දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විදෙස් බුද්ධි සේවයක් බරටම වැඩ - මංගල අගමැති කතාවත් බොරුවක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කර ඇති දේශප...


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කර ඇති දේශපාලන මෙහෙයුමට විදෙස් රටක බුද්ධි අංශයක ආධාර අනුබල ලැබී ඇති බවට රජයේ බුද්ධි අංශ විසින් තහවුරු කර ඇතැයි ආණ්ඩුවේ ප්‍රධානියකු පැවසිය.

එහෙත්, එම විදෙස් බුද්ධි සේවය එසේ ආධාර අනුබල දෙමින් සිටින්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට පත්කිරීමට නොව ආණ්ඩුවට බලපෑමක් කිරීමේ අරමුණින් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 20 කට ආසන්න සංඛ්‍යාවක් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් මෙහි දී අදහස් දැක්වූ ඉහත ප්‍රකාශකයා, මෙසේ ආණ්ඩුවෙන් ඉවත් වන පිරිස පහක් හෝ හයක් වනු ඇති බව ද කියා සිටියේය.

මේ පිරිස බැසිල් රාජපක්ෂ මහතා සමඟ කර ඇති සාකච්ඡා සම්බන්ධ තොරතුරු රැසක් ද ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට ලැබී තිබේ.


මේ අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කිරීමේ යෝජනාවක් ඇති බවට පලවන පුවත් පසුපස බැසිල්ගේ මෙහෙයුම ඇති බව ද වාර්තා වේ. 

මෙසේ පුවත් පළකර ජාතික ආණ්ඩුව තුල අර්බුධයක් ඇති බවට හුවා දැක්වීම මෙම මෙහෙයුමේ අරමුණ වී තිබේ.

මෛත්‍රී-රනිල් එකඟතාවයක් :

මේ අතර, ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු කුමන තත්ත්වයක් යටතේ හෝ ආණ්ඩුව රැකගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟත්වයකට පැමිණ ඇත.

මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබ ඇත්තේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා විසිනි.

සයිටම් ප්‍රශ්නය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන සටන් පාඨ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය පැහැදිලි කිරීමටත්, පසුගිය ආණ්ඩුව කාලයේ මේ ප්‍රශ්න ඇති කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් මේ සාකච්ඡාවල දී ආණ්ඩුවේ නායකයන් තීරණය කර ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28599,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදෙස් බුද්ධි සේවයක් බරටම වැඩ - මංගල අගමැති කතාවත් බොරුවක්.
විදෙස් බුද්ධි සේවයක් බරටම වැඩ - මංගල අගමැති කතාවත් බොරුවක්.
http://ift.tt/2uQ0Czv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_418.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_418.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy