මෙ කී බුද්ධිමය කම්පනය හේතුවෙන් සෑම දර්ශනවාදියෙකුගේම චින්තාවලිය හරහා සංශයවාදයක් හමා ගියේය. එ නිසාවෙන් ලොක් ගේ අනුභූතිවාදය වෙනුවට හ්යුශම් ...
මෙ කී බුද්ධිමය කම්පනය හේතුවෙන් සෑම දර්ශනවාදියෙකුගේම චින්තාවලිය හරහා සංශයවාදයක් හමා ගියේය.
එ නිසාවෙන් ලොක් ගේ අනුභූතිවාදය වෙනුවට හ්යුශම් නව අනූභූතිවාදයක් ගෙනාවේය. හෛඩගර් යනාදීහු හේගල් කියූ දේ නොපිළිගත්තේය. මෙවැනි වූ කප්පරක් උදාහරණ ගෙන හැර පෑ හැකි අතර සියලු දර්ශනයන් එකිනෙකට පිටු පා සිටින අයුරින් එසේත් නැතිනම් ඒවා එකිනෙක මත අති පිහිත වන අයුරින් එ කී දාර්ශනිකව සෘජුව පේළියට සිට වූ කඩදාසි පත්රි කා අතරින් බුද්ධිමය සුළඟක් වූ සංශය පිඹ හරින ලද්දේ අපේ ප්රෘවේශයේ සඳහන් වූ බුද්ධිමතා විසිනි. එනම් රෙනේ ඩේකාට්(1596-1650) නම් වූ සුප්‍රකට බුද්ධිවාදියා ය.
උනු වී ගිය ඉටි කැබැල්ල මේ තරම් ඔහු අවුළුවාලනු ලැබුවේ අන් කිසිවක් නිසා නොවේ, ක්ෂණිකව වෙනස් වන ප්ර ත්යැක්ෂයන් මත දර්ශනයක් ගොඩ නැගිය නොහැකි බව ඔහු ඒ හරහා අවබෝධ කරගත් හෙයිනි. සිය වර්ණය හැඩය ආදී සියල්ල වෙනස් කරමින් එක් ක්ෂණයකින් තම ස්වරූපය වෙනස් කරගත් ඉටි කැබැල්ල මධ්ය යතන යුගයට නොහොබිනා තරම් වූ සංශයවාදයක් ඔහු තුළ ජනිත කළේය.
එය නොහොබිනා වන්නේ අන් කිසිවක් නිසා නොව ඩේකාට් දිවි ගෙවූයේ පල්ලිය කේන්ද්රිගත කොටගත් වතිකානු අතවරයෙන් මිදී භක්තිය, විශ්වාසය යන නියති සන්කල්පයන් උල්ලංඝනය කළ නොහැකි වූ කාල වකවානුවකවන බැවිනි. නමුත් අවාසනාවකට මෙ කී සුප්රනකට බුද්ධිවාදියා ගැසන්දි වාදියෙකු වෙමින් කොපර්නිකස් විසින් ඇති කරන ලද විද්යාතමය සුළි කුණාටුවට හසු නොවී ස්වකීය බෙලි කටුවවන පල්ලියේ සැඟවී ගොස් දෙවියන් සමඟ අතිනත ගත්තේය. එය එසේ සිදු නොවූවා නම් ඩේකාට්ට ගැලීලියෝට නොදෙවෙනි වූ ඉරණමක් අත් වීමට ඉඩ තිබුනි. නමුත් හෙතෙම විප්ලවීය සන්කල්පනා වෙනුවෙන් පල්ලිය සමඟ සටන් කිරීම පසෙකලා තම දර්ශනයේ නියති ත්රියත්වය පවා එ කී ගැලවුමෙන් ගලවා නොගත්තේය.
බයිබලය කේන්ද්ර ගත කරමින් අදහස් පළ කළ පියරේ ගැසන්දි(1592-1655) පෘථිවිය විශ්වයේ කේන්ද්රපස්ථානයේ පිහිටවා එය නිශ්චල වස්තුවක් බවට පත් කොට චලනයේ හේතුව දෙවියන් ලෙස නම් කළේය. නමුත් කොපර්නිකස් ඉහත කී සියල්ල සුනු විසුනු කරමින් තම අදහස් පැවසීය. නමුත් ඩේකාට් තම සමකාලීන විරුද්ධවාදියා වූ ගැසන්දිට බුද්ධිමය වශයෙන් අවනත වෙමින් කොපර්නිකස්ගේ මත නොපිළිගත්තේය. දැන් මා පැහැදිළි කළ යුතුව තිබෙන්නේ මෙ කී සඳහන කරනු ලැබුවේ කුමක් අරබයාද යන්නයි. සංක්ෂිප්තව එක් වදනක එ කී අරමුණ දැක්විය හැකි නම් අරමුණ මෙවැන්නකි. කවියකි.
නමුත් එ කී අරමුණ ඉතාම ගැඹුරුතම තැනකට අප ඇඳ වට්ටවන්නේ යම් සේද එසැණින්ම එය අපට උසක් ඇති බව ඒත්තු ගැන්වීමට ඉහළ බලන ලෙස පවසයි. මා සඳහන් කරන මේ කවිය මගේ ඇස ගැටන්නේ ජාත්ය්යන්තර පොත් ප්රුදර්ශනය නිමිතිකොටගෙන එළි දක්වනු ලබන කැටපත් පවුර කවි එකතුව කාව්ය ය සංගෘහිතයේ අවසාන පිටුවේදීය. හොඳම දේ අවසානයට ලඝු වෙන භාවිතාවන්ගෙන් පිරි ලෝකයක මෙ කී කවිය අත නොහැර යෑමට තරම් ප්රුබල කම්පනයක් මා තුළ ඇති කළේ ඩේකාට් සිහි කරවමිනි. කොටින්ම ඩේකාට් තම අධ්යයයනාගාරයට වී මෙසේ සිතන්නට ඇති යැයි සිතෙන තරමටම එ කී කවිය ප්රිබලය. බුද්ධිමය. කවිය අන් කවරක්වත් නොව ‘මා අත්හරින්න මා වෙතට ම‘ ය. කවියේ නිර්මාතෘ ඉන්දික උපේන්ද්රම ය.
මම සේවකයෙක් මි
වහලෙක් මි
වියනි ඔබ
අණදෙන්නා වූ තැනක
ඉදින් ඔබේ සිරගෙදරින්
මා එළියට දමන්න
නියම කළ දණ්ඩනයෙන්
මා මවෙතටම
විසිකර දමන්න
මගේ දිවියේ
හැම රැහැන් පටක්ම
මගේ ම දෑතට දෙන්න
දෙවියනි,
එවිට මට දැනේවි
ඔබත්, ඔබේ පොතත්
පමණක් නො වෙයි
හැම කොළයක්ම
හැම වැලි ඇටයක් ම
අසහාය යි
ශුද්ධවන්තයි කියා,
ඉතින් මා අත්හරින්න
දෙවියනි
මා වෙතට ම...
අව්යෙහිත ප්ර ත්යමක්ෂයන්ට මුල් තැන දෙමින් සංශය තුළින් ස්වකීය ඥාන විභාගය මත පදනම් වෙමින් ඩේකාට් තම පළමු නියත ය ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ, “මම සිතමි, එම නිසා මම පවතිමි“ යන්නයි. ඩේකාට් මෙ කී නියතියට පැමිණියේ අවිස්වාසයේ නිමග්නව සිටීම පිළිබඳව අවිස්වාස කළ නොහැකි බව පැහැදිළිභාවයකින් යුක්ත වූ නිසාය. ඩේකාට් සත්යනයේ මිනුම් දණ්ඩක් ලෙස පැහැදිළිභාවය දුටුවේය. නමුත් වර්තමාන ඥාන විභාගය තුළ පැහැදිළිභාවය යනු වඩා යෝග්ය් නොවන සත්යුයයේ මිනුම් දණ්ඩකි. කෙසේ වුවද ඔහු තම පළමු නියතියට යොදා ගනු ලැබුවේ මනුෂ්යෝය සාරයයි. එනම් මනුෂ්යනය විඤ්ඤාණයයි.
නමුත් තම දෙවනි නියත ය ඔහු තම පළමු නියතයෙන්ම නිශේධාත්මක කරගනුයේ වාස්තවික විඤ්ඤාණවාදී දෙවියන්ගේ සත්තාවය තහවුරු කිරීම තුළිනි. ඒ සඳහා ඔහු සහජ සන්කල්පයන් ද කරලියට ගෙන ඒ. සහජ සන්කල්පයන් යනු කිසියම් හෝ පුද්ගලයෙකුට සහජයෙන්ම උරුම වූ යමකි. එනම් සියලු අනුභූතීන්ට ප්රහථමව උත්පත්තියෙන්ම ලැබෙන්නා වූ කිසියම් සහජ තත්වයකි. දෙවියන්වහන්සේ යනුත් එවැනි සහජ සන්කල්පයකි. ඉදින් තම බුද්ධිවාදය හරහා සංශයවාදය ජනිත වූ ඒ උනු වී ගිය ඉටි කැබැල්ලේ සිදු වීමෙන් අනතුරුව ඔහු කිසියම් හෝ තැනක හුදෙකලා වී මෙසේ සිතුවාට සැක නැත.
මම සේවකයෙක් මි
වහලෙක් මි
දෙවියනි ඔබ
අණදෙන්නා වූ තැනක
ඉදින් ඔබේ සිරගෙදරින්
මා එළියට දමන්න
නියම කළ දණ්ඩනයෙන්
මා මවෙතටම
විසිකර දමන්න
මිනිසා තුළ එදා සිට අද දක්වාම සහජයෙන්ම පවතින්නා වූ දේවත්වය හඹා යෑමේ ලලාසාව පිළිබඳව කියවෙනු ලබන උක්ත කවිය ඩේකාටියානු බුද්ධිවාදියා ගේ සිට නූතන දේවධර්මාචාරියා දක්වාම පැතිර පවතින්නකි. දෙවියන් යනු අපෙන් පිටස්තර සත්වයක් ද?එසේත් නැතිනම් වෙනත් යමක් යන්න ද? පිළිබඳව තවඳුරටත් ගැටළු තබා ගත යුතු නැති බව කව්රුන් හෝ කියනවා නම් ඇසීමට තිබෙන්නේ එසේනම් ඇයි? අද වනවිටත් දෙවියන් සිහිකරමින් මිනිසුන් ළත වෙන්නේ? කියාය.
මෙය වනාහී හුදු දෙවියන් නම් වූ සර්වකාලීන ප්ර පංචයක් තිබෙනවාද? නැද්ද? යන ග්රාටම්යත ප්රතස්තූතය පදනම් කරගත් මානව ලලාසාවක් නොව, එය වනාහී බුද්ධිමය අරගලයක නිරත වීමට සක්රී?ය ලෙස චින්තකයන් පෙළඹ වූ එදා මෙදාතුර අති විශාලම දාර්ශනික ගැටළුවයි. ඉන්දිකගේ කවිය පවා අපිට කියා පානුයේ එයයි. එවැනි කවියක් මධ්යතයතන යුගයකට පමණක් නොව අදටත් හෙටටත් සර්වකාලීන වනුයේ අප මෙම ගැටළුවෙන් පොදුවේ සමස්ථයක් වශයෙන් නිදහස් නොවන නිසාවෙනි.
‘දෙවියනී ඔබ සිටිනවාද?‘
එය වනාහී සාකල්යසයයෙන්ම මිනිසා බුද්ධිමය අරගලයකට කැඳ වූ ඓතිහාසික ප්රේස්තූතයයි. මිථ්යාපව දුරලීම සඳහා ග්රීසක දර්ශනය යම් අයුරකින් මැදිහත් වූයේද, එ කී සාධනීය මැදිහත්වීමම මධ්යවයතන යුගය තුළ විකෘතිකරණයට ලක් වූයේත්(විශේෂයෙන්ම ඇරිස්ටෝටල්ගේ රූපික තර්ක ක්රාමය) උක්ත ප්රයස්තූතයේ තේජවන්තභාවය හේතු කොට ගනිමිනි. ඉඳින් නව ලොවක් සොයා ගිය ඩේකාට් අවසානයේ පල්ලියේ බිත්ති අතරින් එළියට නොගොස් තම තෙවන නියත ය ගොඩ නැගුවේ දෙවියන් යනු පරම වස්තුව බවත් මනස සහ ද්රිව්යො සාපේක්ෂ වස්තූන් ගනණටත් ලඝු කරමිනි.
නමුත් ප්රවශ්නකරලිය යුත්තේ මෙයයි. එනම් ඩේකාට් ස්වකීය පළමු නියතය මනුෂ්යර සාරයට ලබා දීමේ උත්ප්රාතසය මිනිසා වටා චින්තනය කේන්ද්රනගත වන බවක් ද? යන්නයි. එපමණක් නොව කාටීසියානු ද්වෛතයට අනුව අනුභූතිය මනසේ ක්රි යාකාරීත්වයට අවශය නොවීම තුළින් නැවත ඩේකාට් බැලූ බැල්මට වාස්තවික විඤ්ඤාණවාදය දෙසට නැඹුරු වීමත්ය.
නමුත් ඉන්දිකගේ කවිය කියවීමෙන් පසුව මට සිතුනේ ඩේකාට් කාටීසියානු ද්වෛතයේ වැඩිපුර ඇස නොගැසෙන විරුද්ධාභාසයට ඇලුම් කරන්නට ඇති බවයි. එනම් මිනිස් මනසට සාරයක් ලෙස පැවතීමට දෙවියන් නම් වූ බාහිර අනුභූතිය අවැසි නොවේ යන්න පිළිබඳව ඩේකාට් සවිඤ්ඤාණික වී ඇත යන්නයි. ඉදින් ඉන්දිකගේ මේ කවි පේළිය ඩේකාට් නිරන්තරයෙන්ම පාළු හුදෙකලාවේ ගැළුණ අවස්ථාවන්හිදී මුමුණන්නට ඇති බවට සැකයක් නොමැත.
මගේ දිවියේ
හැම රැහැන් පටක්ම
මගේ ම දෑතට දෙන්න
දෙවියනි,
එවිට මට දැනේවි
ඔබත්, ඔබේ පොතත්
පමණක් නො වෙයි
හැම කොළයක්ම
හැම වැලි ඇටයක් ම
අසහාය යි
ශුද්ධවන්තයි කියා,
ඉතින් මා අත්හරින්න
දෙවියනි
මා වෙතට ම...
සටහන
බාසුරු ජයවර්ධන
COMMENTS