සිසු අයිතීන් ගැන අරගල කරනවා යැයි කියමින් සරසවි සිසුන් නිරපරාදේ මහපාරේ රස්තියාදු කරවීම අන්තරයේ එකම රාජකාරියයි. වර්තමානයේ ලහිරු වීරසේකර නම් ...
සිසු අයිතීන් ගැන අරගල කරනවා යැයි කියමින් සරසවි සිසුන් නිරපරාදේ මහපාරේ රස්තියාදු කරවීම අන්තරයේ එකම රාජකාරියයි. වර්තමානයේ ලහිරු වීරසේකර නම් දෙරු පියාගේ මෙහෙයවීමෙන් අහිංසක සරසවි සිසුන් හේතුවක් ඇතුවත්, හේතුවක් නැතුවත් මහපාරේ විරෝදතාවලට එක්වෙති. බහුතරයක් සරසවි සිසුන් ඒවාට එක් වන්නේ නවක වදයට බියෙනි. නැත්නම් සරසවියේදී එල්ලවන දහසක් අඩන්තේට්ටම් වලට බියෙනි. මේ සිසු පීඩනයේ නායකයා වන ලහිරු වීරසේකර ඇත්තටම කවුද?
ගම්පොල මාවතුර ඉපදුනු ලහිරු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදීත් කිසිඳු දක්ෂතාවයක් තිබූ අයෙකු නොවේ. ඔහු සතු එකම හැකියාව වන්නේ කතා කිරිමේ හැකියාව පමණි.
තම පාඨමාලාවේ විෂයන් 4ක විභාග වලට නැවත පෙනී සිටීමට ලහිරුට සිදුව ඇත්තේ විභාගයට පෙනී ඉන්නට තරම්වත් හැකියාවක් නැති වීම නිසාය. වයස අවුරුදු 32ක් වනතුරුම දෙතුන් වරක් රිමාන්ඩ් වීම හැර ළහිරු සරසවියෙන් ලබාගත් දෙයක් නම් නැත.
විශ්ව විද්‍යාල පාලනයට ප්‍රතිපාදන කොමිෂමක් තිබේ. සිසුන්ගේ හැසීරීම ගැන තීරණ ගත යුත්තේ කොමිෂන් සභාවේ සභාපතිවරයාය. මීට පෙර අවස්ථාවල අන්තරේ පෙරට දමා කටයුතු කල දුමින්ද නාගමුව, උදුල් ප්‍රේමරත්න වැනි අය හිතුමතේ පන්ති වර්ජනය කරමින් විනය කඩ කල අවස්ථාවන්වල එවක විශ්ව විද්‍යාල පාලනයට ප්‍රතිපාදන කොමිෂමේ සභාපති ගාමිණී සමරනායක මහතා ඔවුන්ගේ පන්ති තහනම් කිරීම, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම වැනි විනය ක්‍රියාමාර්ග ගත්තේය. නමුත් වත්මන් සභාපති වරයා හැසිරෙන්නේ එවැනි වගකීමක් තමන් හට නැති අයෙකු සේය. නැත්නම් වසර ගනන් විභාග මඟ හරිමින් සරසවි දේශපාලන වේදිකා කරගන්නට ලහිරුලාට හැකි වන්නේ නැත.
තමන්ගේ ගේදොර ඉඩකඩම් ටික උකසට තබා අමාරුවෙන් සරසවියට එන අහිංසකයින් මහපාරේ දක්කන ලහිරු සටනට එන්නේ ප්‍රාඩෝ එකෙනි. රටේ ඇති තත්වයේ හැටියට මෝටර් සයිකලයක් ගන්නටත් ණයවන්නට වන කාලයක රස්සාවක්වත් නැති ලහිරු ප්‍රාඩෝ එකක් ගන්නට තබා නඩත්තු කරන්නේවත් කොහොමද යන්න සොයාගත යුතුය. ලහිරුට මාස්පතා එන්.ජී.ඕ.වලින් ලැඛෙන මුදල ලක්ෂ ගණනක් බව අර අහිංසකයෝ නොදනිති.
හැමදාම සයිටම් එපා කියමින් පෞද්ගලික විශ්ව විද්‍යාල වහන්නට කෑගහන ලහිරුගේ සොයුරිය (තිළිණි වීරසේකර) බී එස් සී උපාධිය ලබා ඇත්තේද පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIT ආයතනයෙනි. එ අනුව තමන්ගේ අක්කාට හොඳ පෞද්ගලික විශ්ව විද්‍යාල රටේ අනෙක් අයට නරක ඇයි කියා ලහිරු රටට කිව යුතුය.
තමන්ගේ වැරදි දාහක් තබාගෙන රටේ ආණ්ඩු වෙනස් කරන්නට යන්නට පෙර, අමාත්‍යාංශ කඩා බිඳ දමන්නට පෙර යථාර්තය තේරුම් ගෙන කටයුතු කරනවා නම් එදාට ලහිරුලාට සටන් පාඨ නැතිවන බව දන්නා බැවින් ඔවුන් කෑමොර දෙන්නේ තමන්ගේ නිරුවත රටට හෙලි වීම වසා ගන්නට මිස වෙන කිසිවකට නම් නොවේ.
COMMENTS