දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ධම්මික, මැක්වුඩ්ස්ට ඉව අල්ලයි.

ප්‍රබල ව්‍යපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා විසින්  බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට හා ඔහුගේ පවුලේ ඥ...


ප්‍රබල ව්‍යපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා විසින්  බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට හා ඔහුගේ පවුලේ ඥාතීන්ට අයත් මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

 ක්‍රිස් නෝනිස් මහතාගේ මවගේ සොයුරා වන රීකී මෙන්ඩිස් මහතාට අයත්ව තිබු 'ලුවිස් බ්‍රවුන් ෆිනෑන්ස්' (LB ෆිනෑන්ස්) සමාගම මිලදී ගනු ලැබුවේ ද ධම්මික පෙරේරා මහතාය.

අවුරුදු 170 ක් පැරණි මැක්වුඩ්ස් සමාගමේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් එහි සභාපති ක්‍රිස් නෝනිස් මහතා, ඔහුගේ සහෝදරියක් වන නිර්මලී සමරතුංග මහත්මිය හා ඔහුගේ මාමා වන රීකී මෙන්ඩිස් අතර මතුවී ඇති අර්බුදය මේ වනවිට අධිකරණය දක්වා දිග්ගැස්සී තිබේ.

මැක්වුඩ්ස් සමාගම ජාත්‍යන්තර තළයට රැගෙන ඒමට සිය මුළු දිවියම කැපකළ ශ්‍රියාණි නෝනිස් (වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ මව) හා මෙම සමාගම බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් මිලදී ගත් එන්.එස්.ඕ. මෙන්ඩිස් (වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ සීයා) විසින් ව්‍යාපාරයේ උන්නතිය තකා සමාගමෙන් පළවා හරිනු ලැබූ පුද්ගලයන් කිහිපදෙනෙකු දේශපාලනඥයන්ගේද අනුග්‍රහය ඇතිව නෝනිස් පවුල තුළ මෙම අර්බුදය නිර්මාණය කර ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව, මැක්වුඩ්ස් සමාගමින් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා පලවා හැරීම සඳහා නිර්මලී සමරතුංග මහත්මිය හා ඇයගේ සැමියා වන නිශ්ශංක සමරතුංග මහතාත්, රීකී මෙන්ඩිස් මහතාත් එක්ව සිංහල මාධ්‍යයෙන් සති අන්ත පුවත්පතක් ද ආරම්භකර ඇත.

ක්‍රිස් නෝනිස් මහතාට පහර දෙමින් කොළඹ හා කළුතර පෝස්ටර් අලවමින් පිටපත් සීමිත ගණනක් මුද්‍රණය කර නොමිලේ බෙදාහරින මෙම පුවත්පත සංස්කරණය කරනු ලබන්නේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක ජනප්‍රිය මාධ්‍යවේදියෙකි. ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ව්‍යාපාරික පුවත්පතක් ද ප්‍රකාශයට පත් කරයි.

මෙසේ පවුලේ අභ්‍යන්තර ගැටුම් පවතිද්දී අගලවත්ත වැවිලි සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වූ මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම LOLC සමාගමට විකුණා දැමීමට පසුගියදා  පියවර ගනු ලැබීය.

මෙහිදී වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට වැඩි කොටස් හිමිකාරිත්වයක් සතුව තිබූ අගලවත්ත ප්ලාන්ටේෂන් ලැයිස්තුගත සමාගම (APL), සතු වූ මිලියන 15.2 ක කොටස් ප්‍රමාණයක් රු.20.00 බැගින් කෝටිපති ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා සභාපතිත්වය හොබවන බ්‍රවුන්ස් සමාගම විසින් රුපියල් මිලියන 304 කට මිලදී ගත් බව කොළඹ කොටස් වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය අගලවත්ත වැවිලි සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 60.80% ක ප්‍රමාණයකි.

අගලවත්ත වැවිලි සමාගම මිලදී ගැනීමට ධම්මික පෙරේරා මහතා සැලසුම් කර තිබුනද ඉහත සඳහන් සිංහල පුවත්පත සංස්කරණය කරන ව්‍යාපාරික මාධ්‍යවේදියා මැදිහත්වී එය ඉෂාර නානායක්කාර මහතා වෙත ලබාදීමට කටයුතු කර තිබිණ.

-SLM

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධම්මික, මැක්වුඩ්ස්ට ඉව අල්ලයි.
ධම්මික, මැක්වුඩ්ස්ට ඉව අල්ලයි.
http://ift.tt/2bmxbet
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_160.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_160.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy