මිනිත්තුවකට හැටවතාවක්වත් බැලෙනවා තවමත් ෆෝන් එක නොයැව්වත් පණිවිඩ බලනවා ඒ දැ යි පණිවිඩ මල්වත්ත පාරේ, පිටකොටු වීදි අස්සේ ඇවිද යනවා තවම ...
මිනිත්තුවකට හැටවතාවක්වත්
බැලෙනවා තවමත් ෆෝන් එක
නොයැව්වත් පණිවිඩ
බලනවා ඒ දැ යි පණිවිඩ
මල්වත්ත පාරේ, පිටකොටු වීදි අස්සේ
ඇවිද යනවා තවම මම
වෙනදා වගෙ නොවෙයි, මිනිස් රොතු ඇඟ හැපෙන
අවුස්සනවා හදෙහි කෝපය
සීඩී කඩවලින් ඇහෙනවා
සිහල දෙමළ ගී කලවමේ
ජෝති-ඇන්ජලින් එක්ක අර ගීය කියනවා
අපි මුණගැහුණු දා ඇසුණු
වාඩිගන්නවා මම
අර අතන බංකුවේ
ඔබේ කණ්ණාඩි නැති කරගත් තැන
තනිව වාඩිගෙන ඉද්දි
දැනෙනවා උණුසුම් හුස්මක පහස
ගැහෙනවා හද සද්දෙට
මායාවක් ම විතරයි
බසයක වාඩිගෙන
යනවා කවුළුවෙන් එපිට බලාගෙන
හදිසියෙ දැනෙනවා එන්චාන්ටර් සුවඳක්
ගැහෙනවා ආයෙම හද සද්දෙට
මායාවක් ම විතරයි
තවත් අය ගානවා ඒ ක්‍රීම් එක
බයික් එකේ යද්දිත්
හරවනවා නොහිතාම
සයිඩ් කණ්ණාඩිය
කිසිවෙකුත් පෙනෙන්නැහැ එහි
මා දිහා බලාගෙන සිනාසෙන
කොට කැරළි කොණ්ඩත්
සිහින් කඩි කඩිසර ගමනත්
හදිසියෙ දකිනවා මඟතොට
ආයෙ ආයෙම ගැහෙනවා හද සද්දෙට
මායාවක් ම විතරයි
දැං ඉතිං පොඩි වෙනසක්
දෛනිකයි සදාකාලික වේදනාව!
COMMENTS