ලුණු පොදක් බත් තුළක ගාලා දරුවො සතියක් තොලේ ගෑවා කට්ට කරවල ග්‍රෑම් සීයට පෙට්ටි කඩයේ රනේ කොළුවට සමදරා සිය නිතඹ පෑවා මලක මල්වර හීන අකුල...
ලුණු පොදක් බත් තුළක ගාලා
දරුවො සතියක් තොලේ ගෑවා
කට්ට කරවල ග්‍රෑම් සීයට
පෙට්ටි කඩයේ රනේ කොළුවට
සමදරා සිය නිතඹ පෑවා
මලක මල්වර හීන අකුලා
ගොජ දාන කාණුවක හැලුවා
රැයේ ජරපත් හුස්ම වැදිලා
රේණුකාගේ රවුම් පියයුරු
තඩිස්සිව රතුවෙලා තිබුණා
පනස් තුන්වෙනි ඉන්ටවිව් එක
රුවන් හුස්මක් ඇදල කීව්වා
හදවතේ හරි අඩක් ගලවා
දුරට විසිකල සුනන්දාවක්
බඩෙන් කළලය ඇදල දැම්මා ......
COMMENTS