දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ස්වභාව ධර්මය හා මිනිසා - සුනන්ද රත්නායක

සියළු ජීවීන්ගේ පැවැත්මට ආලෝකය වාතය හා ජලය හා මහ පොළව - භූමිය පමණක් නොව ගහ කොළ සතා සිව්පාවුන්ද මිනිසා පැවැත්මට මෙන්ම පෘථිවි තලයේ පැවැත්මටත්...

ස්වභාව ධර්මය හා මිනිසා - සුනන්ද රත්නායක
සියළු ජීවීන්ගේ පැවැත්මට ආලෝකය වාතය හා ජලය හා මහ පොළව - භූමිය පමණක් නොව ගහ කොළ සතා සිව්පාවුන්ද මිනිසා පැවැත්මට මෙන්ම පෘථිවි තලයේ පැවැත්මටත් විශ්වයේ පැවැත්මටත් උපකාරී වේ. සොභා දහම මිනිසා වෙනුවෙන් පවතින්නක් නොව ඊටම අයත් වූ රීතියකට අනුව චලනය වෙමින් වෙනස් වෙමින් පවතින්නේය. එහෙත් මානවයා හට සොභාව ධර්මය නොමැතිව පැවැතිය නොහැක.

මොහොතක් සිතා බලන්න අප මොහොතක් පාසා ආශ්වාස කරන වායුව ලබා දෙන්නේ කවුරුන් විසින්ද? කෝටි සංඛ්‍යාත ජීවීන් (ශාක හා සත්ව) තම නාස් පුඩු සහිත නල නිරන්තරව ඔබාගෙන සිටින්නේ ඔබ අවට පැතිරී ඇති වායු ගබඩාවෙහිය. එම වායු ගබඩාවෙන් නාස් පුඩු ඉවත් කළහොත් ඔබේ ඉරණම කෙබඳු විය හැකිද.? එසේම අපිරිසිදු වන වායුව පිරිසිදු කරන්නේද සොභා දහමට අයත් වස්තූන්ගෙනි. අපිරිසිදු වූ ඇඳුම් පිරිසිදු කරගනු ලැබුවත් වායුව එසේ පිරිසිදු කළ නොහැකිය. එය සිදු වන්නේ ජලයෙන් හා ශාඛ වලින් පමණි. මෙම ක්‍රියාවලින් සියල්ල මිනිසාගෙන් පරිභාහිරව පවතින්නේය.

සමස්ථ ස්වභාව ලෝකයම කිසියම් නීතියකට අනුව ක්‍රියා කරන මිනිසාගේ පාලනයට යටත් කරගත නොහැකි බලවේගයක් ලෙස පවතින බව ඇගේම විශිෂ්ඨ නිර්මාණය වූ ඇගේ රුහිරෙන් යැපෙන නූතන මානවයා විසින් හඳුනාගෙන ඇතත් එය අවබෝධ කරගත් මනු සතුන් නොවන බව පැහැදිළිය.

ස්වභෘව ධර්මයය අවසාන වශයෙන් කටයුතු කරන්නේ එම න්‍යායයට අනුව මිස කිසියම් දේවවාදයකට හෝ අධ්‍යාත්මිකවාදයකට නොවන බවත් නිත්‍ය වශයෙන්ම කිසියම් චක්‍රයක චලනය වෙමින් වෙනස් වෙමින් උපදිමින් මිය යමින් ඓතිහාසිකව ඊට උරුම වූ ගමන් මාර්ගයක ගමන් කරන බව මේ වන විට හඳුනා ගෙන ඇත.

ආලෝකය, වාතය, තාපය , ජලය, හා භූමියට අයත් සියළු දේ නොමැතිව මිනිසා ඇතුළු සත්වයින් පැවැත්මට උපකාරීවන බව නූතන මිනිසා අමතක කර දමා සියළු දේ සියළු දේ ලාභ පාඩු මත තීන්දු කරන තැනකට පත්ව ඇත. අප කන බොන අදින පළදින හා යාන වාහන පමණක් නොව උඩු ගුවන තරණය කිරීමට හා ඈට එරෙහිව යන සියළු කටයුතු කරගෙන යෑමට උත්සාහගත්තේ ඇගේම වස්තූන් උපයෝගී කරගෙනය.

භූමිය මානවයාගේ පැවැත්මට හා ඔහුගේ ජීවිතයට කිසියම් ස්ථාවරත්වයක් සපයයි. ඔහුගේ නිවහනද කන බොන අඳින පලදින දෑ සොයා දෙන්නේ ද භූමියයි. කාර්මික විප්ලවය ආරම්භ වී මේ වන විට සියවස් දෙකක් පසු කරමින් සිටින්නෙමු. ඒ සියවස් දෙක තුළ වායුව දූෂණය කර එහි පිරිසිදු භාවයට වගකියන වනාන්තර කෝටි ගණන් විනාශ කර ඇත්තෙමු. එම නිසාම උල්පත් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් සිදී යමින් පවතින අතර පෘථීවි තලයේ විශාල භූමි භාගයන් කාන්තාර වෙමින්ද පවතී. සියවස් දෙකක නවීන මිනිසාම සොයාගත් ඇතැම් නවීන මෙවලම් විසින් ඕසෝන් ස්ථරය පවා විනාශකරගෙන සිටින්නෙමු.

විද්‍යාවේ සොයා ගැනීම් සමඟ උඩඟු වූ මිනිසා ස්වභාව ධර්මය ජයගත හැකි යැයිද යන සොභාව ධර්මයේ පාලනය තමා අතට ගත හැකි යැයි යන අමන උත්සාහයක නියලී සිටී.

9 වන සියවසේ අගභාගය වන විට විද්‍යාවේ නව සොයා ගැනීම් සමඟ දාර්ශනික වශයෙන් ද යම් පිබිඳීමක් ඇති වන වකවානුවකි. පෘථිවි තලයේ 1/3 න පමණ වන ජනතාවක් නව දර්ශනයක් හැටියට කරළියට වන් මාක්ස් එංගල්ස් සුසංයෝගයෙන් කරලියට වන් මාක්ස්වාදී දර්ශනය පීඩිත පංතීන්ගේ යම් පිබිදීමක් ඇති කරන්නට සමත් විය. පරිණාමවාදයේ එළි දැකීමත් සමඟ මාක්ස් වාදයටද ආලෝකයක් සැපයිණ.

එහෙත් නවීන විද්‍යාවේ සොයා ගැනීම් සමඟ එහි අනාගතය දැක එයින් උද්දාමයට පත් වී සොභාදහම විසින් පාන අධිපතිකමට එරෙහිව යා හැකි යැයි යන ආකල්පයෙන් යුතුව සොභා දහමට වඩා මිනිසා ඉහළ තළයකට ඔසවා ඇති සැටි එංගල්ස්ගේ ඇතැම් ලේඛන වල දැකිය හැකිය. ඒ අතරින් සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට යන ග්‍රන්ථයේ සහ සොභා දහමේ දයලෙක්තිකය යන ග්‍රන්ථ පරිශීලනය කරන්නෙකුට පැහැදිළි වේ.

එපමණක් නොව එම දර්ශනය ගුරු කොට ගත් රාජ්‍යයයන් විශේෂයෙන් සෝවියට් දේශය හා චීනය වැනි රාජ්‍යයන් සොභාව ධර්මයට විරුද්ධ අරගලයේ ධනේශ්වර රාජ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටී. සමාජවාදය මනෝරාජ්‍යවාදයෙන් විද්‍යාවට යන ග්‍රන්ථයේ 83-85 වන පිටු වලින් උපුටා ගත් පහත ඡේදයන්ගෙන් එය පැහැදිළි වන්නේ තමාගේ උපත සහ ඇති දැඩි කරන මාතාවට එරෙහිව යෑමක් බව පැහැදිළි වනු ඇත.

“ මිනිසා අවට ගැවසී ගත් හා මේ දක්වා මිනිසා පාලනය කළ , ජීවන තත්වයන් පිළිබඳ මුළු කේෂ්ත්‍රයම දැන් මිනිසාගේ ආධිපත්‍යය හා පාලනය යටතට එන්නේය. ඔහු ප්‍රථම වතාවට ස්වභාවධර්මයේ සැබෑ විඤ්ඤාණ ස්වාධීන වන්නේය. මෙතෙක් ස්වභාවධර්මයේ නීති වශයෙන් අභ්‍යන්තර හා අධිපතිකම් පාන ආකාරයෙන් ඔහු හා මුහුණට මුහුණ ලා සිටී. ඔහුගේම සමාජ ක්‍රියාකාරීත්වයේ නීති එවිට සම්පූර්ණ අවබෝධයකින් උපයෝජනය කරගනු ලබනු ඇත. ඔහු ඒවා ගැන සම්පූර්ණ දැනුමක් ලබාගනු ඇත. මේ දක්වා ස්වභාව ධර්මය හා ඉතිහාසය විසින් මිනිසා මත පටවන ලද අවශ්‍යතාවයක් වශයෙන් ඔහු ඉදිරියෙන් නැගී සිටින ඔහුගේම සමාජ සංවිධානය දැන් ඔහුගේ නිදහස් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් බවට පත් වේ. මෙතෙක් ඉතිහාසය පාලනය කළ බාහිර වාස්තවික බලවේගයන් දැන් මිනිසාගේම පාලනය යටතේ ක්‍රියාත්මක වේ.

ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද සමාජ සාධකයන් ප්‍රධාන වශයෙන් හා නිරතුරුව වැඩෙන සාර්ථකත්වයෙන් යුතුව ඔහු බලාපොරොත්තු වන ප්‍රතිඵල ගෙන එනු ඇත්තේ එතැන් සිට පමණි. එය වනාහී අවශ්‍යතාවයේ රාජධානියේ සිට නිදිහස් රාජධානිය දක්වා මිනිසාගේ හැඟීමයි“.

86 පිටුවේද මෙසේ දක්වා ඇත.
“අන්තිමේදී තමාගේම සමාජ සංවිධානයේ ස්වාමීත්වයට එළඹෙන මිනිසා ඒ අතරම ස්වභාව ධර්මයටද අධිපතිවෙයි. ඔහු ඔහුගේම ස්වාමියා වෙයි- නිදහස් වෙයි.“

නවීන විද්‍යාවේ සොයාගැනීම් අනුව එනම් තාරකා විද්‍යාව , යාන්ත්‍රික ,භෞතික කායික විද්‍යාවේ යම් යම් අල්ප වූ සොයා ගැනීම් සමඟ උඩඟු වූ වත්මන් මානවයාගෙන් පැහැදිළි වන්නේ කුමක්ද??

මිනිසා විශ්වයේ සිටින කෝටි සංඛ්‍යාත ජීවීන්ගෙන් එකෙකු පමණි. ඔහුට චින්තනයත් සිතීමේ හැකියාවත් ලබා දුන් පමණින් විශ්වයේ ආධිපත්‍යය දැරීමට දැගලීමම විශ්වයම අනතුරු කරා ගෙන යයි. එසේම ඔහු ස්වභාව ධර්මයේ සේවකයෙකු මිස ස්වාමියෙකු නොවේ. යම් පමණකින් හෝ එහි හවුල්කාරීත්වය ලබා ගත හැක්කේ සොභාව ධර්මය සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් පමණි. නූතන මිනිසා ගන්නා තීරණය එනම් තමා විශ්වයේ ස්වාමියෙකු අධිපතියෙකු වෙනවාද එසේ නොමැති නම් සේවකයෙකු හවුල් කරුවෙකු වෙනවාද යන තීරණය මත මිහිතලයේ අනාගත ඉරණම වන මිය යෑමට ගත වන කාලය තීරණය කරනු ඇත. ඒ පිළිබඳව එංගල්ස්ම එම ලියවිල්ලේම ලිස්සායන හැටි පැහැදිළිය.

මෙම ක්‍රියාදාමයන් හා චින්තන ත්‍රමයන් කිසියම් අධ්‍යාත්මකවාදී තර්කරාමුවකට ඇතුළත් නොවේ. අනිත් අතට දයලෙක්තිකක්‍රමය ද්‍රව්‍යයන් හා ඒවායේ නියෝජනයන් වන අදහස් ඒවායේ ප්‍රධාන සම්බන්ධය., අනුසන්ධානය , චලනය ,සම්භවය හා අභාවය අනුව ඒවා වටහා ගනියි. ඒ නිසා ඉහත සඳහන් කළ වැනි ක්‍රියාදාමයන්ම එහි කාර්යය පිළිවෙල සනාථ කරන සාධක ගණනාවකි.. දයලෙක්තික ක්‍රමය නිවරදි බව ඔප්පු කරන සාක්ෂිය ස්වභාව ධර්මයයි. එමෙන්ම නවීන විද්‍යාවද මෙය ඔප්පු කිරීමට උපකාර වෙමින් දිනෙන් දිනම වැඩිවන සාරවත් කරුණු රැසක් සපයමින් ඒ අනුව ස්වභාව ධර්මය අවසාන වශයෙන් කටයුතු කරන්නේ දයලෙක්තික ක්‍රමයට මිස අධ්‍යාත්මවාදයට අනුව නොවන බවත් ඇය නිත්‍ය වශයෙන් පරාවර්තනය වන චක්‍රයක පසුකාලීන ඒකීයත්වයක් තුළ චලනය නොවන අතර සැබෑ ඓතිහාසික පරිණාමයන් තුළින් ගමන කරන බවත් පෙන්නුම් කර තිබේ. මේ හා සම්බන්ධයෙන් අන් හැම දෙනාට ප්‍රථමයෙන් ඩාවින්ගේ නම සඳහන් කළ යුතුය. පැළෑටි සතුන් හා මිනිසාමත් අවුරුදු කෝටි ගණනක් තිස්සේ සිදු වුණ පරිණාම ක්‍රියාදාමයක නිර්මාණයක් වන බව අධ්‍යාත්මවාදී සංකල්පයට බරපතළම පහර ගැසුවේය. එහෙත් දයලෙක්තික ක්‍රමයට චින්තනය කිරීමට උගත් ස්වභාත්මවාදීන් ඉතා අඩුය. ඔවුන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. “

එහි සඳහන් ආකාරයට ස්වභාවික විද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන්නන් විරළ බැවින් එය අත්හැර දැමීමට කරන යෝජනාවක්ද?

මිනිසා සොභා දහමට ඉහළින් ඔසවා තබන එංගල්ස් තම අග්‍රගණ්‍යය කෘතිය වන ‘සොභා දහමේ දයලෙක්තිකය ‘ කෘතියෙහි 52-53 වන පිටුවල අවධානය යොමු කළ විට මානවයාගේ වීරත්වය ඉහළට ඔසවා තබන හැටි පැහැදිළිය.
“ මිනිස් අත විශේෂකරණයට භාජනය කිරීමෙන් අදහස් වනුයේ උපකරණය ඇති වීමය. උපකරණයෙන් අදහස් වනුයේ සුවිශේෂී මිනිස් ක්‍රියාකාරීත්වයයි. එය ස්වභාව ධර්මය මත මිනිසාගේ පරිණාමන ප්‍රතික්‍රියා දැක්වීම වන නිෂ්පාදනය අඟවයි. පටු අරුත අනුව සතුනටද උපකරණ ඇත. එහෙත් සතුන්ගේ ශරීරයේ ගාත්‍රා වශයෙනි. කූඹියා, වේයා, මී මැස්සා , බීවරයා නිදසුන්ය. ඔවුන් ද නිපදවති. එහෙත් ඔවුන් නිෂ්පාදන පරිශ්‍රමය අවට සොභාදහම මත ඇති කරන බලපෑම සාපේක්ෂව කිසිවක් නොමැති තරම්ය. සොභා දහම මත තම මුද්‍රාව තැබීමට සමත්ව ඇත්තේ මිනිසා පමණකි. “
එකක් සැබෑය සොභා දහම මත තම මුද්‍රාව තබා වර්තමානය වන විට සියවස් දෙකක හපන්කම් වල විපාකයන්ට මුළු පෘථිවි තලයම ගොදුරු වී සිටිති. තම තාවකාලික සුඛ විහරණය වෙනුවෙන් බොහෝ සම්පත් බිලි දී හමාරය. එමගින් සිදු වූයේ සොභාව ධර්මයේ චලිතයේ යථාරූපයෙන් මිනිසා ඈත් වී කෘත්‍රීම තත්වයක් යටතේ තවත් අවුරුදු අසූ දහස් ගනණ් විනාශ වන්නට නියමිත දෙය වසර දෙසීයකට පටු කිරීමය. චින්තන ක්‍රියාවලීන්ගේ උපත පවා සිදු වන්නේ විශ්වීය බලපෑම අනුව ඇතිවන රසායනික ක්‍රියාකාරීත්වය නිසාය යන්න පිළිගැනේ. එම විශ්ව ක්‍රියාකාරීත්වය , චලිතයේ ස්වරූපය හා වෙනස් වීම තමා අතට ගැනීමට යෑමෙන් සිදු වී ඇත්තේ විකෘතියකි.

චින්තන ක්‍රියාවලිය හා බුද්ධියේ වර්ධනය හා එහි උපත ලැබීමට භූගෝලීය සාධකයන් බලපානු ඇත.

උදාහරණ ලෙස පෘථිවි තලයේ ජීවීන් බහුල වශයෙන් පැතිරී ඇත්තේ සමකය ආසන්න ඝර්ම කලාපීය හා ඊට තදාසන්න පෙදෙස්වලය. චින්තනාවලියේ වර්ධනය සිදු වූයේද ඒ ආශ්‍රිතවය. අනිකුත් කලාපයන්හි ජීවී මනස් අඳුරු හා දුප්පත්කමින් පොහොසත් බව පැහැදිළිය.

එයින් පැහැදිළිවන්නේ ස්වභාවධර්මයේ නිර්මාණයක් බවයි. මිනිස් බුද්ධිය චින්තාවලිය එනම් ස්වභාවධර්මයෙන් ලැබුණා වූ තමාගේ ස්වරූපය එනම් මිනිසා දක්වා අවකලන වූ චලිතයේ ක්‍රියාකාරීත්වයට අභියෝග කිරීමක් පමණි.

එසේම ඔහු ස්වභාව ධර්මයේ සේවකයෙකු මිස ස්වාමියෙකු නොවේ. යම් පමණකින් හෝ එහි හවුල් කාරීත්වය ලබාගත හැක්කේ චලිතයේ යථා ස්වරූපය හඳුනාගැනීමට සොභාව ධර්මය සමඟ සහයෝගයෙන් මිස අධිපතියෙකු වී චලිතයේ ස්වරූපය අවුල්කර දැමීමෙන් නොවේ. වර්තමාන මානවයා ගන්නා තීරණය මත එනම් තමා ස්වභාව ධර්මයේ සේවකයෙකු අධිපතියෙකු ස්වාමියෙකු වන වාද යන තීරණය මත මිහිතලයේ අනාගත ඉරණම තීරණය වෙනු ඇත.

ස්වභාවධර්මය ඉදිරියේ අධිපතියෙකු වී සිටින වත්මන් මානවයා ඇගේ රුහිරු උරා බී රැස්කරගත් ධනය ඉදිරියේ වහලෙකු වී සිටී. ධනයට වහල් වී සිටින නූතන මිනිස් බලපුළුවන්කාරයෙකු වී උඩඟු වී නැතිබැරිකමක් හෝ අමාරුකමක් හෝ කෙදිරියක් හෝ නොනගා තම කාර්යභාරයේ නිරත කෙඳිරියක් හෝ නොනගා තම කාර්යභාරයේ නිරත සොභාව ධර්මය ඉදිරියේ වීරයෙකු අධිපතියෙකු වී සිටී. ධනය විසින් ඇති කරන ලද එම වීරත්වය ලබාගත්තේද ඇගේම සම්පත්වලින් බව අමතක කිරීමට තරම් “මනස උසස් වූ“ මිනිසා ගුණමකුවෙකු වී සිටී.

ඉතාමත් දියුණු යැයි සැළකෙන කාර්මික රටවල ස්වභාවධර්මයේ යම් යම් බලවේග යටත් කරගෙන ඒවා මිනිසාගේ තාවකාලික පහසුකම් සඳහා යොදාගෙන ඇත. එමගින් යම් යම් නිෂ්පාදන වැඩිකරගෙන ඇත. එමගින් යම් යම් බලවේග යටත් කරගෙන ඒවා මිනිසාගේ තාවකාලික පහසුකම් සඳහා යොදාගෙන ඇත. එමගින් යම් යම් නිෂ්පාදන වැඩිකරගෙන ඇත. ධනේශ්වර මෙන්ම සමාජවාදී කඳවුර වඩාත් වේගයෙන් සීග්‍රයෙන් ඉදිරියට යමින් සිටිති. එහෙත් මේ වන විට චීනය ඔක්සිජන් වායුව කැඩනඩාවෙන් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි 2016 අවුරුද්දේ වාර්තා වීය. මානවයාගේ අසීමිත සුඛ විහරණය සඳහා නවීන විද්‍යාව මෙන්ම ප්‍රගතිශීලී දර්ශනයන් උදව් කර ඇති සැටි පැහැදිළිය. එහෙත් වත්මන් මානවයාගේ කාර්යභාරය විය යුත්තේ පෘථීවි තලය අභාවයට යෑම ඉක්මන් කිරීම නොව එහි සංවර්ධනීය ක්‍රියාවලියට උදව් කිරීම සඳහා එම රසායනික ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට විද්‍යාව යෙදවීමය.

ස්වභාව ධර්මය මිනිසා බිහි කර නඩත්තු කරනු ලැබුවේ මුග්ධයෙක් ලෙස ස්වභාවික වස්තූන් තමන් සතු කරගැනීමට යත්න දැරීම නොව ඊළඟ වඩාත් දියුණු උන්නතීන් සඳහා ස්වභාවික පද්ධතීන් වන භූමිය ,ඵලය තාපය හා අනිකුත් පද්ධතීන් උත්තේඡනයට අවශ්‍යය පියවරයන් ගැනීමය.

මානාවයා ඇතුළු සියළු සත්වයින් ගේ හා මුළු මහත් පරිසරයේම මාතාව වන්නේ සොබා දහමයි. ඇගේ රුහිරු උරා බී ජීවිත ගෙවන උඬගු ඇතැම් පිරිස් විසින් ඇය කෙළසමින් සිටින්නාහ.

ජීවයේ උපත සිදු වූ තිඹිරිගෙය මහා ජල සම්පතයි. ජීවී පරිණාමයේදී ජලය විසින් ඉටු කරන ලද සේවයට උපහාර පුදනු වෙනුවට වත්මන් බොහෝ පිරිස් විසින් නිර්මල දිය දහරාවන් තම අසූචි ගබඩා බවට පත් කර ඇත.

මුළු මහත් සත්ව හා ශාක සංහතියේ ආහාරය භූමියයි. එහෙත් ශිෂ්ඨ යැයි කියන ඇතැම් කුරිරු මිනිසුන් විසින් එම ආහාරයට වස විස මුසු කර සාගරයට දියකර හරිමින් සිටින්නාහ.

මුළු මහත් ජීවයේ ප්‍රාණය වායුගෝලයයි. එහෙත් “විද්‍යාවෙන් “ අගතැන්පත් ‘දියුණු‘ මිනිසා විසින් වස විස සමඟ වායු කදම්භය පළුදු කර එහි ක්‍රමික හැසිරීම අවුල් කර ලෝකය පුරා කාළඟුණික හා දේශගුණික විෂමතාවයන් දායාද කර ඇත. විශ්වයේ අධිපතතිවය භාර ගත් “දියුණු“ රටවල් තම මාතාව මරණයට පත් කිරීමේ උත්සාහයක නිරතව සිටී. එහි ප්‍රතිඵලය අති භයංකාරය. සොභා දහමේ සමතුලිතය ගිලී ප්‍රකෝප වී මහා ත්‍රස්තවාදිනියක වී සියල්ල වනසා දමන කාලය වැඩි ඈතක නොවනු ඇත. දැනටමත් පළමු පියවර තබා අවසන්ය.

මෙය අවබෝධ කරගත් ප්‍රඥාවන්ත , ගුණගරුක වූ මනස උසස් වූවන් විසින් කළ යුත්තේ දස මසක් කුස හොවා ඇති දැඩි කළ මිනිස් මාතාවගේ පළමු කිරි බිඳුව තමා මේ මෙලොවට බිහි වී උරාගන්නා පළමු ආස්වාසයේ සිට තමාගේ ජීවිත කාලයත් තම අනාගත පරපුරත් රැකබලාගෙන පෝෂණය කරන්නා වූ සොභා දහම නමැති මාතාව දූෂණය නොකට අවබෝධයෙන් යුතුව පෝෂණය කිරීමයි.

21 වන සියවසේ ජීවත් වන මහා උසස් වූවන්ගේ උතුම් වූ කාර්යභාරය එයයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්වභාව ධර්මය හා මිනිසා - සුනන්ද රත්නායක
ස්වභාව ධර්මය හා මිනිසා - සුනන්ද රත්නායක
http://ift.tt/2ttHV0H
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_358.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_358.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy