දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රිෂාඩ්ගේ අමාත්‍යාංශ ලේකම් මුදල් අවභාවිතයේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල නවීකරණ සහ අලූ‍ත්වැඩියා වියදම් ලෙස රුපියල් ලක්ෂ 31...


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල නවීකරණ සහ අලූ‍ත්වැඩියා වියදම් ලෙස රුපියල් ලක්ෂ 317 කට අධික මුදලක් නීතියට පටහැනිව කොන්ත‍්‍රාත්කරුවකුට ගෙවීමට ගත් උත්සාහයක් වාර්තා වේ.

එහෙත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇතත් අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරවරයා එය  අවස්ථා කිහිපයක දී ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ අදාළ වියදම් පිළිගත් නෛතික පටිපාටියට පරිබාහිරව සිදුකර ඇති බව පෙන්වා දෙමිනි.

අප වෙත වාර්තා වන අන්දමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යාංශ නිල කාමරය, නිල රැස්වීම් කාර්යාලය, අමුත්තන්ගේ කාර්යාලය සහ පෞද්ගලික කාර්යමණ්ඩල කාමරය නවීකරණය කිරීම සම්බන්ධව රුපියල් 2,685,550 ක් නිදහස් කරන ලෙස පළමු වර අමාත්‍යාංශ ලේකම්වරයා එහි ගණකාධිකාරිවරයාට දැනුම් දී ඇත.

එහි දී ගණකාධිකාරවරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දැනුම් දී ඇත්තේ අදාළ ස්ථානවල නවීකරණ කටයුතු සිදුකර කලක් ගත වී ඇති බැවින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වුවත් කැඳවීමේ අවදානමක් ඇති එවැනි කටයුත්තකට අනුමැතිය පළ කිරීමට තමන්ට නොහැකි බවය.

අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ කොළඹ 07, සිරිමාවෝ බාලිකාව අසල පිහිටි නිල නිවස නවීකරණය කොට අලූ‍ත්වැඩියා කිරීමට අවශ්‍ය බව ද ගණකාධිකාරවරයාට දැනුම් දී ඇත.

එහි දී ගණකාධිකාරවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය පාර්ශ්ව කැඳවා ටෙන්ඩර් පත‍්‍රිකා සූදානම් කිරීමට කටයුතු යොදා තිබේ.

එම කටයුතු සූදානම් වන අතරවාරයේ අමාත්‍යාංශ ලේකම්වරයා ගණකාධිකාරවරයාට යළිත් දැනුම් දීමක් සිදුකර ඇත්තේ සතොස ආයතනයට අයත් ඉදිකිරීම් සමාගම විසින් අමාත්‍යවරයාගේ නිල නිවසේ අලූ‍ත්වැඩියා සහ නවීකරණ කටයුතු සිදු කළ බවත් ඒ වෙනුවෙන් ලක්ෂ 291 ක මුදලක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත්ය.

 ඒ වෙනුවෙන් වන ලියවිල්ලක් ද අමාත්‍යාංශ ලේකම්වරයා ගණකාධිකාරවරයාට ලබා දී ඇත.

ඒ පිළිබඳ සොයා බැලීමේ දී එම කටයුත්ත ද නියමිත නෛතික පටිපාටියට අනුව සිදු නොවී ඇති බව මෙන්ම අලූ‍තින් කළ නවීකරණයක් නොමැති බව ගණකාධිකාරවරයා තහවුරු කරගෙන ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම නිර්දේශය ද ඔහු ප‍්‍රතික්ෂේප කර ඇත.

අප වෙත වාර්තා වන අන්දමට මෙහි දී අමාත්‍යාංශ ලේකම්වරයා උත්සාහ දරා තිබෙන්නේ සතොස ආයතනයේ ඉදිකිරීම් සමාගමක මූලිකත්වයෙන් සිදු කළ නවීකරණ කටයුත්තක් බව පෙන්වා පුත්තලම ප‍්‍රදේශයේ ඇති මෙගා කන්ස්ට‍්‍රක්ෂන් නම් ඉදිකිරීම් සමාගමක් වෙත අදාළ  මුදල ලබා දීමටය.

මෙම සමාගම රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අතිසමීප හිතවතකුට අයත් වූවකි.

පසුගිය ආණ්ඩු සමයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් මන්නාරම, පුත්තලම, මඩු, කල්පිටිය, වව්නියාව වැනි ප‍්‍රදේශවල සිදු කළ සියලූ‍ම ව්‍යාපෘතිවල පාහේ කොන්ත‍්‍රාත් කටයුතු සිදුකර ඇත්තේ ද මේ සමාගමය.

එසේම මෙම කොන්ත‍්‍රාත් කටයුතුවලට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් ගනුදෙනු බැලීම සඳහා ලිවර්පුල් සමාගමේ රාජන් සහ සමන් චන්ද්‍රරත්න යන අය කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා ද මේ වන විට ඊට මැදිහත්ව නීති විරෝධී අයුරින් අමාත්‍යාංශය සතු මුදල් අවභාවිතයේ යොදවන්නට සහාය දෙන බවත් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

(සත්හඬ)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිෂාඩ්ගේ අමාත්‍යාංශ ලේකම් මුදල් අවභාවිතයේ.
රිෂාඩ්ගේ අමාත්‍යාංශ ලේකම් මුදල් අවභාවිතයේ.
http://ift.tt/2bmx3LW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_939.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_939.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy