දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දීය ධීවරයන්ට ලංකාවේ නේවි එකෙන් වෙඩි තැබූ සිද්ධියක් - ඉන්දීය මාධ්‍ය කළඹයි
Homeගොසිප්

ඉන්දීය ධීවරයන්ට ලංකාවේ නේවි එකෙන් වෙඩි තැබූ සිද්ධියක් - ඉන්දීය මාධ්‍ය කළඹයි

PropellerAds

ඉන්දියානු ධීවරයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කුඩා බෝට්ටු වල සිටි නාවිකයන් විසින් ඊයේ (6) රාත්‍රියේ වෙඩි තබන ල...

ශ්‍රී ලංකාව පළමු තරගයෙන් ම පරාජයෙන් 'නිදහස්' වෙයි.
ඇඳිරිනීතිය මැද මැණික්හින්නේ කළබල.
'ආණ්ඩුවේ කොන්ද පණ නැති නිසා රට අරාජික වුනා' - මරික්කාර්

ඉන්දියානු ධීවරයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කුඩා බෝට්ටු වල සිටි නාවිකයන් විසින් ඊයේ (6) රාත්‍රියේ වෙඩි තබන ලදැයි මේ වනවිට ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය මගින් විශාල චෝදනාවක් දියත් කර ඇත.
කෙසේ වෙතත් එම චෝදනාව  පදනම් විරහිත  බව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තරයේ ප්‍රතික්ශේප කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය පහත පිරිදිය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරක කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ වේග ප්‍රහාරක යාත්‍රා සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා වන අතර, කිසිදු අවස්ථාවක නාවික මුර සංචාරක රාජකාරී සඳහා කුඩා බෝට්ටු යොදා ගැනීමක් සිදු වන්නේ නැත.

එමෙන්ම, කිසිදු අවස්ථාවක නාවික හමුදාධිපතිතුමාගේ පූර්ණ අවසරයකින් තොරව, නාවික යාත්‍රාවල රාජකාරී කරන නාවික පුද්ගලයින් හට
වෙනත් යාත්‍රාවන්ට හෝ පුද්ගලයන්හට වෙඩි තැබීම සඳහා අවස්ථාවක් නොලැබේ.

මුර සංචාරක කටයුතු වල නිරත යාත්‍රාවන්ට ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශය තුළ අනවසර ධීවර කටයුතු වල නිරත ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට ගැනීමට පැහැදිලි උපදෙස් ලබා දී ඇති අතර, ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර කටයුතු පිළිබඳ නිසි බලධාරීන් වෙත භාර දීම සාමාන්‍ය ක්‍රමවේදයයි. මේ වන විට ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 146 ක්  සහ ධීවරයින් 85 දෙනෙකු ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතී.

මාර්තු මස 11 සහ 12 යන දෙදින පැවැත්වීමට නියමිත කච්චතිව් මංගල්‍ය වෙනුවෙන් මේ වන විට නාවික හමුදාව කටයුතු සම්පාදනය කරමින් සිටින අතර, නාවික මුර සංචාරක කටයුතු ද කච්චතිව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබයි. පලවන වාර්තා අනුව ඉන්දියානු ධීවරයින් 5000 ක පිරිසක් සහ බෝට්ටු 150 ක් පමණ මෙවර කච්චතිව් මංගල්‍ය සඳහා සහභාගී වීමට නියමිතය.

ඒ අනුව, ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන පරිදි කිසියම් වෙඩි තැබීමේ සිද්ධියකට නාවික හමුදාව සම්බන්ධ බවට කෙරෙන වාර්තා නාවික හමුදාව විසින් තරයේ ප්‍රතික්ශේප කරනු ලබයි.

කෙසේ වුවද, වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා ඵලවීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහි සත්‍ය, අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දීය ධීවරයන්ට ලංකාවේ නේවි එකෙන් වෙඩි තැබූ සිද්ධියක් - ඉන්දීය මාධ්‍ය කළඹයි
ඉන්දීය ධීවරයන්ට ලංකාවේ නේවි එකෙන් වෙඩි තැබූ සිද්ධියක් - ඉන්දීය මාධ්‍ය කළඹයි
http://ift.tt/2mRoTlB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_534.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_534.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy