ඊයේ රාත්‍රී 119 දුරකතන අංකයට ලැබුණු පැමිණිල්ලකින් කියවුනේ කඹුරුපිටිය බෙරලිඅතුර ගම්මානයේ නිවසක් ගිනිගන්නා බවයි. පොලීසිය පැමිණිවිට දැකගැනීම...
ඊයේ රාත්‍රී 119 දුරකතන අංකයට ලැබුණු පැමිණිල්ලකින් කියවුනේ කඹුරුපිටිය බෙරලිඅතුර ගම්මානයේ නිවසක් ගිනිගන්නා බවයි. පොලීසිය පැමිණිවිට දැකගැනීමට ලැබී ඇත්තේ ගිනිගන්නා නිවෙස ආසන්නයේ සිව්දෙනෙකු ගෙල වැලලාගෙන මියගොස් සිටින බවයි.
මෙසේ මියගොස් ඇත්තේ ඒ.එච්. වික්‍රමතුංග (43) හා ඔවුන්දරුවන් වන පී.කේ. සෙව්වන්දි (16), රන්සෑගොඩ මංගල හිමි (14), ඒ.පී. හිරුණි (10) යන සිව්දෙනාය.
මෙම දරුවන්ගේ මව මීට මසකට පමණ පෙර සිට ආගිය අතක් නොමැති අතර මංගල හිමි මීට දින 10 කට පමණ පෙර සිය නිවසට පැමිණ තිබේ. ගම්වැසියන් පවසන්නේ මෙම නිවසේ පියාගේ දරුණු හැසිරීම් රටාව හේතුවෙන් අසල්වාසීන් සමග සබඳතා නොපවත්වන බවයි. මව නිවසින් ගොස් ඇත්තේ ද පියාගේ එම ක්‍රියාකලාපය හේතුවෙනි.
මෙම සිව්දෙනා මියයාමට පෙර ලිපි කිහිපයක් ද ලියා ඇති අතර නිවසේ සිටි සුනඛයා ද මරා ලිඳට දමා ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ දෙයියන්දර මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා විසින් සිදුකළ අතර කඹුරුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=F9kH6_ZNoKY&feature=youtu.be[/youtube]
COMMENTS