පැපරාසියෝ දඟ දැමූහ. "ස්මයිල් ප්ලීස්" යනුවෙන් ඡායාරූප ශිල්පියෝ ඇගේ අවධානය ලබාගැනීම සඳහා කෑ ගාති. ඈ සිය කාරුණික, මන බඳනා මද සිනාවෙන් ඔවුන්ට සංග්‍රහ කළ විට "ඕහ්... බියුටිෆුල්... තැන්ක්යූ"යැයි නැවත කෑ ගාති.

ජනතාව ඇයට මේ සා ආදරය කළේ ඇයි? ඇයට පෙර වින්ඩ්සර් රජ මාලිගයට පැමිණි කිසිවකුට හෝ රජ මැදුරේ උපන්, රාජකීය නිල් රුහිරු ජන්ම උරුමය කරගත් කිසිවකුට ඇයට තරම් ජන ආකර්ෂණයක් හිමි නො වූයේ ඇයි? ඉතිහාසය තවමත් ඒ ගැන නිරුත්තර ය.
ඒ කුමරියට දැඩි ලෙසම ජීවන වෙහෙස දැනෙමින් තිබූ කාලයයි. ඇය ජීවත් වෙමින් සිටියේ හුදෙකලා කෙන්සිංටන් මාලිගයේ ය. ඇය සේවකයන් නො මැති ව සිය වැඩ කටයුතු තනිව කර ගැනීමට උත්සාහ කළා ය. තනි ව කෑම පිසුවා ය. තනිව ව්‍යායාම කළාය. තනිව හැඬුවා ය. යමකු විසින් තමන්ව ඔසවා අන්ධකාරය වෙත විසි කර දමනු ඇය නැවත නැවතත් සිහිනෙන් දුටුවා ය. බකිංහැම් මාලිගයේ රීතිවලට අනුව ඇයට දරුවන් මුණ ගැසුණේ සති පහකට එක් වරක් පමණි. ආපසු හැරීමක් නැතැයි සිතා සිටි මේ ජීවිතයේ පටන් ගත් තැනටම පැමිණ සිටියා ය. සිය පුද්ගලික ජීවිතයේ අර්බුදය අළලා බීබීසී පුවත්සේවය පැනරෝමා වැඩසටහනට ඇයට ඒ වන විට ආරාධනා කර තිබිණි.

එහිදී වැඩසටහන මෙහෙවන්නා ඇගෙන් දික්කසාදය ගැන විමසයි.

"ඔව්... මම මට දඬුවම් කර ගත්තා.. මම ලජ්ජාවට පත් වුණා. මේ කසාදයේ අපි තුන් දෙනෙක් හිටියා. ඉතින් ටිකක් තදබදය වැඩියි..." ඈ එහිදී කීවාය.

ඩයනා කුමරියට සිය අවසන් ආලය වූ පාකිස්ථාන වෛද්‍ය හස්නාත් ඛාන් ව මුණ ගැසෙන්නේ එයින් දින කිහිපයකට පසු ය. කුමරිය ලන්ඩනයේ චෙල්සියා හි පිහිටා තිබෙන රෝයල් බ්‍රොම්ටන් රෝහල වෙත ගියේ හෘත් සැත්කමකට මුහුණ දී සිටි ජෝසප් ගේ සුවදුක් විමසීම සඳහා ය. ජෝසප්, ඇගේ මිතුරියක සහ ‘සුව කරන්නියක’ ලෙස ප්‍රකට වී සිටි ඌනාග් ටොෆොලොගේ සැමියා විය. ඩයනා කුමරියගේ වෘත්තීය කටුචිකිත්සකවරිය වූයේ ද ඇය ය. එයට පෙර දිනයේ ත්‍රිත්ව බයිපාස් සැත්කමකට මුහුණ දී සිටි ජෝසප් රක්තපාත තත්ත්වයකට ලක් ව සිටි හෙයින් ඈ සිටියේ සිත් කරදරයෙනි. ඩයනා කුමරිය එම කඩවසම් පාකිස්තාන වෛද්‍යවරයා දුටු පළමු වතාව එය විය. ඇයට හමුවූ - අමතක කිරීමට අසීරුම පුද්ගලයා ද ඔහු වූ බවට සාධක බොහෝ ය. නමුත් අද වන විට විචාරකයන් ඔහු ව හදුන්වන්නේ ‘‘රෝස කුසුම ආතුර කළ දොස්තර“ යනුවෙනි.

සැබවින්ම මේ දොස්තර කවුද?

හෘත් ශල්‍ය වෛද්‍ය සහ පෙණහළු රෝග විශේෂඥ හස්නාත් ඛාන් පාකිස්තානයේ කැපී පෙනෙන දේශපාලනඥයකු සහ අතීත ක්‍රිකට් තරුවක වූ ඉම්රාන් ඛාන්ගේ දුරස්ථ ඥාතියෙකි. ජෙමීමා ඛාන් ඉම්රාන්ගේ වෙන් වූ බිරිය මෙන් ම ඩයනා කුමරියගේ සමීප මිතුරියකි. ජෙමීමා මෙසේ කියන්නීය.

“ඩයනා හස්නාත් සමඟ ගැඹුරු පේ‍්‍රමයකින් බැඳී සිටියා... ඔහු විවාහ කර ගෙන පාකිස්තානයේ පදිංචියට එන්නට පවා සූදානමින් සිටියා...” ජෙමීමා පවසන පරිදි ඩයනා කුමරිය ඇය සමඟ මිතුරු වීමට හේතුව වූයේ ද හස්නාත් සමඟ පැවති සම්බන්ධතාව යි.
ඔවුන් දෙදෙනා අතර කැපී පෙනෙන සමානකම් විණි. දෙදෙනා ම මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය යුතුකම් ඉටු කරමින් සිටියෝ ය. හස්නාත් සිය සමාජ මෙහෙවරේදී කිසිදු මුදලක් උපයා ගත්තේ නැත. ඔහු සරල සහ සිත් ඇදගන්නා සුලු පෞරුෂයකින් යුත් දැකුම්කලු මිනිසකු විය. චාල්ස් කුමරු මෙන් ධනවතකු නොවූව ද, ගතින් ද,සිතින් ද පිරිපුන් මිනිසකු විය.

හස්නාත් ඛාන් පාකිස්තානයේ සිට වෛද්‍ය අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානිය බලා පැමිණි අති දක්ෂ හෘද ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔවුහු අවුරුදු දෙකක් පෙම් කළහ. එය දුරගිය සම්බන්ධයක් විය. ඩයනා කුමරියට රජ ගෙදර ජීවිතයෙන් සදහට ම දුරු වන්නට වුවමනා විය. ඇය හස්නාත් සමඟ අලුත් ජීවිතයක් පැතුවා ය.

තමනට ඔහුගෙන් ලස්සන දුවක් වුවමනා බව ඩයනා කුමරිය සිය මිතුරියන් දෙදෙනෙක් සමඟ කියා තිබේ. එය උන්මාදනීය පේ‍්‍රමයක් විණැයි ජෙමීමා ඛාන් කියන්නී ය. වසර දෙකක් පමණ ගෙවෙන තැන ඩයනා කුමරියට වුවමනා වූයේ ඔහු සමඟ රහසේ විවාහ වන්නට ය. ඇත්තෙන් ම හස්නාත් සමඟ තමන් ව රහසේ විවාහ කරවීමට සමත් කෙනෙක් සොයාගැනීමට ඩයනා කුමරිය උත්සාහ කර ඇත.
මේ අදහසට වෛද්‍ය හස්නාත් කිසිසේත් ම කැමැති වූයේ නැත. ඔහු පසුබැස්සේ ය. ලෝකය ම ආදරය කරන සහ දිවි පුදා වුවත් හිමිකර ගැනීමට තරම් අගනා දෙව්දුවක් කළ විවාහ යෝජනාව ට ඔහු බියපත් වූයේ ඇයි...?කරුණු විමසු විට පෙනී යන්නේ හස්නාත් ට එතරම් දෙයක් කිරීමට චිත්ත ධෛර්යයක් නොමැති වූ හේතුව ඔහු‘සංස්කෘතික මිනිසකු’ වීම බව ය. පාකිස්ථානයේ වෙසෙන සිය පවුලට පිටුපා, ලෝකයේ ප්‍රසිද්ධම ගැහැනියගේ සැමියා වීම නමැති හීනමානයෙන් ඔහු විටෙක පීඩා වින්දේය.

ජෙමීමා වැනිටි ෆෙයා සඟරාවට මෙසේ කියයි.

“ඉගෙන ගන්න එංගලන්තයට යැව්ව පුතා සුද්දියක්ව කසාද බැඳගෙන ගෙදර එන එක හැම පශ්චුන් ගෝත්‍රික අම්මා කෙනෙක්ගේ ම බියකරු සිහිනයක්... ඩයනා ඒ අභියෝගයට මුහුණ දුන්නා. ඇය පැරදුණා...”

ජෙමීමා පවසන පරිදි ඩයනා කුමරිය දෙවරක් ම පාකිස්තානයට ගොස් තිබේ. ඒ ප්‍රධාන වශයෙන් ම පුණ්‍ය කටයුතු සඳහා වුවත්, ඒ දෙවර ම ඇය වෛද්‍ය හස්නාත් ගේ මවුපියන්ව රහසේ මුණ ගැසුණා ය. ඔවුන් සමඟ කතා බස් කර සිත් දිනාගැනීමට උත්සාහ කළාය. මේ හා සමගාමීව ඩයනා ඉම්රාන් ඛාන් අනුස්මරණ රෝහලට අරමුදල් එක්රැස් කිරීමේ ද යෙදී සිටි නිසා පාකිස්තාන මාධ්‍ය පවා සැබෑ කතාව පිළිබඳ සැක කළේ නැත.

බ්‍රිතාන්‍ය මාධ්‍යයට පවා මේ ගැන ඉව වැටුණේ දිගු ප්‍රමාදයකට පසු ව ය. එහෙත්, ඉන්පසු ඇයට බේරුමක් නැති විය. වෛද්‍ය හස්නාත් ව මාධ්‍ය විසින් හැඳින්වූයේ වේල්ස්හි කුමරියගේ අතීත පෙම්වතා යනුවෙනි. එහෙත්,ඩයනා කුමරියගෙන් හස්නාත් පිළිබඳ විමසූ විට ඇය ඔහුට ඊටත් වඩා කදිම හැඳින්වීමක් ලබාදුන්නේ ය. ඇය ඔහු හැඳින්වූයේ “මිස්ට වොන්ඩර්ෆුල්” යනුවෙනි. ඇත්තෙන් ම ඔහුගේ පේ‍්‍රමය විස්මිත ලෙස ඇගේ හද පත්ල ස්පර්ශ කළේ ය.

ඔහු විවාහයට පසුබාන බව දැනුණු විට එය ඩයනා කුමරියට මරු පහරක් සේ දැනිණි.

“මම හිතුවා ඒක පිස්සු අදහසක් කියලා... කවදාවත් කරන්න බැරි දෙයක් කියලා...” යැයි වෛද්‍ය හස්නාත් ඩයනා කුමරියගේ මරණය පිළිබඳ නිල පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේය. ඔහු තවදුරටත් කියා ඇත්තේ එවැනි විවාහයකින් පසු සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නම් පාකිස්තානයට යනු හැර වෙනත් මගක් නැති බවයි. එහෙත්, පවුල් පසුබිම නිසා හස්නාත් ඒ සඳහා ද මැලි විය. වාර්තා රැසකින් හෙළිවන පරිදි ඩයනා කුමරිය ඩොඩී අල්ෆායිඩ් සමඟ සම්බන්ධතාව පටන් ගත්තේ හස්නාත් ට ඊර්ෂ්‍යා සිතෙනු පිණිස ය.

ඩොඩි අල්ෆායිඩ් වෙත ඩයනා කුමරියව හඳුන්වා දී ඇත්තේ සුප්‍රකට හැරඩ්ස් සාප්පු ජාලයේ හිමිකරු සහ ඔහුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් අල්ෆායිඩ් විසිනි. ඒ වන විට හස්නාත් සමඟ ඇගේ සබඳතාව සෑහෙන ප්‍රමාණයකින් පලුදු ව තිබුණේය. ඩයනාගේ යෙහෙළියක වන රෝසා මොන්ක්ටන් පසු ව කීවේ ඇය ඩොඩී අල්ෆායිඩ්ගේ පවුලේ අය සමඟ නිවාඩුවක් ගතකිරීම සඳහා ගත් තීරණය තමන් අනුමත නොකළ බවයි. ඩයනාට එමගින් අවැසි වී තිබුණේ හස්නාත්ගේ සිත නැවතත් තමන් වෙත අද්දවා ගැනීම බව ද ඇය කියන්නීය.නමුත් කුමරිය සිතූ දෙය ඉටු නොවුණේය. ඩොඩී මේ අතර ක්‍රමයෙන් ඇයට සමීප විය. ඔහු ඇයට මුදුවක් පැලඳුවේය. ඇය ව විවාහ කර ගැනීමට පිළිණ දුන්නේය. ඩයනා යථාර්ථයට මුහුණ දුන්නාය. හස්නාත් ට වඩා මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් භක්තිකයකු වූ ඩොඩී වෙනුවෙන් හදවත පූජා කළාය. ඔහු දුන් මුදුව සිය දකුණතේ තිර ලෙස ම පැලඳී තිබෙනු ඇතැයි ඩයනා සිය මිතුරියන් සමඟ කීවාය.

දෛවෝපගත රිය අනතුරට ලක්වීමට මිනිත්තු කිහිපයකට පෙර ආරෝහකයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ දැක්වුණේ ඩොඩී මහත් පේ‍්‍රමයෙන් ඇය ව සිය ඇලපතට හේත්තු කරගෙන සිටින ආකාරයයි. වෛද්‍ය හස්නාත් සිය රෝස කුසුම සදහට ම අහිමි කර ගෙන සිටියේ ය. ඩයනා කුමරියගේ මරණ පරීක්ෂණයේදී ඔහු කියා තිබුණේ අනතුර සිදු වන විට ඇය ඩොඩී නිසා ගැබ්ගෙන සිටියේ යැයි තමන් විශ්වාස කරනා බවයි.

1959 වසරේදී බ්‍රිතාන්‍ය පාකිස්තාන සම්භවයකින් යුතුව උපන් හස්නාත් අහමඩ් ඛාන් පශ්චුන් ගෝත්‍රයට නෑකම් කියන්නෙකි. හෘද සහ පෙණහලු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔහු සිය අධ්‍යාපනය සම්පූර්ණ කළේ එංගලන්තයෙනි. ලන්ඩනයේ ඉම්පීරියල් වෛද්‍ය විද්‍යාලයෙන් ඔහු ආචාර්ය උපාධිය ද ලබාගත්තේය. ආසියාවේ සහ අපි‍්‍රකාවේ සමාජ සේවා කටයුතුවලට විශාල වශයෙන් සම්බන්ධ ව සිටියේය.

හස්නාත් ඛාන් තමන්ට කෙදිනක හෝ පාකිස්තානයට යාමට සිදුවන බව දැන සිටියේය. හස්නාත් 2006 වසරේදී විවාහ විය. ඔහු සිය මනාලිය ලෙස තෝරාගත්තේ ඇෆ්ගන් රජ පෙළපතක් සමඟ සම්බන්ධයක් ඇති 28 හැවිරිදි පාකිස්තාන යුවතියකි. එහෙත්, දෙවසරකට පසු ඔහු දික්කසාද විය. “හේතු රාශියක් නිසා එසේ කළ බව පමණක් වාර්තාවල සඳහන් වෙයි.’ ඉන්පසු ඔහු රට හැර ගියේය. පාකිස්තානය මෙන් ම රෝස කුසුම හමුවූ එංගලන්තය ද සදහටම හැර ගියේය. මේ වන විට හස්නාත් මැලේසියාවේ හෘද රෝහලක ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

ප්‍රංශයේ එල් ඇල්මා උමං මගේදී ඩයනා කුමරිය අබිරහස් ලෙස මියයාම පිළිබඳ විනිසුරු ස්කොට් බේකර්ස්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ පරීක්ෂණ සභාවට සාක්ෂි දීම පිණිස ඔහු කැඳවුණේය. ඔහු කීවේ මෙය ඛේදනීය අනතුරක් යැයි තමන් විශ්වාස කරනා බවයි. එසේ ම ඩයනා කුමරිය මානසික අසමතුලිතතාවකින් පෙළෙමින් සිටි බව ද ඔහු කීවේය.

“ඔබේ සැමියා විශ්වාසනීය වනු ඇතැයි බලාපොරොත්තු වූ, නමුත් එය එසේ නොවන බව පෙනී යන විට ඕනෑම කාන්තාවක් මානසික ව අසමතුලිත වෙනවා’ යැයි ඔහු කීවේය.

“හැම කෙනෙක්ම මාව විකුණුවා.” මිය යාමට පෙර එළඹි අවසන් ගිම්හානයේදී ඩයනා කුමරිය සිය මිතුරිය එලිසන් සමඟ පැවසුවාය. “හස්නාත් විතරයි එහෙම නොකළ එකම කෙනා... ඒ වගේම එහෙම නොකරන එකම කෙනාත් ඔහු විතරයි.” ඒ බස සැබෑවක් බව සපථ කරමින් හස්නාත් අද පවා ‘ඔවුන්ගේ කතාව‘ ගැන වදනක් හෝ පවසන්නේ නැත.

රදිකා ගුණරත්න

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=S9VAWmCEkEI&t=4s[/youtube]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩයනා කුමරියගේ කඩවසම් දොස්තර
ඩයනා කුමරියගේ කඩවසම් දොස්තර
http://ift.tt/2tRGB88
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_636.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_636.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy