මෙහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් 2017-07-20 දින (අද) ප:ව 3.00 ට බොරැල්ල හරස් පාරේ පිහිටි රමණී ප්‍රනාන්දු සැලෝන් හිදී පැවැත්...
මෙහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් 2017-07-20 දින (අද) ප:ව 3.00 ට බොරැල්ල හරස් පාරේ පිහිටි රමණී ප්‍රනාන්දු සැලෝන් හිදී පැවැත්වෙන අතර, එදින පරිත්‍යාගශීලිනියන් රැසක් පිළිකා රෝගීන් වෙනුවෙන් ස්වකීය කෙස් කළඹ පරිත්‍යාග කිරීමට ද කටයුතු යොදා තිබේ.
මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම (“පිළිකා සරණ භාරය” , “රමණි ප්‍රනාන්දු සැලොන්”, ලලිත් ධර්මවර්ධන මහතා යන පාර්ශවයන් තුන අතර) අත්සන් කිරීම 2017-07-17 දින මහරගම අපේක්ෂා රෝහල අසල පිහිටි පිළිකා සරණ භාරය කාර්යාලයේදී සිදු විය. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර සිටම ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු සැලවූ පරිත්‍යාගශීලින් සියයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන්ම පැමිණ ස්වකීය කෙස් කළඹ දන් දී ඇති බව “පිළිකා සරණ භාරය” කෘතවේදීව සිහිපත් කරයි.
ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කළඹක වෙලඳපල වටිනාකම ඉතා ඉහල අගයක් ගන්නා අතර, (රුපියල් එක් ලක්ෂ අනූ දහසක් ) එක් කෙස් කළඹක් සැකසීම සඳහා පරිත්‍යාගශීලින් 8ත්-15 ත් අතර පිරිසකගේ හිසකෙස් අවශ්‍ය වෙයි. හිස කෙස් මිලි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් රුපියල් 70,000 ක් පමණ වන බව ව්‍යාපෘතිය සඳහා සහාය දක්වන ලලිත් ධර්මවර්ධන මහතා පවසයි. (ලලිත් ධර්මවර්ධන මහතා ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹක් සකස් කිරීමේ හැකියාව සහ තාක්ෂණය ඇති ශ්‍රී ලංකාවේ එකම සැකසුම් ශිල්පියා ද වෙයි.)
“පිළිකා සරණ භාරය” විසින් ස්වාභාවික හිස කෙස් සැපයීමෙන් පසු රු:25,000 ක සහන මිලකට සකසන ලද කෙස් කළඹක් පිළිකා සරණ භාරය වෙත සැපයීමට ලලිත් ධර්මවර්ධන මහතා එකඟතාවය පළ කර ඇත. මේ දක්වා බොහෝ දුරට ශ්‍රී ලංකාවේදී ස්වාභාවික හිස කෙස් වලින් කෙස් කළඹක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වූ හිස කෙස් ඉන්දියාවෙන් ආනයනය කෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු කෙස් කළඹ අහිමි වූ පිළිකා රෝගීන් උදෙසා ස්වකීය හිස කෙස් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින්ට අවස්ථාව සැලසේ.
ස්වාභාවික හිස කෙස් වලින් සකසන ලද කෙස් කළඹක් ලබා ගැනීමට අපේක්ෂා කරන පිළිකා රෝගය වැළදුනු අයවලුන්ට සහ සිය කෙස් කළඹ දන් දීමට කැමති පරිත්‍යාගශීලින්ට පහත අංකයෙන් වැඩි දුර විස්තර “පිළිකා සරණ භාරය” ඇමතීමෙන් ලබා ගත හැක. 0112 363 211

COMMENTS