දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ජනප්‍රියත්වය, ඉතිහාසයේ පහළම අගයේ

Ipsos MORI දත්තවලට අනුව තෙරේසා මෙ, රටේ නායිකාව වශයෙන් මුලින්ම ධුරය භාරගන්නා විට ඇගේ එම ජනප්‍රියත්වයේ අගය +35 ක් විය. නමුත් මේ වන විට එය -...

බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ජනප්‍රියත්වය, ඉතිහාසයේ පහළම අගයේ

Ipsos MORI දත්තවලට අනුව තෙරේසා මෙ, රටේ නායිකාව වශයෙන් මුලින්ම ධුරය භාරගන්නා විට ඇගේ එම ජනප්‍රියත්වයේ අගය +35 ක් විය. නමුත් මේ වන විට එය -25 කි. ඒ අනුව අගමැතිනිය ලකුණු 60 ක බිහිසුණු ඇදවැටීමකට ලක්ව තිබේ.

මහමැතිවරණයෙන් මසක් ඇතුළත මේ සා වේගයෙන් ජනප්‍රියත්වය පිරිහී ගිය බ්‍රිතාන්‍ය නායකයෙක් පිළිබඳ මීට පෙර වාර්තා වූයේ නම් ඒ 1997 වසරේදී ටෝනි බ්ලෙයා පමණක් බවත් Ipsos MORI තවදුරටත් කියා සිටියි.
බ්ලෙයා -13ක ඉතිහාසයේ අවම අගය වාර්තා කළේ 2005 ඉරාක යුද්ධය හේතුවෙන් හටගත් පසුබෑම නිසා බවට සැලකේ. මේ අතර තෙරේසා මේ වාර්තා කරමින් සිටින්නේ රටේ නායිකාව වශයෙන් ඉතිහාසය තුළ නරකම ජනප්‍රියත්වයයි. පසුගිය ගිම්හානයේ මෙසේ නැවත අගමැතිනිය බවට පත්වීමට පෙර බ්‍රෙක්සිට් ඡන්දය පැවති සමයේ ද ඇගේ ජනප්‍රියත්වය සහ කීර්තිය -25 දක්වා වේගයෙන් පහළ වැටුණේය.

ජනමත විමසුම් දත්තවලින් තවදුරටත් පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය වැඩිහිටියන්ගෙන් සියයට 34 ක් පමණක් ඇගේ දේශපාලන ක්‍රියාවන්ට මනාපය දක්වන බවයි. මේ අතර සියයට 59 ක් දෙනා කියා තිබෙන්නේ තමන් සත්‍ය වශයෙන්ම ඇගේ දේශපාලන හැසිරීම සම්බන්ධයෙන් අතෘප්තියට පත්ව සිටිනා බව ය.

මෙකී අඩු ජනප්‍රියත්වයෙන් පීඩා විඳිමින් සිටින්නේ අගමැතිනිය පමණක් නොවේ. ඇගේ කොන්සවේටිව් පක්ෂයේ ජනප්‍රියත්වය ද මේ වන විට සෑහෙන පමණින් අඩු වී ඇත. පක්ෂය තුළ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් විසින් එකිනෙකා සමග විවෘත යුද්ධයක් අරඹා ඇති අතර එක්සත් රාජධානි මාධ්‍ය සමග වෙතද ඔවුහු විවිධ නොසතුටුදායක අදහස් පළ කරමින් සිටිති.

මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය චාන්සලර් :ෆිලිප් හැමන්ඩ් ඔවුන් වෙත පවසා තිබෙන්නේ ‘ඕපාදූප’ වෙත අවධානය යොමුකිරීමෙන් වළකින ලෙසයි. සිය කැබිනට් මණ්ඩලයට සමගියෙන් යුතුව කටයුතු කරන ලෙස අවවාද කරන්නට ද තෙරේසා මේ හට සිදු වී තිබිණි.

ආණ්ඩු පක්ෂය තුළ මෙම අර්බුදය මෙසේ උත්සන්න වෙමින් පවතින අතරවාරයේ ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් සිය ජනප්‍රියත්වය ඉහළ දමාගැනීමට සමත් වී තිබේ. මේ වන විට ජනප්‍රියත්වය අතින් ඔහු පසුවන්නේ අගමැතිනියට ඉදිරියෙනි. ලන්ඩන් ඊවිනිං ස්ටෑන්ඩට් ජනමත විමසුම්වලට අනුව ජූනි මාසයේ පටන් මේ දක්වා කාලය තුළ තෙරේසා මේගේ ජනප්‍රියත්වය ලකුණු 18කින් පහළ යන විට ජෙරමි කෝබින්ගේ ජනප්‍රියත්වය ලකුණු 10කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත් මෙකී ජනප්‍රියත්වය පහළ යාමේ ගැටලුව තිබියදී වුවද, රටේ නායකයා හෝ නායිකාව වශයෙන් වඩාත්ම සුදුසු වන්නේ ජෙරමි කෝබින් නොව තෙරේසා මේ යැයි එක්සත් රාජධානිය තවමත් පොදු වශයෙන් විශ්වාස කරන බවට ද විවාදාත්මක මතයක් තිබේ. එනම් ජනමත විමසුම්වලින් හෙළි වන පරිදි, අගමැති රස්සාව සඳහා වඩා හොඳ කවුදැයි ඇසූ විට එම විමසුමට සහභාගි වූවන්ගෙන් හරි අඩක්ම කියා තිබෙන්නේ තෙරේසා මේ බවයි. ජෙරමි කෝබින් ඒ සඳහා සුදුසු යැයි කියා තිබුණේ සියයට 38 ක් පමණි.

Ipsos MORI හි දේශපාලන පර්යේෂණ අංශයේ ප්‍රධානී ගිඩියොන් ස්කිනර් ලන්ඩන් ඊවිනිං පුවත්පත වෙත මෙසේ පැවසීය.

“තෙරේසා මැතිනියගේ ජනප්‍රියත්ව ප්‍රතිශතය ආපස්සට හැරීම, අපේ පෙර පැවති දත්තවලට අනුව බලාපොරොත්තු විය නොහැකි දෙයක් වුණා. ඒ කියන්නේ මැතිවරණ ව්‍යාපාරයේ ඉතිහාසගත ඉහළම ජනප්‍රියත්වයේ සිට මැතිවරණයෙන් මාසයක් ඇතුළත පහළම ජනප්‍රියත්වය ලබාගැනීම. මෙසේ සිදුවන්නේ ඇගේම පක්ෂ ආධාරකරුවන් අතර ඇයට හිමි තැන දුර්වල වන අතරවාරයේ සහ ජෙරම් කෝබින්ගේ ජනප්‍රියත්වය රළ නගිනවාක් මෙන් ඉහළයන අතරවාරය තුළ වීමත් විශේෂත්වයක්.

කොහොම වුණත් තවමත් ඇය 35ට වැඩි අගමැතිවරුන් අතර තවමත් වඩාත්ම සමර්ථ නායකයන් අතර අගිස්සේ සිටිනවා” යැයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ජනප්‍රියත්වය, ඉතිහාසයේ පහළම අගයේ
බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ජනප්‍රියත්වය, ඉතිහාසයේ පහළම අගයේ
http://ift.tt/2ukDHvt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_536.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_536.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy