දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාකිස්තානු නිවේදිකාවගේ ක්ලාන්තය මරණයක් කළ අන්තර්ජාලය
Homeගොසිප්

පාකිස්තානු නිවේදිකාවගේ ක්ලාන්තය මරණයක් කළ අන්තර්ජාලය

PropellerAds

පාකිස්තානු නිවේදිකාවගේ ක්ලාන්තය මරණයක් කළ අන්තර්ජාලය අන්තර්ජාලයේ ‘වෛරල් නිවුස්‘ ලෙස පැතිරෙන ඇතැම් අසත්‍ය ආරංචි ලංකාවේ ඇතැම් ප්‍රධාන මා...

ක්‍රිකට් නිලවරණය කල් යයි : පාලනයට අතුරු කමිටුවක්?
එජාපයට උප සභාපතිවරු 4ක් - 3ක් ම රෝයල්.
චතුරිකාට බාර් ලයිසන් සමඟ අනිද්දා, අද කියවන්න.


පාකිස්තානු නිවේදිකාවගේ
ක්ලාන්තය මරණයක් කළ අන්තර්ජාලය

අන්තර්ජාලයේ ‘වෛරල් නිවුස්‘ ලෙස පැතිරෙන ඇතැම් අසත්‍ය ආරංචි ලංකාවේ ඇතැම් ප්‍රධාන මාධ්‍ය වල පවා ඇත්ත නැත්ත සොයා නොබලා පළවූ තවත් එක් වාර්තාවක් මේ දිනවල පැතිරෙමින් පවතී.
පාකිස්තානු රූපවාහිනී නිවේදිකාවක සජීවී පටිගත කිරීමක් අතරතුර මියගිය ආකාරය දැක්වෙනවා යයි කියන ආකර්ෂණීය වීඩියෝව එවැන්නකි.
 සුන්දර රූසපුවකින් යුත් මෙම කාන්තාව ඇස් අඩවන් කර කැරකිල්ලක් සෑදුණ ආකාරයට ක්‍රේන් එකක සිට ඇද වැටෙන අයුරුත්
ඇයව පසුව පිරිස මගින් ඔසවා යන අයුරුත්
එම වීඩියෝවේ නිරූපණය වේ.
ෆේස් බුක් ඔස්සේ වැඩි වශයෙන් පැතිර ගිය මෙම වීඩියෝව සමග පළවූ ආරංචියෙන් කියැවුනේ ඇය එම අවස්ථාවේ මියගිය බවත් හදිසි හෘද රෝගයක් මෙම මරණයට හේතුව බවත්ය.
නමුත් මේ ගැන අප කළ සොයා බැලීමේදී මෙම පුවත මුළුමණින්ම අසත්‍ය බව සහ එම පුවත ගොතා මුලින්ම පතුරා ඇත්තේ එක්තරා ඉන්දීය සමාජ මාධ්‍ය පිටුවක් සිය ප්‍රවර්ධනය උදෙසා බව සොයාගන්නට හැකිවිය.
පකිස්තානයේ 92News නමැති නාලිකාවේ සේවය කරන ඉර්සා කාන් (Irza Khan) නමැති මෙම නිවේදිකාව තවමත් ජීවතුන් අතර යහතින් සිටින්නියකි.
ඇය මින් වසරකට පෙර 2016 පාකිස්තානයේ ටෙහ්රික් ඊ පක්ෂයේ රැළියක් වාර්තා කරන්නට එළිමහනේ ක්රේනයක නැග සජීවීව වාර්තා ගෙනඑමින් සිටි අවස්ථාවක සූර්ය තාපයට නිරාවරණය වීමෙන් ක්ලාන්ත ගතියක් ඇතිවී ඉහළ සිට ඇදවැටීම මෙම සිදුවීමයි.
නමුත් එම අවස්ථාවේ අසළ අය ඇය අල්ලාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරන අතර ටික වේලාවකට පමණක් අදාළ රාජකාරියෙන් බැහැරවී නැවත සජීවී ඉදිරිපත් කිරීම ඇය විසින් සිදුකර තිබුණි.
ඇය දැනටත් පාකිස්තානු නාලිකාවන්හි ප්‍රසිද්ධ චරිතයක් වන අතර ඇය මියගිය බවට මෑතක සිට පළවන ආරංචි නිසා ඇයගේ රසික රසිකාවියන් මෙන්ම ඇයවද විස්මයට පත්කර ඇත.
මේ නිසා ඇය ඇගේ ෆේස් බුක් පිටුව ඔස්සේ ‘මම තාම යහතින්‘ කියමින් ඊයේ වීඩියෝවක්ද නිකුත් කර තිබුණි.

පදනම් විරහිත ආරංචියට මුල්වූ වෛරල් විඩියෝව හා ඇය ඊයේ නිකුත් කළ වීඩියෝව පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාකිස්තානු නිවේදිකාවගේ ක්ලාන්තය මරණයක් කළ අන්තර්ජාලය
පාකිස්තානු නිවේදිකාවගේ ක්ලාන්තය මරණයක් කළ අන්තර්ජාලය
http://ift.tt/2swSCi3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy