වාන්දමන හිත කාන්සියේ හිඳ හීන්සීරුවට නොතළල්ලා තෝන්තුවාවෙන් ඉන්න වෙලාවට දොඩමළු ඒ හිත නිවපල්ලා ජෝඩු දමා එන පාන්කිරිත්තා වෙලේ කොටනවද අද...
වාන්දමන හිත කාන්සියේ හිඳ
හීන්සීරුවට නොතළල්ලා
තෝන්තුවාවෙන් ඉන්න වෙලාවට
දොඩමළු ඒ හිත නිවපල්ලා
ජෝඩු දමා එන පාන්කිරිත්තා
වෙලේ කොටනවද අද ඒ ඇත්තා
හිතාමතා මඟ ඇර ඇවිදින්දෝ
දිරච්ච අත්තේ උඹ ඉඳගත්තා
පැටවුන් දෙන්නට අඬහැර දීපන්
කඹේ නටන්නට අවසර දීපන්
උන්ගෙ අපුච්චාටත් අඬගාපන්
රබාන ඇරගෙන සුරල වයාපන්
හතර දෙනයි අපි ආවෙ කියාපන්
හතරදෙනා මට ලකුණක් දීපන්
COMMENTS