දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගල් අඟුරු වලින් යළි ගසාකෑමේ තැතක්
Homeප්‍රවෘත්ති

ගල් අඟුරු වලින් යළි ගසාකෑමේ තැතක්

PropellerAds

විදුලිබල අමාත්‍යාංශය මගින් මේ වසරට අදාළව නැවත වරක් දූෂිත අන්දමින් ගල් අඟුරු ආනයනය කිරීමට සැරසෙන බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.  නිවේදන...

ඉහළ නිලධාරියකුගෙන් බලපෑම් - BOI සභාපති ඉල්ලා අස්වෙයි
කොරෝනා මර්ධනයට වෙනම ඇමති කෙනෙක් පත් කරයි
කෝටිපති ජපන් දියණිය දුෂණය කර පැහැර ගත්තා නොවේ..එය ප්‍රේම කතාවක් – විනිසුරු දැරියට අසුනකුත් දෙයි
ගල් අඟුරු වලින් යළි ගසාකෑමේ තැතක්

විදුලිබල අමාත්‍යාංශය මගින් මේ වසරට අදාළව නැවත වරක් දූෂිත අන්දමින් ගල් අඟුරු ආනයනය කිරීමට සැරසෙන බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ ගල් අඟුරු මෙ.ටො 1 සඳහා අමෙරිකානු ඩොලර් 10ක වැඩි ගෙවීමකින් ආනයනයට පියවර ගෙන ඇති බවයි. 

ඒ අනුව මේ ගනුදෙනුව හරහා මෙ.ටො. 60,000 - 64,000 ආනයනය කිරීමට සැලසුම් කර ඇත. පසුගිය වසරේද මෙවන් ගනුදෙනුවක් තුළින් ලංකාවට අහිමී වූ මුදල රුපියල් මිලියන 4,145,43 ක් බව එම නිවේදනයේ සඳහන් වේ

එම පුවත්පත් නිවේදනය පහතින්,

කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අගුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත. 

නැවත ඇරඹී ඇති ගල් අගුරු වංචාව මගින් මෙවර මිලදී ගන්නා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 10 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් මෙවර වැඩිපුර ගෙවීමට සිදුවේ.  පළමු ගල් අගුරු නැව මගින් මෙට්‍රික් ටොන් 60,000 – 64,000 දක්වා ප්‍රමාණයක් ගල් අගුරු ගෙන්වීමට නියමිතය.  පසුගිය සතියේ දී මේ සදහා ණය (එල්.සී.)  ලිපි විවෘත කොට ඇත. 

කැෆේ සංවිධානය මෙම දුෂිත ගනුදෙනුව නැවත ඇරඹීම පිළිබදව 2017 ජනවාරි 4 දින ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.  අගවිනිසුරු ප්‍රමුඛ ශේෂ්ඨාධිකරණය විසින් ‘මහජන මුදල් සම්බන්ධ බැවින් හෘර්ද සාක්ෂිය කම්පා කළ බව‘ කියු නඩු තීන්දුව මගින් ද, 2016 දෙසැ. 30 දින විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අගුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී ඇත.  ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් උක්ත ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ‘ශුන්‍ය සහ බල රහිත‘ බව නිගමනය කොට ඇත. මේ වන විට මේ  පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ සුරේන් බටගොඩ ලේකම්වරයා ඇතුළු පිරිසට එරෙහිව ‘පොදු යහපතට සම්බන්ධයෙන්‘ නඩුවක් විභාග වේ. 

2016 දෙසැම්බර් 30 දිනැති විගණකාධිපති වාර්තාව අනුව, ඔබතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ‘යහපාලන රජය යටතේ‘ සිදු වී ඇති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් බවට ගල් අගුරු මිලදී ගැනීම සම්බන්ධ වංචාව පත්ව ඇති බව පැහැදිලිය. 

මාස ගණනාවක් අතහැර දමා තිබූ ගල් අගුරු ගෙන්වීමට එජාප - ශ්‍රීලනිප දේශපාලනඥයින් තිදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇත. 

දුෂණ විරෝධී පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලට කුමක් වූවේ ද යන්න විමසා අද ‘අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ලිපියක් ද යොමු කර ඇත.

 පූජ්‍ය උලපනේ සුමංගල හිමි

සභාපති/දුෂණ විරෝධී පෙරමුණ

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය                                                   

2017 ජනවාරි මස 17

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල් අඟුරු වලින් යළි ගසාකෑමේ තැතක්
ගල් අඟුරු වලින් යළි ගසාකෑමේ තැතක්
http://ift.tt/2jENuFp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_612.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_612.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy